Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
මෙම වසරේ අපේක්ෂිත රේගු ආදායම තවත් දින තුනක් තුළ ළඟා කරගත හැකි බව ශ්‍රී ලංකා රේගුව පවසයි. රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේ, රේගු ඉතිහාසයේ දිනක් තුළ ඉපැයූ වැඩිම ආදායම වන රුපියල් බිලියන 27.7ක ආදායමක් පසුගිය 06 වැනිදා වාර්තා වූ බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා, ”රේගු ඉතිහාසයේ වැඩිම ආදායම වාර්තා කරලා තිබෙන මේ දක්වා 2025.10.15 වැනිදා. අපි එක් දිනකදී රුපියල් බිලියන 24කට අධික ප්‍රමාණයක් එනම් 24.4ක් වගේ ප්‍රමාණයක ආදායමක් ලැබුණා. මේ මාසේ නොවැම්බර් මාසේ හය වෙනිදා රුපියල් බිලියන 27.7ක ආදායමක් ලැබුවා. එතකොට ඒක තමයි දැන් මේ වෙනකොට එක් දිනකදී ලබපු වැඩිම ආදායම. මේ හය…
අස්වැසුම වාර්ෂික තොරතුරු යතාවත් කිරීම් මේ වන විට ආරම්භ වී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. එම මණ්ඩලය පැවසුවේ 2023 කාලය තුළ අස්වැසුම පළමුවරට ලියාපචිංචි වී දැනට ප්‍රතිලාභ ලබන සහ නොලබන පවුල්/ තැනැත්න් මෙම යතාවත් කිරීම් සිදු කිරීම් සිදුකළ යුතු බවය. කෙසේ නමුත් 2024 වසරේ දුක්ගැනවිලි ලබා දුන් අයදුම්කරුවන්ට තොරතුරු යථාවත් කිරී අනිවාර්ය නොවන බවත් මීට හේතුව වනුයේ තොරතුරු සමීක්ෂණය සඳහා එම අයදුම්කරුවන් දැනටමත් යොමු කර ඇති බවත් එම මණ්ඩලය සඳහන් කර තිබේ. එමෙන්ම නැවත තොරතුරු සහතික කිරීමේදී පවුලේ සාමාජිකයින්ගේ ජාතික හැඳුනුම්පතේ සහ සක්‍රීය ජංගම දුරකථන අංකයක් තිබීම අත්‍යවශය බවද එම මණ්ඩල සඳහන් කළේය. එම මණ්ඩලය සඳහන් කළේ අන්තර්ජාල සහිත…
ඉන්දියාවේ මැර කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ දාවුඩ් ඊබ්‍රහිම් නැමැත්තාගේ කල්ලිය වන ඩාවුඩ් ඊබ්‍රාහිම් සින්ඩිකේට් නම් සංවිධානය දකුණු ඉන්දියාව හරහා තම මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ඉදිරියට කරගෙන යාම සඳහා මාර්ග ගවේෂණය කිරීමට උත්සාහ දරන බව ඉන්දීය බුද්ධි අංශ වෙත අනාවරණය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. මත්ද්‍රව්‍ය සහ ජාවාරම් සඳහා දිගු කලක් ප්‍රසිද්ධව සිටින D සින්ඩිකේට් නම් සංවිධානය විසින් සිය මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී සංවිධානයක් වූ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් LTTE සංවිධානයේ හිටපු ඇතැම් සාමාජිකයින් සහ ක්‍රියාකාරීන් සම්බන්ධ කරගෙන ඇති බවත් ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත. ඒ අනුව මෙම කල්ලි විසින් ඇති කරගන්නා…
ගම්පහ, ඉදුරුගල්ල ප්‍රදේශයේ නිවසක් තුළදී ඝාතනය කර වැසිකිළිවලකට දමා තිබූ පුද්ගල මළ සිරුරක් අධිකරණ නියෝග මත ගම්පහ පොලිසිය විසින් ඊයේ (08) ගොඩගනු ලැබීය. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඉදුරුගල්ල ප්‍රදේශයේම පදිංචිව සිටි 61 හැවිරිදි විවාහක පුද්ගලයෙකි. අදාළ ඝාතනය පසුගිය 2024.09.08 දින සිදු වී ඇති අතර ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ සොහොයුරකු විසින් අතුරුදන් වීමක් සම්බන්ධව ගම්පහ පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබුණි. කෙසේවෙතත් වසරක පමණ විමර්ශනයකින් පසුව අනාවරණය වූ කරුණු අනුව පොලීසිය විසින් පසුගිය (06) දිනයේ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඝාතනයේ සුලමුල හෙළි කර ගැනීමට හැකි වී ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (09) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවය. බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු වත්තල පොලිස් වසමේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (08) උදෑසන මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. වත්තල පොලිස් වසමේ අල්විස් ටවුන් හන්දිය ප්‍රදේශයේදී වත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පොලිස් අණ නොතකා ධාවනයකළ මෝටර් රථයක් පසුපස හඹා ගොස් එම රථය නවතා පරීක්ෂා කර ඇත. එහිදී එම රථයේ රියදුරු අසුන යට සඟවා තිබූ පිස්තෝල වර්ගයේ ගිනිඅවියක්, එම පතරොම් ගැබක් තිබී හමුවී ඇති බව පොලීසිය පවසයි. ඒ අනුව, මෝටර් රථය හා එහි රියදුරු ලෙස සිටි පුද්ගලයා ගිනිඅවියක් සන්තකයේ තබා ගැනීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මෙම අවිය තවත් පුද්ගලයෙකුට ලබාදිමට රැගෙන…
සීගිරිය පොලිස් වසමේ අවුඩංගාව ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිහිනුම් තටාකයක ගිලී දරුවෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ ඊයේ (08) සවස මෙම අවාසනාවන්ත සිද්ධිය වාර්තා වූ බවය. මියගොස් ඇත්තේ වදළුගම, කැළණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 05 හැවිරිදි දරුවෙකි. මෙම දරුවා දෙමව්පියන් සමඟ පිහිනුම් තටාකයේ දියනාමින් සිටියදී මෙසේ අනතුරට පත්ව ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. මෘත ශරීරය දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සීගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් 08 හැවිරිදි දරුවෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (08) මෙම අනතුරු සිදුව තිබුණේ මාතලේ, තණමල්විල, වැලිකන්ද සහ කොටවිල පොලිස් වසම්වලදීය. වැලිකන්ද පොලිස් වසමේ අසේලපුර කුරුළුබැද්ද මාර්ගයේ අසේලපුර ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක මාර්ගය හරහා ගමන් කල දරුවෙකු ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ එම දරුවා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, අසේලපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 08 හැවිරිදි දරුවෙකි. මේ අතර මහනුවර – යාපනය මාර්ගයේ දියබුබුල පාලම අසලදී මාතලේ දෙස සිට ඇල්වල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගය හරහා ගමන්කළ පදික පුද්ගලයෙකු ගැටී අනතුරක් සිදුව ඇත.…
අමෙරිකානු සෙනෙට් සභාවේදී අවශ්‍ය අරමුදල් ලබා දීමේ පනත් කෙට්ම්පත් සම්මත නොවීම හේතුවෙන් එක්සත් ජනපදය තුළ හටගෙන ඇති අර්බුද තවත් උග්‍ර වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ෆෙඩරල් රජය වසා දැමීමත් සමග ගමනාගමනය කපා හරින ලෙස ගුවන් සමාගම්වලට දැනුම් දීමෙන් පසු එක්සත් ජනපදයට යාම් සහ ඒම් ඇතුළත් ගුවන් ගමන් 1,400කට වැඩි ප්‍රමාණයක් අවලංගු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත. ගුවන් ගමන් නිරීක්ෂක FlightAware ආයතනයට අනුව පසුගිය සිකුරාදා දිනයේදී ගුවන් ගමන් 7,000කට වඩා ප්‍රමාදයක් සිදුව තිබුණි. අමෙරිකානු පාර්ලිමේන්තුවේ මූල්‍ය පනත් කෙටුම්පතට අවසර නොලැබීම හේතුවෙන්, රජයේ අංශවලට අරමුදල් වෙන් කිරීමට නොහැකි වී ඇති අතර, එදිනෙදා වැඩ…
දිළිඳුබව අවම කිරිමේ අරමුණින් සහ පොල් වගාව රට පුරා ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ගෙවතු පොල් වගාවට පොල් පැළ ලක්ෂ පහක් නොමිලේ බෙදා දීම අද (09) ආරම්භ වීමට නියමිතව තිබේ. ඒ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි. ඒ අනුව අද පෙරවරු 10.00ට අම්පාර උහන නගරයේදී මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතය. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය අතර පසුගිය දා අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමකට අනුව මෙම ව්‍යාපෘතිය පැවැත්වේ. මෙහිදි, උතුරු පොල් ත්‍රිකෝණය සඳහා…