Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාලදිවයින් ආරක්ෂක අංශ භාරයට ගත් මෙරට ධීවර යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍යවල තොරතුරු හෙළිවෙයි
    Featured

    මාලදිවයින් ආරක්ෂක අංශ භාරයට ගත් මෙරට ධීවර යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍යවල තොරතුරු හෙළිවෙයි

    By LFNNovember 11, 2025No Comments2 Mins Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාලදිවයින් මුහුදු සීමාවේ දී ආරක්ෂක අංශ භාරයට ගත් මෙරට ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය අඩංගු බවට මාලදිවයින පොලීසිය නිල වශයෙන් තහවුරු කර තිබේ.

    නීතිවිරෝධී ලෙස මාලදිවයින් මුහුදු සීමාවට ඇතුළු වූ අදාළ ධීවර යාත්‍රාව පසුගිය නොවැම්බර් මස 7 වන දින එරට ජාතික ආරක්ෂක බලකායේ වෙරළාරක්ෂක නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබුණි.

    එම යාත්‍රාව අවිශ්ක පුතා නැමැති ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් වන බවත් එහි මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 355කට අධික ප්‍රමාණයක් පැවති බවත් මාලදිවයින් පොලීසිය තහවුරු කර තිබේ.

    එම ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 5 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව මාලදිවයින් පොලීසිය පැවසීය.

    අදාළ ධීවරයින් සහ යාත්‍රාව සම්බන්ධයෙන් මාලදිවයින් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර එරට අධිකරණය විසින් ලබාගත් වරෙන්තුවකට අනුව ධීවර යාත්‍රාව ඊයේ (10) දිනයේ වි‍ශේෂ සෝදිසි කිරීමකට ලක්කර තිබුණි.

    ඒ අනුව එම යාත්‍රාවේ මලු 24ක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 58යි ග්‍රෑම් 600ක්, මෙතම්ෆෙටමින් හෙවත් අයිස් කිලෝග්‍රෑම් 297යි ග්‍රෑම් 300ක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

    ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය සහ මාලදිවයින් ජාතික ආරක්ෂක බළකාය සහ පොලිසිය එක්ව ඒකාබද්ධව සිදුකළ විමර්ශනයකට අනුව මෙම වැටලීම සිදුකළ බව මාලදිවයින් පොලීසිය පවසයි.

    අත්අඩංගුවට ගත් ධීවරයින් 5දෙනා වයස අවුරුදු 39, 42, 28, 34 සහ 63 වයසේ පසුවන ශ්‍රී ලාංකිකයින් බව අනාවරණය වී තිබේ.

    මාලදිවයින් ආරක්ෂක අංභ භාරයට ගත් මෙම මත්‍ද්‍රව්‍ය තොගය මාලදිවයින් මුහුදු සීමාවේ දී මෙතෙක් වාර්තා වූ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ලෙස වාර්තා වේ.

    මේ අතර මාලදිවයින් ආරක්ෂක අංශ භාරයේ සිටින ශ්‍රී ලාංකික ධීවරයින් පිරිස සහ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් එරට නීතීපතිවරයාගේ උපදෙස් මත ශ්‍රී ලංකාවට රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බව පොලීසිය පවසයි.

    ඒ සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සහ, නාවික හමුදාවේ විශේෂ කණ්ඩායමක් මාලදිවයින වෙත ගොස් සිටින අතර එරට ආරක්ෂක අංශවල උපදෙස් පරිදි විමර්ශන ආරම්භ කිරීමට සැලසුම් කර ඇකි බව වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.