Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තැන තැන සිදුවන මාරක අනතුරු
    Featured

    තැන තැන සිදුවන මාරක අනතුරු

    By LFNNovember 17, 2025No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කල්මුණ – මඩකලපුව මාර්ගයේ ආරයම්පති ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    මඩකලපුව දෙස සිට කල්මුණ දෙසට ධාවනය වූ ලොරි රථයක් පදික පුද්ගලයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

    අනතුරින් තුවාල ලැබූ පදික පුද්ගලයා ප්‍රථිකාර සඳහා මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

    මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර ඔහු ප්‍රදේශයේ සිටි යාචකයෙකු බවට අනාවරණය වී ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 25වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    කාත්තන්කුඩි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

    එමෙන්ම පල්ලේපොල – මඩවල මාර්ගයේ නාරංගමුව ප්‍රදේශයේදී ද සිදු වූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

    පල්ලේපොල දෙස සිට මඩවල දෙසට ධාවනය වූ යතුරු පැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරු පැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරුවන් දෙදෙනා මාතලේ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී එක් පැදිකරුවෙකු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

    මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 26ක් වූ වම්බටුයාය, නාලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මහවෙල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.