Close Menu
Lanka Focus News
    What's Hot

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකා – පාකිස්තාන ඉතිරි තරග දෙකේ දින වෙනස් වෙයි ?
    Featured

    ශ්‍රී ලංකා – පාකිස්තාන ඉතිරි තරග දෙකේ දින වෙනස් වෙයි ?

    By LFNNovember 13, 2025No Comments2 Mins Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය අද (13) දිනයේ නොපැවැත්වෙන අතර එය හෙට දිනයේ (14) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

    ඒ අනුව, තෙවන එක්දින ක්‍රිකට් තරගය ලබන 16 වන දින පැවැත්විමට නියමිතය.

    ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පාකිස්ථාන බලධාරීන් සහතිකයක් ලබා දී ඇති බැවින් සැලසුම් කළ පරිදි තරගාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වාදෙන්නේ ඒ පිළිබඳව සියලු ක්‍රීඩකයින්ට, කාර්යය මණ්ඩලයට සහ කණ්ඩායමේ කළමනාකාරීත්වයට දැනුම් දී ඇති බවය.

    පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව පාකිස්තානයේ සංචාරයේ නිරත ශ්‍රි ලංකා ක්‍රීඩකයින් පිරිසක් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට ඉල්ලීම් කර තිබුණි.

    එම ඉල්ලීම සැලවු වහාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහාම ක්‍රියාත්මක වී ක්‍රීඩකයින් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

    සෑම ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුගේම ආරක්ෂාව සහතික කිරීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ආරක්ෂක බලධාරීන් එකඟ වී ඇති බවය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙයි.

    එම නිසා තරගාවලිය සැලසුම් කළ පරිදි පවත්වාගෙන යාමට තීරණය කර ඇති අතර ඒ පිළිබඳව සියලු ක්‍රිඩකයින්ට සහ කළමනාකාරීත්වයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

    කෙසේවෙතත් ක්‍රිකට් ආයතනය නිකුත් කළ නියෝගය නොතකා ක්‍රීඩකයෙකු යළි ශ්‍රි ලංකාවට පැමිණීමට තීරණය කළහොත් ඒ සඳහා අදේශක ක්‍රිඩකයින් යොමුකරන බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    යම් හෙයකින් කිසියම් ක්‍රීඩකයෙකු හෝ කාර්යය මණ්ඩල සාමාජිකයෙකු ආපසු පැමිණියහොත් ඔවුන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 202605 Views

    දිවිසැරිය නිමකළ ප්‍රවීණ ගායන ශිල්පිනි, විශාරද නන්දා මාලනී මහත්මියගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (22) සිදු…

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.