Author: LFN

ටින් මාළු සඳහා පැවති උපරිම සිල්ලර මිල ගණන් සංශෝධනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 2024 වසරේ දෙසැම්බර් මස 27 වනදා නිකුත් කළ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා විසින් අද (15) දිනයේ සිට ක්‍රියාත්මකවන පරිදි මෙම නව ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව ටූනා, ශුද්ධ බර ග්‍රෑම් 155ක ටින් මාළු උපරිම සිල්ලර මිල රුපියල් 165ක් විය යුතු අතර, ශුද්ධ බර ග්‍රෑම් 425ක ටින් මාළු උපරිම සිල්ලර මිල රුපියල් 380ක් විය යුතු බව එහි සඳහන්ය. ශුද්ධ බර ග්‍රෑම් 155ක මැකරල් ටින්මාළු මිල රුපියල් 210ක් සහ ශුද්ධ බර ග්‍රෑම් 425ක මැකරල් ටින් මාළු…

Read More

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී ඊයේ (14) රාත්‍රියේ ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 16 ක් වූ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බව ගම්පොල පොලීසිය පවසයි. ඒ සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ, ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවටය. සැකකරු හදුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.

Read More

පොලිස් පරිපාලන අංශය භාර වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා විනය ක්‍රියාමාර්ගයකට යටත්ව එම තනතුරෙන් ඉවත් කර තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි. කෙසේ වෙතත් ලලිත් පතිනායක මහතා තවදුරටත් මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයේ කටයුතු කරනු ඇත. අදාළ ඉවත් කිරීම හේතුවෙන් පුරප්පාඩු වූ පොලිස් පරිපාලන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරය සඳහා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා පත් කිරීමට ජාතික පොලිස් කොමිසම අනුමැතිය ලබා දී තිබේ. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විදෙස් සංචාරයක නිරතව සිටීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව…

Read More

මෙරට රත්‍රං මිල ඊයේ (14) දිනට සාපේක්ෂව රුපියල් 10,000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (15) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 305,200ක් දක්වා පහළ ගොස් තිබේ. ඊයේ දිනයේ දී එය දැක්වුණේ රු. 315,500ක් ලෙසය. මේ අතර ඊයේ (14) දිනයේ දී රු. 340,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 330,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත රැලියට සහභාගී වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. එම පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරාළ මහත්මිය අද (14) මේ බව සඳහන් කළාය. මාසික රැස්වීම එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තලතා අතුකෝරාළ මහත්මිය සඳහන් කළේ, පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බවය.

Read More

ප්‍රජා ශක්ති – දිලිදු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට අදාළ චක්‍රලේඛය වහාම හකුලා ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් සිදුකර තිබේ. විපක්ෂ නායක සජිත් ‍ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසකගේ අත්සනින් යුතුව අදාළ ඉල්ලීම සිදුකර ඇති බව වාර්තා වේ. ප්‍රජා ශක්ති – දිලිදු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට අදාළව ජනාධිපති කාර්යාලය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය නිරීක්ෂණයේදී ගැටලු ගණනාවක් පැණ නගින බව ඔවුන් පෙන්වා දී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පලාත් පාලන නියෝජිතයින් සතු වගකීම් හා සේවාවන් පක්ෂයක දේශපාලන කාඩර්වරුන් වෙත පැවරීමේ සියුම් වැඩපිලිවෙලක් මේ හරහා ක්‍රියාත්මක වන බව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පවසයි.…

Read More

එළැඹෙන 2026 වසර තුළදී පාසල් විභාග පැවැත්වෙන දින සම්බන්ධව ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව 2025 වසරට අදාළව පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය එළැඹෙන වසරේ පෙබරවාරී 17 වැනිදා සිට පෙබරවාරි 26 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත. තවද 2026 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය එළැඹෙන වසරේ අගෝස්තු 09 වැනිද දිනත් උසස් පෙළ විභාගය 2026 වසරේ අගෝස්තු 10 වැනිදා සිට සැප්තැම්බර් 05 වැනිදා දක්වාත් පැවැත්වීමට තීරණය කර තිබේ. එමෙන්ම 2027 උසස් පෙළ විභාගයට පෙනී සිටීමට පළමුවරට පෙනී සිටින සිසුන් සඳහා නියමිත සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2026 ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමටත් නියමිතව ඇත. 2026 සාමාන්‍ය පෙළ විභාගය 2026…

Read More

අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර අන්තර් ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ගත් වැදගත් පියවරක් වශයෙන්, ආරක්ෂක අමාත්‍යාංශයේදී ඊයේ (14) අවබෝධතා ගිවිසුමකට අත්සන් කර තිබේ. අමෙරිකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපතිනි Julie Chung මැතිනිය සහ මොන්ටානා ජාතික ආරක්‍ෂක බලකායේ විධායක ජෙනරාල් බ්‍රිගේඩියර් Trenton Gibson විසින් මෙම ගිවිසුමට අත්සන් කර ඇත. එමෙන්ම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියා කොන්තා මහතා විසින් අත්සන් තැබීය. මෙම අවබෝධතා ගිවිසුම මඟින් අමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන යටතේ මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය, එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායේ 13 වැනි දිස්ත්‍රික් ඛණ්ඩය සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අතර…

Read More

ලොව මරාන්තිකම බෝවන රෝගය ලෙස තවදුරටත් සැළකෙන ක්ෂය රෝගය හේතුවෙන් 2024 වසරේදී ද ලොව පුරා පුද්ගලයින් මිලියන 1.23ක පිරිසක් මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. කෙසේවෙතත් එම සංඛ්‍යාව 2023 වසරට සාපේක්ෂව සියයට 3ක අඩු වීමක් බව එම සංවිධානය පෙන්වා දී ඇත. පසුගිය වසරේ ලොව පුරා පුද්ගලයින් මිලියන 10.7ක පිරිසක් ක්ෂය රෝගයට ගොදුරු වී ඇති අතර පිරිමි පුද්ගලයින් මිලියන 5.8ක්, කාන්තාවන් මිලියන 3.07ක් සහ ළමුන් මිලියන 1.02ක් ඒ අතර වන බව සඳහන් වේ. ලොව පුරා වාර්තා වන ක්ෂය රෝගීන්ගෙන් සියයට 25ක්ම ඉන්දියාවෙන් වාර්තා වන අතර ඉන්දුනීසියාව, පිලිපීනය, චීනය සහ පාකිස්තානය යන රටවලින් ද රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී තිබේ. ක්ෂය…

Read More

දිවයිනට නැගෙනහිර දෙසින් වන පහළ වායුගෝලයේ කැලඹිලි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි බලපෑමෙන් උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවත් ඔවුන් දැනුම්දී සිටී. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඌව පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තවද බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක්…

Read More