Author: LFN

බදුල්ල, පල්ලේවත්ත ප්‍රදේශයේ දී ගංජා මත්ද්‍රව්‍ය සමග ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු බදුල්ල ගලඋඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු බවත් වාර්තා වේ. එමෙන්ම සැකකරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු මෙන්ම හාපත්ගමුව විදුලිවැට ආරක්ෂක සහයක නිලධාරියෙකු වශයෙන්ද කටයුතු කරන බවත් පොලීසිය පැවසීය. සැකකරු පල්ලේවත්ත, හාපත්ගමුව, ගෝඩුන්න, හාලි ඇල යන ලිපිනයේ පදිංචි අයෙකු බවත් පොලීසිය පැවසීය. ගංජා අලෙවියේ නිරත බවට පොලීසියට ලද තොරතුරක් මත පොලීසිය විසින් උපාය දූතයෙකු යොදවා සිදුකරන ලද හදිසි වැටලීමේදී අලෙවිය සඳහා සකස් කර තිබූ ගංජා ග්‍රෑම් 86ක් සමග සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරන අතර…

Read More

තිරුක්කෝවිල් ප්‍රදේශයේදී විදේශික තරුණියක්ව ලිංගික හිංසනයට ලක්කිරීමේ චෝදනාවකට අදාළ සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තිරුක්කොවිල් පොලීසියේ ස්ථානාධිපති සහ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (16) දිනයේ කල්මුණේ මරඳමඩු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සොදිසි මෙහෙයුමකදී සැකකරුව මෙලෙස අත්අඩගංගුවට ගෙන ඇත. සැකකරු 25 හැවිරිදි එක්දරු පියෙකි. ඔහු සහ බිරිඳ තිරික්කෝවිල් අවට ප්‍රදේශවල කුලී පදනම මත නිවාස කිහිපයක පදංචිව සිට ඇත. මාධ්‍ය හරහා අදාළ වීඩියෝ පටය සහ ඒ සම්බන්ධයෙන් මහජනතාව දැනුම්වත් වීමත් සමග මෙම සැකකරු තිරුක්කෝවිල් ප්‍රදේශයේ කඩල වෙළෙන්ඳෙකු බවට සමාජ මාධ්‍ය හරහා පොස්ටුවක් සංසරණය වී තිබේ. ඒ අනුව තිරුක්කොවිල් පොලීසියේ ස්ථානාධිපති සහ පොලිස් නිලධාරීන් කණ්ඩායම විමර්ශන සිදුකර ඇත. පසුව ලැබුණු තොරතුරු මත ඔහු…

Read More

සත්කාරක පාකිස්තාන කණ්ඩායම හමුවේ තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන්ද කඩුලු 6ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (16) සිදුවිය. ඒ අනුව තරග 3-0ක් ලෙස පූර්ණ තරගාවලි පරාජයක් (whitewash) අත්විඳීමට ශ්‍රී ලංකාවට සිදුවිය. රාවල්පින්ඩිහිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 45.2කදී සියලු දෙනා දැවී රැස්කළ ලකුණු 211ට පිළිතුරු ලෙස පාකිස්තාන කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී පන්දුවාර 45.4කදී ලකුණු 215ක් ලබාගෙන සිය ජයග්‍රහණය තහවුරු කරගත්තේය. ශ්‍රී ලංකාව පාකිස්තානය හමුවේ මෙලෙස පූර්ණ තරගාවලි පරාජයක් අඛණ්ඩව ලැබූ තෙවන අවස්ථාව මෙය වේ. එමෙන්ම 1981 වසරේ සිට පාකිස්තානය සමගින් ද්විපාර්වීය එක්දින ක්‍රිකට් තරග ක්‍රීඩාකරන ශ්‍රී ලංකා මේ දක්වා ඔවුන් හමුවේ පූර්ණ තරගාවලි…

Read More

දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව දුරටත් පවතින අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථාන වල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ…

Read More

කොටහේන ප්‍රදේශයේ පසුගියදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 07 වැනි දින කොටහේන පොලිස් වසමේ 16 වන පටුමග ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුකර තිබුණි. එම සිද්ධිය සම්බන්ධව කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අදාළ කාන්තාව ඊයේ (16) දිනයේදී අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 32ක් වූ ආදුරුප්පුවීදිය කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකාරියකි. කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනයේදී මෙම අපරාධය සිදු කිරීම සඳහා විදේශගතව සිටින අපරාධ කල්ලි සාමාජිකයෙකු සමග සම්බන්ධ වී අපරාධකරුවන්ට මෝටර් රථයක් ලබා දීම සහ මරණකරු ගමන් ගන්නා මාර්ගය සම්බන්ධව තොරතුරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාට මෙම…

Read More

ප්‍රදේශ කිහිපයක දියේ ගිලීමෙන් මරණ කිහිපයකක් වාර්තා වූ බව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ මෙම මරණ ඊයේ (16) දිනයේදී සිදුව ඇති බවය. ඒ අනුව ඊයේ සවස් කාලයේදී හලාවත පොලිස් වසමේ හලාවත මුහුදු තීරයේ සිටි කාන්තාවක් හා වයස අවුරුදු 8ක දරුවෙකු රළ පහරකට හසුවී දියඹට ගසාගෙන ගොස් තිබේ. එහිදී ප්‍රදේශවාසීන් විසින් ඔවුන් බේරාගෙන හලාවත රෝහළට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර පසුව කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 61ක් වූ දංකොටුව ප්‍රදේශයේ පදිංචිකාරියකි. එමෙන්ම ඊයේ සවස් කාලයේදී කොළඹ කොටුව පොලිස් වසමේදී ගාලු මුවදොර මුහුදු තීරයේ දිය නෑමට ගොස් සිටි පුද්ගලයින් දෙදෙනෙකුද දියේ ගිලී තිබේ. ඒ අනුව කොටුව පොලීසිය මගින් නාවික…

Read More

කල්මුණ – මඩකලපුව මාර්ගයේ ආරයම්පති ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මඩකලපුව දෙස සිට කල්මුණ දෙසට ධාවනය වූ ලොරි රථයක් පදික පුද්ගලයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ පදික පුද්ගලයා ප්‍රථිකාර සඳහා මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පැවසීය. මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර ඔහු ප්‍රදේශයේ සිටි යාචකයෙකු බවට අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 25වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. කාත්තන්කුඩි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. එමෙන්ම පල්ලේපොල – මඩවල මාර්ගයේ නාරංගමුව ප්‍රදේශයේදී ද සිදු වූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට…

Read More

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17) උදෑසන 8 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. 2026 මුදල් වර්ෂය‍ට අදාළව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අයවැය තුළින් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටළු නිසියාකාරව විසඳීමට අපොහොසත් වීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එළැඹීමට තීරණය කර ඇති බව සදහන් වේ. එහිදී රෝහල් සායනවලදී රෝහල තුළ නොමැති ඖෂධ රෝගීන්ට බාහිරින් ලබා ගැනීමට තුන්ඩු නිකුත් නොකිරීම, රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදුකිරීමට අවශ්‍ය නිර්දේශ නිකුත් නොකිරීම, දෛනික සායන හැර අතිරේඛ කිසිදු සායනයකට එක්නොවීම ඇතුලු ක්‍රියාමාර්ග රැසක් වර්ජන ක්‍රියාමාර්ගයට ඇතුළත් වේ.

Read More

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (16) පස්වරු 12.30ට නික්තුකරන ලද එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනට ආසන්නව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. එම ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කරයි. තද වැසි, තද සුළං සහ ප්‍රබල අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

Read More

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් තුනේ කණුව ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු ව තිබේ. අනතුර සිදු වන අවස්ථාවේ දී ත්‍රීරෝද රථයේ පුද්ගලයන් තිදෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර අනතුරින් ඔවුන් තිදෙනාම තුවාල ලබා ඇත. බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු රෝහල් ගත කරන විටත් මියගොස් ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ ඇල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක් වන පුද්ගලයකු බව පොලිසිය පැවසීය. තුවාල ලැබූ අනෙක් දෙදෙනා වැල්ලවාය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More