Author: LFN
ඉන්දියාවේදී සහ පාකිස්ථානයේදී සිදුවූ පිපීරීම්වලින් ලංකාවට කිසිදු අවදානමක් නොමැති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. ඔහු පවසන්නේ මෙරට බුද්ධි අංශ සක්‍රීයව පැවතීම හේතුවෙන් මෙරට ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් නොමැති බවය. “දැනට එහෙම තර්ජනයක් ගැන තොරතුරක් අනාවරණය වෙන්නේ නෑ. ලංකාවේ බුද්ධි අංශය සක්‍රීයව පවතිනවා. අපේ ආරක්ෂක අංශය විශේෂයෙන් ත්‍රිවිධ හමුදාව හා පොලීසිය ජාතික ආරක්ෂාව ගැන සුවිශේෂි අවධානයකින් පසුවෙනවා. ඒ නිසා ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් නෑ.” විදේශ ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙලෙස අදහස් පල කළේය. ප්‍රශ්නය – පාතාල පිරිසක් ලංකාවට එන්න කැමැත්තෙන් ඉන්නවා කියලා කිව්වා නේද? “නෑ එහෙම කිව්වේ නෑ. මත්ද්‍රව්‍ය ජාවාරම් කරන සමහර…
ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (11) මෙම අනතුර සිදුව තිබුණේ, තඹුත්තේගම, කහවත්ත, සිරිපුර, කොකාවැව සහ මාතර යන පොලිස් වසම්වලදීය. තඹුත්තේගම 27 හන්දිය මාර්ගයේ ලුණුවැව ප්‍රදේශයේදී යතුරුපැදියක් ඊට ඉදිරියෙන් එම දිශාවට ධාවනය වූ ලොරි රථයකට ඉස්සර කිරිමේදී ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි පුද්ගලික බස් රථයක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකරු තුවාල ලබා ප්‍රතිකාර සඳහා තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමේදී පසුපැදිකරු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, ලපනාව ජනපදය, නොච්චියාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙකි. මේ අතර මාකදුර සිට මාදම්පේ හන්දිය හරහා කහවත්ත දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක…
පාසල් සිසුවෙකුට දිවි අහිමි කරමින් තවත් මගීන් 40ට ආසන්න පිරිසකට බරපතළ සහ සුළු තුවාල ගෙන දෙමින් තලාව ජයගඟ දී සිදුවූ බස් රථ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බස් රථයේ රියදුරු මේ මස 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. තඹුත්තේගම මහෙස්ත්‍රාත් ගයාත්‍රී හෙට්ටිආරච්චි මෙනවිය විසින් මෙම නියෝග ලබාදුන් බව වාර්තාවේ. අනතුර සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා එහි ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය තඹුත්තේගම පොලීසියේ රථවාහන අංශයට නියෝග කර තිබේ. මේ අතර, අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බස් රථයේ රිය සහායකවරයා රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (12) පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවය. උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය…
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවක වැඩිදුර විභාගය දෙසැම්බර් මස 09 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (11) නියම කළේය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඞ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවකු වශයෙන් නම්කර සිටින රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු නියෝජ්‍ය මුදල් කළමනාකරුවකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය. ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 09 වනදා දක්වා කල් තැබුණි. කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටි සමයේ ඔහුගේ පෞද්ගලික ජංගම දුරකථනයේ බිල වන රුපියල් 240,000ක මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල්වලින්…
රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා ලබාදීමට අපේක්ෂා කරන වාහන කිසිදු අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලුදෙනාට හිමි නොවන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. අද (11) දින පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, මේ වනවිට දැනට රජයෙන් වාහන ලබාදී සිටින පිරිසට මෙම අලුත් වාහනවල අවශ්‍යතාවයක් නොමැති බවය. අයවැය කතාව පවත්වමින් පසුගිය දා ජනාධිපතිවරයා විසින් රාජ්‍ය සේවය සඳහා කැබ් රථ 1775ක් ගෙන්වීම සම්බන්ධයෙන් ප්‍රකාශ කළ බවත් එම කැබ් රථ ලබාදීමට අපේක්ෂා කරන්නේ කා හටද යන්න පිළිබඳව මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. රජය අපේක්ෂා කරන සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන…
පුත්තලම – ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය එක්සත් ජාතික පක්ෂයේ සහායෙන් සම්මත කරගැනීමට ජාතික ජන බලවේගය අද (11) සමත් වුණි. ඒ එහි ඡන්ද සමවූ පසු පැවති ඡන්ද විමසීමේදී තීරක ඡන්දය දිනාගනිමිනි. පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල අනුව සභිකයින් විසි දෙදෙනෙකුගෙන් සමන්විත ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් සභිකයින් 10ක්, සමගි ජන බලවේගයෙන් සභිකයින් 06ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සභිකයින් 02ක්, පොදුජන එක්සත් පෙරමුණෙන් සභිකයින් 02ක්, එක්සත් ජාතික පක්ෂයෙන් සහ ස්වාධීන කණ්ඩායමකින් එක් සභිකයෙකු බැගින් තේරී පත්වුණි. කෙසේ වෙතත්, එම ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ජාතික ජන බලවේගයට පැවති රහස් ඡන්ද විමසීමේදී හිමිවූයේ විපක්ෂය නියෝජනය කරන සභිකයින් දෙදෙනෙකුගේ සහාය හිමිවීම…
ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින කාණ්ඩ කිහිපයක BYD වාහන තොගයක් බැංකු ඇපකර සහ සමාගම් ඇපකර මත මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව අද (11) අභියාචනාධිකරණය හමුවේ එකඟතාවය පළ කළේය. ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින අදාළ වාහන මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම වාහන ආනයනය කළ පුද්ගලික සමාගම විසින් ගොනුකළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුව විසින් මෙම එකඟතාවය පළ කර සිටියේය. ඒ අනුව රේගුව භාරයේ රඳවා සිටි BYD ඇටෝ ප්‍රිමියම් කිලෝ වොට් 70, ඇටෝ ඩයිනමික් කිලෝ වොට් 45, ඇටෝ ප්‍රිමියම් කිලෝ වොට් 45, ඩොල්ෆින් ඩයිනමික් කිලෝ වොට් 70 යනාදී කාණ්ඩවලට අයත් වාහන 625ක් බැංකු ඇපකර හා සමාගම් ඇපකර…
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ මෝටර් රථයක් තුළ සිදුවූ ප්‍රබල පිපිරීම ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මරාගෙන මැරෙන බෝම්බකරු ලෙස සැකකරන පුද්ගලයා වෛද්‍ය උමාර් මොහොමඩ්ගේ බවත් ඔහුගේ ඡායාරූපයද අනාවරණය වී තිබේ. ඔහු 1989 පෙබරවාරි 24 වන දින උපත ලබා ඇති බවත් ජම්මු – කාශ්මීරයේ පුල්වාමා හි අල් ෆලා වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කර ඇති බවත් සඳහන් වේ. මෙම ප්‍රහාරය සිදු වීමට පෙර ත්‍රස්ත ප්‍රහාරයක් සිදු වන බවට ලැබුනු තොරතුරු මත ජම්මු – කාශ්මීරයේ සහ හර්යානා පොලිස් කණ්ඩායම් විසින් ඊයේ (10) ත්‍රස්ත කණ්ඩායමක සගයන් වූ වෛද්‍යවරුන් දෙදෙනෙකු වන වෛද්‍ය ආදිල් අහමඩ් රාදර් සහ…
කටුනායක ගුවන් තොටුපළේ ගුවන් ගැල් ගම්මානය වෙත මෝටර් රථයකින් අනවසරෙන් ඇතුළුව සිටි පුද්ගලයෙකු. ගුවන් හමුදාව මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තඹුත්ත, පාළුගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. මෙම පුද්ගලයා ඊයේ (10) රාත්‍රියේ මෝටර් රථයෙන් ගුවන් ගැල් ගම්මානයට අනවසරයෙන් ඇතුළු වී මෝටර් රථය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන්, එහි ආරක්‍ෂාවට යොදවා සිටි ගුවන් හමුදා සාමාජිකයන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා කටුනායක ගුවන්තොටුපළ පොලිසිය වෙත ඉදිරිපත් කර ඇත. සැකකරුවූ බීමතින් සිට ඇති බව පොලිසිය සඳහන් කරයි. මොහු අනවසරයෙන් ගුවන් ගැල් ගම්මානයට මෝටර් රථයකින් ඇතුළු වූයේ ඇයිද යන්න හෙළි කර ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇත.