Author: LFN

ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ ශ්‍රීනගර් හි නව්ගම් පොලිස් ස්ථානයේ ඊයේ (14) රාත්‍රියේ පිපිරීමක් සිදුව තිබේ. එම පොලිස් ස්ථානය ගබඩාකර තිබූ අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් පරීක්ෂාකිරීමට යාමේදී මෙම පිපිරීම සිදුව ඇත. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, විශාල පුපුරණ ද්‍රව්‍ය තොගයක් මෙලෙස පුපුරාගොස් ඇති බවත්, ඒ හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තවත් 27ක් තුවාල ලැබූ බවය. කෙසේ නමුත් තුවාල ලැබූවන්ගෙන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව එම වාර්තාවන්හි දැක්වේ. මියගිය අය අතර පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂා කරමින් සිටි පොලිස් නිලධාරීන් සහ අධිකරණ වෛද්‍ය කණ්ඩායම් නිලධාරීන් ද සිටින බව සඳහන්. පසුගියදා නවදිල්ලි නුවර සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තිදෙනෙකු එරට…

Read More

අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද (15) සිට ආරම්භ වේ. ඒ අනුව විවාදය අද සිට දින 17ක් පැවැත්වීමට නියමිතය. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වනදා ප.ව. 6ට සිදුකරන බවය. මේ අතර 2026 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් ඊයේ (14) සම්මත විය. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 160ක් සහ විරුද්ධව ඡන්ද 42ක් ලැබුණු අතර, 8 දෙනෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියේය. ඒ අනුව වැඩි ඡන්ද 118කින් අයවැය දෙවන වර කියවීම සම්මත විය. මෙහිදී විපක්ෂය නියෝජනය කරන මනෝ ගනේෂන්, රාධා ක්‍රිෂ්ණන්, පලනි දිගම්බරන් හා…

Read More

ඊශ්‍රායලයේ දී ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකු ඝාතනයට ලක්ව තිබේ. ඊයේ රාත්‍රී ටෙල්අවිව් ජෆා ප්‍රදේශයේ වෙරළ තීරයක දී තියුණු ආයුධයකින් පහරදී අදාළ ශ්‍රී ලාංකිකයා ඝාතනය කර ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේය. ඝාතනයට ලක්ව ඇත්තේ ගාල්ල, බටපොල ප්‍රදේශයේ සිට ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියාවක් සඳහා මීට මාස දෙකකට පමණ පෙර පැමිණි 38 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු බව සඳහන් වේ. අප්‍රිකානු සම්බවයක් සහිත පුද්ගලයෙකු සමඟ ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් ඔහු විසින් අදාළ ශ්‍රී ලාංකිකයා ඝාතනය කර ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව නිමල් බණ්ඩාර මහතා පැවසීය. ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා එරට පොලීසිය විමර්ශන ආරම්භ කර…

Read More

ජාතික ජන බලවේගයට බලය හිමි ඌවපරණගම ප්‍රාදේශීය සභාවේ අයවැය අද (14) දින පරාජයට පත්ව තිබේ. ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ සභාපති දිනදාස රත්නායක මහතා විසින් අයවැය ඉදිරිපත් කර ඇති අතර, එහිදී අයවැයට පක්ෂව ජාතික ජන බලවේගයේ සභිකයින් 20 දෙනාම ඡන්දය ලබාදී ඇත. මෙහිදී අයවැයට විපක්ෂව එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, පොදුජන එක්සත් පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ, සර්වජන බලවේගය හා පෙරටුගාමී පක්ෂය සිය ඡන්දය භාවිත කර තිබුණි. ඒ අනුව වැඩි ඡන්ද 1කින් ඌවපරණගම ප්‍රාදේශීය සභාවේ අයවැය ආණ්ඩුව පරාජයට පත්ව තිබේ.

Read More

ඇතැම් මන්ත්‍රීවරුන් උත්තරීතර සභාවේ ගෞරවයට හානි වන ආකාරයේ අශෝභන වචන නිතර පාවිච්චි කරන බව නිරීක්ෂණයවී ඇති හෙයින් එවැනි වචන භාවිතයෙන් වළකින ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සියලුම මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුවේදී අද (14) ඉල්ලීමක් කළේය. ඇතැම් මන්ත්‍රීවරුන්ගේ මෙම හැසිරීම පාර්ලිමේන්තුවේ ගෞරවයට බරපතළ හානියක් මෙන්ම අවමානයක් බවද ඔහු සඳහන් කළේය. කතානායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි. කතානායක ජගත් වික්‍රමරත්න මහතා මෙසේද පැවසීය ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ගෞරවයට හානි වන ආකාරයේ අසෝබන වචන නිරන්තරයෙන් භාවිතා කරන අවස්ථා නිරීක්ෂණය වෙලා තියෙනවා.එවැනි වචන භාවිතා කිරීම මේ සභාවේ ගරුත්වයට හානියක්. ඒවගේම මෙය ඉතා කණගාටුදායක තත්වයක් මෙවැනි නුසුදුසු වචන යොදාගෙන කරන ආමන්ත්‍රණ කිරීම්වලින් දෝෂාරෝපණවලින් වැළකී සිටිය…

Read More

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වරෙන්තු නිකුත් කර ඇති ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා අධිකරණයට භාරවීමට පැමිණ තිබේ. ඒ මහතාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් ඊයේ (13) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා මෙලෙස වරෙන්තු නිකුත් කළේය. ඒ නාරාහේන්පිට ප්‍රදේශයේදී තමන් ගමන් ගත් වාහනයකට කිසියම් පිරිසක් වෙඩි තැබූ බවට සඳහන් කරමින් අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් තුසිත හල්ලොලුව නම් කර සිටීම හේතුවෙනි. මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකාර තුසිත හල්ලොලුව මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවින් ඔහුට වරෙන්තු නිකුත් කිරීමට අධිකරණය කටයුතු කළේය.

Read More

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය හා මත්පැන් ජාවාරම් සිදු කර එමගින් වත්කම් උපයා ගෙන ඇති බවට ඇහැලියගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ මාහින්ගොඩ ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයාගේ බිරිඳ විසින් නීති විරෝධී ආකාරයෙන් උපයාගන්නා ලද මුදල් යොදවා රුපියල් කෝටි 03ක් වූ ඉඩම් කැබලි තුනක් සහ ඇහැලියගොඩ රත්නපුර මාර්ගයට යාබදව පර්චස් හයක ඉඩම් කොටසක් මිලදී ගෙන කඩ කාමරයක් සහිත දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර ඇති බවය. ඒ අනුව නීතිවිරෝධී ලෙස වත්කම් උපයාගැනීම සම්බන්ධයෙන් එම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඇයගේ නමින් මිලදී ගෙන ඇති දේපොළ, මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ…

Read More

රාගම හිංගම්මාරුව ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. එහිදි සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් 11යි මිලිග්‍රෑම් 250ක් පොලීසිය සිය භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 33 හැවිරිදි තුඩුවේගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි. රාගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

උතුරු මැද පළාතේ අනුරාධපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල රෝහල් ප්‍රගති සමාලෝචන රැස්වීමක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර ශික්ෂණ රෝහල ඇතුළු තඹුත්තේගම, කැඹිතිගොල්ලෑව, කහටගස්දිගිලිය, කැකිරාව, මැචවච්චිය සහ පදවිය යන මුලික රෝහල්වල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොළොන්නරුව ශික්ෂණ රෝහල ඇතුළු පොළොන්නරුව ජාතික වෘක්තවේද විශේෂිත රෝහල, මැදිරිගිරිය, හිඟුරක්ගොඩ සහ වැලිකන්ද යන මුලික රෝහල්වල ප්‍රගති සමාලෝචන කටයුතු මෙහිදී සිදුවිය. මෙහිදී එක් එක් රෝහල්වල පාලනාධිකාරිය විසින් එම රෝහල්වල වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳවත්, දැනට ක්‍රියාත්මක සහ අතරමඟ නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති හා යෝජිත නව ව්‍යාපෘති හා ඖෂධ ඇතුළු රෝහල්වල මුලික අවශ්‍යතා පිළිබඳව ද නියෝජ්‍ය…

Read More