Author: LFN
මෙවර උසස් පෙළ විභාග කටයුතු අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 2025 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඊයෙන් (10) ආරම්භ වු අතර විභාගය දෙසැම්බර් මස 05 වන දින දක්වා පැවැත්වීමට නියමිතය. උසස් පෙළ විභාගයේ කටයුතු අද සාර්ථකව ආරම්භ වු අතර ඒ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය මෙලෙස අදහස් පළ කළාය. ” නියමිත වේලාවටම විභාගය ආරම්භ වුණා. ඒ වගේම දිවයිනේ සියලුම විභාග මධ්‍යස්ථානවල කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි විභාගය පැවැත්වුණා. මේ වනවිට අපි සැලසුම් සකස් කරලා තියෙනවා විභාගය අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට.…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු එම පක්ෂයේ කණ්ඩායමක් වසර 10කට පමණ පසු ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වෙත පැමිණ තිබුණි. ඒ එළඹෙන නොවැම්බර් 21 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ජන රැලිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහාය. වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපයන්ට එරෙහිව එළඹෙන නොවැම්බර් 21 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ජනරැලිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අද ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ තිබුණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයට පැමිණියේ වසර 10කට පමණ පසුවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය…
මාලදිවයින් මුහුදු සීමාවේ දී ආරක්ෂක අංශ භාරයට ගත් මෙරට ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය අඩංගු බවට මාලදිවයින පොලීසිය නිල වශයෙන් තහවුරු කර තිබේ. නීතිවිරෝධී ලෙස මාලදිවයින් මුහුදු සීමාවට ඇතුළු වූ අදාළ ධීවර යාත්‍රාව පසුගිය නොවැම්බර් මස 7 වන දින එරට ජාතික ආරක්ෂක බලකායේ වෙරළාරක්ෂක නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබුණි. එම යාත්‍රාව අවිශ්ක පුතා නැමැති ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් වන බවත් එහි මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 355කට අධික ප්‍රමාණයක් පැවති බවත් මාලදිවයින් පොලීසිය තහවුරු කර තිබේ. එම ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 5 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව මාලදිවයින් පොලීසිය පැවසීය. අදාළ ධීවරයින් සහ යාත්‍රාව සම්බන්ධයෙන් මාලදිවයින් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර එරට අධිකරණය…
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඵෙතිහාසික රතු බලකොටුව ආසන්නේ මෝටර් රථයක් තුළ සිදුවූ පිපිරීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. රතු බලකොටුව අසල මෙට්‍රෝ දුම්රිය ස්ථානයට පිවිසෙන මාර්ගයේ රථවාහන සංඥා කණුවක් අසල ඊයේ (10) පස්වරු 06.52ට පමණ මෙම පිපිරීම සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. අධිබලැති පුපුරණ ද්‍රව්‍ය අටවා තිබූ මෝටර් රථයක් මෙලෙස පිපිරීමට ලක්ව ඇති අතර පිපිරීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ද වාර්තා වේ. මෙම පිපිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රමුඛතම ත්‍රස්ත විමර්ශන ආයතනය වන ජාතික විමර්ශන ඒජන්සිය සහ ජාතික ආරක්ෂක බලකාය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ. මෙම පිපිරීමත් සමග මුම්බායි, කොල්කටා, බැංගලෝර්, ජායිපූර්, හර්යානා, පන්ජාබ්,…
කොළඹ නගරය ඇතුළු බස්නාහිර පළාත තුළ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සොරකම් කිරීමේ සිදුවීම්වල වර්ධනයක් දක්නට ලැබෙන බව පොලීසිය පවසයි. මාර්ගවල නවතා ඇති යතුරුපැදි සහ ත්‍රිරෝද රථ මෙලෙස සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලීසියට පසුගිය දින කිහිපය තුළ විශාල වශයෙන් පැමිණිලි ලැබී ඇති බව සඳහන්ය. පසුගිය 8 සහ 9 යන දින දෙක තුළ පමණක් බස්නාහිර පළාත තුළ යතුරුපැදි 10ක් සහ ත්‍රිරෝද රථ 3ක් එලෙස සොරකම් කර ඇති බව පොලීසිය සඳහන් කළේය. මේ පිළිබඳව සොයාබැලීම සඳහා විශේෂ විමර්ශන කණ්ඩායම් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ වුට්ලර් මහතා පවසයි.
කොටහේනේදී පසුගියදා වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු කොළඹ දිසා අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අදාළ ඝාතනය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබූ බවය. අත්අඩංගුවටගත් සැකකරුවන් සමග A9 මාර්ගයේ චෙන්මනි හංදිය ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ ජංගම දුරකථනයක් ද ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ. අදාළ සැකකරුවන් අවුරුදු 18ත් 33ත් අතර වයස්වල පසුවන්නන් වන අතර, සැකකාරියන් දෙදෙනා අවුරුදු 24 හා 26 යන වයස්වල පසුවන්නන්ය. ඔවුන් ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචි අය බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (11) පැවැත්වේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකිය. බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
බුත්තල – මොනරාගල ප්‍රධාන මාර්ගයේ එකොළහ කණුව ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ. අද (10) දහවල් එම අනතුර සිදුව ඇති බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය. මෙම අනතුරින් ලොරි රථයේ රියදුරු සහ සහායක බරපතළ තුවාල ලබා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇත. ඊට අමතරව බස් රථයේ සිටි මගීන් කිහිපදෙනෙකු ද සුළු තුවාල ලබා ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොමැති බව පොලීසිය පැවසීය. අනතුර සම්බන්ධයෙන් බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් බවතින බවය. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බවත් මේ අනුව අකුණු මගින් ඇතිවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලීමක්ද සිදුකරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.