Author: LFN

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 6ක සිදුවූ නායයෑම්වලින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා සඳහන් කළේ, තවත් පුද්ගලයින් නව දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවය. ඊයේ (26) දිනයේ ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක නායයෑම් සහ පස් කඳු කඩා වැටීම් වාර්තා වන බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි. අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ කටයුතු සඳහා සහන සේවා කණ්ඩායම් තවදුරටත් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

Read More

අද (27) සහ හෙට (28) අපොස උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය තීරණය කර තිබේ. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ඇතිවී තිබෙන ආපදා තත්ත්වයන් හේතුවෙන් මෙම තීරණය ගත් බවය. විභාගය ඉදිරියේ දී පැවැත්වෙන දිනයන් පිළිබඳව විභාග අපේක්ෂකයින් වෙත දැනුම්දීමට නියමිතය. එමෙන්ම සියලූම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන භාර නිලධාරීන්, සම්බන්ධීකරණ නිලධාරීන් හා ශාලාධිපතිවරුන් වෙත නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත්තේ විභාග සම්බධීකරණ මධ්‍යස්ථානයන්හි තිබෙන ප්‍රශ්න පත්‍රවල ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙසටය.

Read More

බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා, සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුතුවල යෙදෙන ප්‍රජාව සඳහා සැලකිලිමත්වන ලෙස දන්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. 1. බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය බටහිර – වයඹ දෙසට ගමන් කර, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, මලක්කා සමුද්‍ර සන්ධියට ඉහළින් පිහිටා ඇති අතර එය ඉදිරි පැය 24 තුළ බටහිර දෙසට ගමන් කිරීමට ඉඩ ඇති බව දැනුම් දී තිබේ. පහත සිතියමේ “Advisory” කාණ්ඩය යටතේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශ වල ගිගුරුම්…

Read More

වවුනියාව හොරොව්පතාන මාර්ගයේ අසළ පිහිටි වෙළෙඳසැළක ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා වවුනියාව මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය ගිනි නිවීමේ රථ මේ වන විට යොමු කර ඇතැයිද සඳහන් වේ.

Read More

කල්කුඩා පොලිස් වසමේ පාසිකුඩා මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු රළ පහරකට හසු වී අතුරුදන් වී ඇති බවට කල්කුඩා පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. මෙලෙස අතුරුදන් වූ පුද්ගලයා වයස අවුරුදු 39 ක් වූ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ. පොලිස් ජිවිතාරක්ෂක නිලධාරීන්, නාවික හමුදා ජීවිතාරක්ෂක නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ මෙහෙයුම්වල නිරතව සිටී. කල්කුඩා පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

මාදම්පිටිය, මිහිජය සෙවණ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01කට අධික තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මාදම්පිටිය පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි මිලිග්‍රෑම් 310ක් සමග එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය. සැකකරු 28 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

මහනුවර, පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් කඳු කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තිබේ. සිව්දෙනෙකු මේ වනවිට රෝහල් ගත කර ඇත. ගනේතැන්න ප්‍රදේශයේ නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය අසල පිහිටි වෙළඳසැලක් මතට අද (22) උදෑසන මෙම පස් කඳු කඩා වැටීම සිදුව තිබුණි. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා වී තිබේ. මෙම අනතුරින් එම වෙළඳසැලෙහි සිටි කිහිප දෙනෙකු සුන්බුන් තුළ සිරවී සිටින බවට වාර්තා වෙයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඔවුන් මුදා ගැනීම සඳහා මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර ඇති බවය. සුන් බුන් අතර සිරවී සිටි පුද්ගලයින් තිදෙනෙකු මුදාගෙන මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ…

Read More

නුගේගොඩ දී අද(21) පැවැත්වෙන මහජන රැළියේදී අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට බාධාවක් ඇති නොවන ලෙසට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරන්නැයි පොලිසිය අදාළ සංවිධායකයින්ට දැනුම් දී තිබෙනවා.. නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ දී පැවැත්වීමට නියමිත මහජන රැළියක් සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම සඳහා පොලිසියෙන් අවසර ඉල්ලා තිබෙනවා. අද(21) පෙරවරු 8.30 සිට උදෑසන 10.40 දක්වාත් / පස්වරු 2.00 සිට පස්වරු 5.00 දක්වාත් අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් එහිදී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයේ දී පවතින නීතිවලට අනුව කටයුතු කරන ලෙසයි පොලිසිය දැනුම් දෙන්නේ. එමෙන්ම සිසුන්ට බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථානවලට පැමිණීමට මෙන්ම විභාග කටයුතු අවසන් වීමෙන් පසු යළි පිටවයාමට…

Read More

දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීමේ මෙහෙයුම් අඛණ්ඩවම ක්‍රියාත්මකයි. ඊයේ(19) දිනයේ පමණක් සිදුකළ මත්ද්‍රව්‍ය මෙහෙයුම්වලින් 1065 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ දිනය තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් 1087ක් සිදුකර තිබෙනවා. එහිදී හෙරොයින් ග්‍රෑම් 404ක් සහ අයිස් ග්‍රෑම් 872ක් සිය භාරයට ගත් බවයි පොලිසිය පවසන්නේ. ඊයේ දිනයේ දී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 1065 දෙනාගෙන් 28 දෙනෙකු රදවාගෙන ප්‍රශ්න කිරීමට රැදවුම් නියෝග ලබාගෙන තිබෙනවා. පුනරුත්ථාපනයට යොමුකළ සංඛ්යානව 34ක්. මේ අතර පොලිස් විශේෂ මෙහෙයුම යටතේ ඊයේ දිනයේ දී පුද්ගලයින් 31,557 දෙනෙකු පරීක්ෂා කර තිබෙනවා. සැකපිට අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 692ක්. අපරාධ සම්බන්ධයෙන් 17 දෙදෙනෙකු සෘජුව හදුනාගෙන තිබෙනවා. වරෙන්තුකරුවන් 311 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 156…

Read More

කොටහේන ප්‍රදේශයේ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය නොවැම්බර් මස 7 වන දින කොටහේන පොලිස් වසමේදී කාර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් ගිනිඅවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමයි මොහුට එරෙහි චෝදනාව. කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත ඊයේ (19) හසලක, කොලොන්ගොඩ ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී වෙඩික්කරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී වෙඩික්කරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 300ක් සොයා ගෙන ඇති අතර, මොහු වයස අවුරුදු 39ක් වන කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.

Read More