Author: LFN
අද (10) සිදු වූ තලාව බස් අනතුරින් මෙවර අපොස උසස් පෙළට පෙනි සිටි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. එමෙන්ම 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද වාර්තා විය. බස් රථයේ මගීන් 40කට වැඩි පිරිසක් ගමන් කර ඇති අතර තවමත් තුවාලකරුවන් රෝහල් වෙත රැගෙන එමින් පවතින බව අද දෙරණ වාර්තාකරුවන් පවසයි. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ තලාව ප්‍රදේශයේ සිට 411 ගම්මානය දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයකි. —————————————————————————————————————————— අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 20කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. තුවාල ලැබූ පිරිස අතර, පාසල් සිසුන් ද වන…
සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන රැඳවියෙකු බන්ධනාගාරයක් තුළ ජංගම දුරකථන භාවිත කරමින් සුව පහසු ලෙස රැදී සිටින ආකාරය දැක්වෙමින් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝ පටය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. අදාළ රැඳවියා සිය ජංගම දුරකථනය නරඹමින් මත්ද්‍රව්‍ය භාවිත කරන අකාරය මෙන්ම තවත් රැඳවියෙකු විසින් ඔහුගේ හිස සම්බාහනය කරන ආකාරය එම වීඩියෝ පටයේ දැක් වේ. එම වීඩියෝ පටයේ සිටින රැඳවියා බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු බවට ද සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු පළ වී තිබුණි. ඒ අනුව මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත. අද දෙරණ කළ විමසීමකදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම සිදුවීම බූස්ස…
තලාව, ජයඟග පාර ප්‍රදේශයේ දී බිහිසුණු බස් අනතුරක් සිදුව තිබේ. උසස් පෙළ විභාගයට පෙනී සිටි පාසල් දරුවන් ද බස් රථයේ සිට ඇති අතර, තුවාලකරුවන් මේ වනවිට තඹුත්තේගම සහ තලාව රෝහල් වෙත ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.
අලුත්ගම ප්‍රදේශයේ සිට රැගෙන එන හෙරොයින් බදුල්ල හා බණ්ඩාරවෙල යන ප්‍රදේශවලට අලෙවි කිරීමේ ජාවාරමක සුලමුල හෙළි කරගනිමින් ඊට සම්බන්ධ සැකකරුවෙක් සහ සැකකාරියන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ , ඇසුරුම් කළ හෙරොයින් පැකට් දහසක්ද සමගිනි. හාලිඇළ ප්‍රදේශයේ නිවසක පදිංචි 28 හා 30 හැවිරිදි වියේ පසුවන එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් බදුල්ල හා බණ්ඩාරවෙල ප්‍රදේශවලට මත්කුඩු බෙදාහරින බවට පොලීසියට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් එම නිවසට ගොස් තිබුණි. ඒ වනවිටත් මත්කුඩු ඇසුරුම් කරමින් සිටි සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ අලුත්ගම සිට පැමිණෙන පුද්ගලයෙක් ඔවුන්ට හෙරොයින් සපයන බවය. ඔහු කොටුකර ගැනීම සඳහා බණ්ඩාරවෙල පොලීසිය උපායක් යොද තිබුණි. ඒ…
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට හඳුන්වා දුන් 1818 දුරකථන අංකයට පැමිණිලි 800කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය දින 4 තුළ මෙම පැමිණිලි 800 ලැබී තිබූ බවය. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (09) පැවැති විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටුදැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් මෙහෙයුම් වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. “පාසල්වල තොරතුරු ලැබිලා තිබෙනවා. 1818 ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වාදීමෙන් පසු දින 4ක් ඇතුළත දුරකථන ඇමතුම් 800ක් විතර ලැබිලා තිබුණා. ඒවා පොලිස්පතිතුමාට භාරදීලා තියෙනවා..වැටලීම් කරන්න. කොළඹ දිස්ත්‍රික්කයෙන් තොරතුරු විශාල ප්‍රමාණයක් එනවා.” “ඒ වගේම මෙම මෙහෙයුම් ආරම්භ කරපු…
ලිංගික අපචාර සහ පීඩනවලින් වැළකී සිටීම සඳහා වයසට සුදුසු පරිදි ලිංගික අධ්‍යාපන ක්‍රමවේදයක් දරුවන් වෙත ඉදිරිපත් කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. මහනුවරදී පැවති වැඩසටහනක් අමතමින් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ ඒ සඳහා සැලසුම් සකස් කිරීම විශේෂඥයින්ගේ නිර්දේශ සහ උපදෙස් ලබාගෙන ක්‍රියාත්මක කරන බවය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මහනුවර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයින් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මෙලෙස පැවැත්වුණි. එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, “6 වසරට, වයසට ගැලපෙන විදියට පොතක් අපි සකස් කරලා තියෙන්නේ. ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතුයි කියන ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂයෙන්ම පවුල් සෞඛ්‍ය ඒකක විසින් නිරන්තරයෙන්ම කියන දෙයක්. අපේ රට තුල ලිංගික…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අදට (10) යෙදී තිබේ. අයවැය දෙවන වර කියවීමේ විවාදය දින 6ක් පැවැත්වෙන අතර ඡන්ද විමසීම නොවැම්බර් 14 වන සිකුරාදා පස්වරු 6.00ට පැවැත්විමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි. අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 15 සිට දින 17ක් පැවැත්වීමෙන් පසු අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5වන දින පස්වරු 6.00ට සිදුකිරීමට නියමිතය. අයවැය කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෑම දිනකම අයවැය විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය. 2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434ක් වේ. එළැඹෙන වසර සඳහා වන…
මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට අදාළව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ. පසුගියදා පැවැති එම සාකච්ඡාවේදී මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ ඉදිරි වසර 10 සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට සරිලන ආකාරයට ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීමේ හැකියාව පිළිබඳවත් ඒ සඳහා අනුගමනය කළ යුතු කෙටිකාලීන සහ දිගු කාලීන ක්‍රමවේදයන් පිළිබඳවත් පුළුල්ව විමසා බැලුණි. ඩිජිටල්කරණය සඳහා උපායමාර්ගික රාමුවක් ස්ථාපත කිරීම, ඩිජිටල් මාධ්‍ය හරහා සෞඛ්‍ය ආරක්ෂණ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ඒ සඳහා ජාත්‍යන්තර සහාය ඇතිව ප්‍රධාන ව්‍යාපෘති අනුගතකර ක්‍රියාත්මක කිරීම, ඩිජිටල් පරිවර්ථනය සඳහා ප්‍රධාන සංකල්ප සහ අවශ්‍යතා, මෙහෙයුම්…
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (10) ආරම්භ වන අතර එය දෙසැම්බර් මස 05 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362කදී පැවැත්විමට නියමිතය. මෙවර විභාගය සදහා අයදුම්කරුවන් 340,525දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර පාසල් අයදුම්කරුවන් 246,521දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,004 දෙනෙකු ඊට ඇතුළත් වේ. විභාගය ආරම්භ වීමට පැයකට පෙර සියලුම අයදුම්කරුවන් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළාය. මේ අතර විභාගය සඳහා පෙනී සිටින දරුවන් සදහා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති පී.ඒ චන්ද්‍රපාල මහතා පවසයි. එමෙන්ම විභාගය පවතින කාලසීමාව තුළ ආපදා හේතුවෙන්…