Author: LFN

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට (17) දිනයේදී වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබේ. 2026 වසරට අදාළව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අයවැය තුළින් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටළු නිසියාකාරව විසඳීමට අපොහොසත් වීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එළැඹීමට තීරණය කර ඇත. එම සංගමය පැවසුවේ මේ සම්බන්ධව රජයේ පාර්ශ්වයන් දැනුවත් කළ බවත් මීට සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එළැඹීමට සිය සංගමය පියවර ගත් බවය. ඒ අනුව හෙට සිට උදෑසන 8 සිට දිවයින පුරා පිහිටි රෝහල්වල මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසීය.

Read More

පසුගියදා තිස්ස කිරින්ද ප්‍රදේශයේදී සොයාගත් මත්ද්‍රව්‍ය තොගය මෙරට මුහුදු තීරයට ප්‍රවාහනය කළ බව සැකකෙරන බහුදින ධීවර යාත්‍රාවක් සොයාගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ මාතර කාර්යාලයේ නිලධාරීන් විසින් ඊයේ (15) තංගල්ලේදී මෙම ධීවර යාත්‍රාව සොයාගෙන ඇත. ධීවර යාත්‍රාව සමග සැකකරුවන් පස් දෙනෙකුද එම නිලදාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව පැවති දුම්රිය රියදුරු සහ නියාමක යන තනතුරු වෙනුවෙන් විවෘත තරග විභාගයන්ගෙන් සුදුසුකම් ලත් පිරිසක් වෙනුවෙන් පත්වීම් ලිපි ලබාදීම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අතින් සිදු කෙරිණි. දුම්රිය දෙපාර්තමේන්තුවේ කලක පටන් පුරප්පාඩුව පැවති රියදුරු තනතුර වෙනුවෙන් නවක රියදුරන් 85ක් සහ නියාමකවරුන් 06ක් වෙනුවෙන් මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පත්වීම් ලිපි ලබාදෙන ලදී. එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ සහතිකවලට සීමාවූ උගත්කම්වලින් රටට හා ජනතාවට ප්‍රයෝජනයක් නොමැති බවය. එමෙන්ම වර්තමානයේ දෛනිකව අවලංගු වන දුම්රිය ගමන්වාර ගණන වැඩි වී ඇති බවත් දුම්රියක් අවලංගු කිරීම සමාජයට වගේම පුද්ගලිකව ජනතාව විශාල පාඩුවක් වන බවත් එහිදී ඔහු…

Read More

ලොරි රථයක් සොරකම් කර පලා යමින් සිටි සැකකරුවෙකු අතින් සිදුවූ අනතුරු දෙකකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ. මෙම සිදුවීම ඊයේ (15) රාත්‍රියේ කඳාන පොලිස් වසමේ මාරියා මාවත ප්‍රදේශයේදී සිදුව ඇති බව පොලීසිය පැවසීය. ව්‍යාපාරිකයෙකු සිය නිවසේ නවතා තිබූ ලොරි රථයක් සොරකම් කර යම් අයෙකු පලා ගොස් ඇති අතර පසුව එම ලොරි රථය පසුපස රථයේ හිමිකරු හා ඔහුගේ සේවකයින් විසින් ලුහුබැඳ තිබේ. එහිදී සැකකරු ලොරි රථය නොනවත්වා පලා යමින් සිටියදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක්ද අනතුරට ලක් කර පලා යමින් සිටියදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් යතුරුපැදියකද ගැටී අනතුරුව ලොරි රථය අසල පිහිටි තාප්පයක ගැටී මාර්ගයේ පෙරළි…

Read More

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. රෝගී තත්වයක් හේතුවන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද (16) අලුයම මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. මිය යන විට ඒ මහතා 62 වියේ පසුවූ අතර මිය යන විට ඒ මහතා ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු ලෙසද කටයුතු කර ඇත. බන්දුල හරිස්චන්ද්‍ර මහතා රාජ්‍ය දෙපාර්තමේන්තු කිහිපයක ප්‍රධානියෙකු, දිස්ත්‍රික් ලේකම්වරයෙකු මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයෙකු ලෙසද කටයුතු කර ඇත.

Read More

‍මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට සැකකෙරෙන වියළි මිරිස් තොගයක් ගබඩා කර තිබු වත්තල ප්‍රදේශයේ ගබඩාවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මුද්‍රා තබා තිබේ. විදේශයක සිට ආනයනය කෙරුණු මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට සැකකෙරෙන වියළි මිරිස් තොගයක් ගබඩාවක ඇති බවට පාරිභෝගික අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව එම අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් වැටලීම් අංශය විසින් මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්ය. වත්තල, ඇලකන්ද ප්‍රදේශයේ පිහිටි අදාළ ගබඩාව පරික්ෂාවට යන විටත් එය වසා දමා පැවති අතර උපාය දූතයෙකු යොදවා ගබඩාව විවෘත කර ගැනීමෙන් අනතුරුව පරික්ෂා කළ බව පාරිභෝගික අධිකාරිය සඳහන් කළේය. එම ගබඩාව තුළ කිලෝග්‍රෑම් 25 බැගින් වූ මළු 30ක් තුළ මිරිස් තොගය ගබඩා කර තිබූ අතර…

Read More

2025 වසරේ මුල් මාස 10 සඳහා සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 2,659ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2025 ඔක්තෝම්බර් මාසයේ දී වාර්තා ඇති සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 186.1කි. මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ 2024 මුල් මාස 10හි සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 2,533.7 හා සැසඳීමේ දී මෙය 4.9%ක වර්ධනයක් බවයි. සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛනවලට අනුව 2025 ජනවාරි සිට නොවැම්බර් 12 දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,972,957කි. ඒ අතරින් සංචාරකයින් 443,622ක් ඉන්දියාවෙන්, 180,59ක් එක්සත් රාජධානියෙන්, 144,308ක් රුසියාවෙන්, 123,053ක් ජර්මනියෙන් සහ 115,400ක් චීනයෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය. නොවැම්බර් මාසයේ…

Read More

උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට අද (16) දිනයේ මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවය. එමෙන්ම දිවයිනට නැගෙනහිර දෙසින් වන පහළ වායුගෝලයේ කැලඹිලි තත්ත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.…

Read More

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වීම සම්බන්ධයෙන් සහ සමස්ත ව්‍යාපෘතිය ප්‍රමාද වීම හේතුවෙන් ඇති වූ තත්ත්වයන් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමුව තිබේ. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට එම කාරක සභාව රැස් වූ අවස්ථාවේ මේ පිළිබඳ සාකච්ඡා කර ඇත. ශ්‍රී ලංකා වරාය අධිකාරිය පසුගිය සැප්තැම්බර් 10 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට කැඳවා 2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සිදු වූ අතර එදින සාකච්ඡා කිරීමට නොහැකි වූ කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම මෙදින කාරක සභාවේදී සිදු විය. කොළඹ වරායේ…

Read More

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය අද (15) රාත්‍රී 11.00 දක්වා වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දකුණු සහ ඌව පළාත්වලත් කළුතර, රත්නපුර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More