Author: LFN

සෙරසුරාද දිනයේද (29) අපොස උසස් පෙළ විභාගය නොපවැත්වෙන බව දැනුම් දී තිබේ. ඒ අනුව, අද (27) හෙට (28) සහ අනිද්දා (29) යන දිනයන් වල පැවැත්වීමට නියමිතව තිබූ අපොස උසස් පෙළ විභාගයන් නොපවැත්වෙන බව සඳහන් වේ. ඒ සඳහා දෙසැම්බර් මස 07, 08 සහ 09 යන දිනයන් විකල්ප දිනයන් ලෙස ලබා දී තිබේ. අද පැවැත්වීමට නියමිතව තිබූ විෂය දෙසැම්බර් මස 07 වනදාත් හෙට (28) පැවැත්වීමට නියමිතව තිබූ විෂය දෙසැම්බර් මස 08 වනදාත් සහ සෙනසුරාදා (29) පැවැත්වීමට නියමිතව තිබූ විෂය දෙසැම්බර් මස 09 වනදාත් පැවැත්වෙන බව වැඩිදුරටත් දැනුම් දී ඇත.

Read More

රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ගතවූ දින 10ක කාලය තුළ ආපදා මරණ 31ක් සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව පසුගිය නොවැම්බර් මස 17 වන දින සිට අද (27) දක්වා දිස්ත්‍රික්ක 17කට ආපදාවට ලක්ව ඇති අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 79ක් ආපදාවට ලක්ව ඇත. එම ප්‍රදේශවල පවුල් 1,158කට අයත් පුද්ගලයින් 4,008ක් ආපදාවට ලක්ව ඇති අතර, තවමත් පුද්ගලයින් 14 දෙනෙකු අතුරුදන්ව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි. මේ අතර සිදුවු ආපදා හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මේ වනවිට තුවාල ලබා ඇති අතර, පවුල් 41කට අයත් පුද්ගලයින් 131ක් සුරක්ෂිත මධ්‍යස්ථාන 5ක තාවකාලිකව නවතා තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ, පවුල්…

Read More

නුවරඑළිය වලපනේ ප්‍රදේශයේ සිදුවු නායයෑමකින් පුද්ගලයන් 4 දෙනෙක් ජිවිත්ක්ෂයට පත්ව ඇති බව නුවරළිය දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි. නිවාස දෙකක් නාය යෑම හේතුවෙන් මොවුන් ජීවිතක්ෂයට පත් ව ඇත. පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 4දෙනෙකු අතුරුදන්ව ඇති බව දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි. උඩදුම්බර සහ පහත හේවාහැට ප්‍රදේශ වලින් මෙම සිදුවීම් වාර්තාවන බව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

Read More

පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශයේ ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා සියලුම රථවාහන සඳහා ගමනාගමනය අද (27) දින සිට නැවතදැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් වසා තැබීමට කටයුතු කර ඇත. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුකර ඇති බව පොලීසිය පවසයි. අවශ්‍ය පරිදි මහජනතාවට දුම්රියෙන් ගමන් කළ හැකි බව පොලීසිය වැඩිදුරටත් දැනුම් දී තිබේ.

Read More

පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය මෙන්ම හිටපු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වන ඉම්රාන් ඛාන් බන්ධනාගාරය තුළදී ඝාතනය කර ඇති බවට වන පුවතක් එරට සමාජ මාධ්‍ය තුළ මේ වනවිට වේගයෙන් සංසරණය වෙමින් තිබේ. එමෙන්ම ඉම්රාන් ඛාන්ගේ සුවදුක් බැලීමට පැමිණි ඔහුගේ සහෝදරියන් තිදෙනාද බන්ධනාගාරයෙන් පිටතදී කුරිරු පොලිස් ප්‍රහාරයකට ලක්ව ඇති බවත් වාර්තා වේ. ඔවුන් තිදෙනා මාසයක කාලයක් සිට ඉම්රාන් ඛාන් හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටියද, මෙතෙක් ඒ සඳහා අවසර ලබා දී නොමැති බව සඳහන්. මේ වනවිට ඉම්රාන් ඛාන් රඳවා සිටින ආඩියාලා බන්ධනාගාරය ඉදිරිපිට ඔහුගේ PTI පක්ෂයේ ආධාරකරුවන් රැඳී සිටින බවද වාර්තා වේ. එමෙන්ම ඇතැම් වාර්තා පවසන්නේ පාකිස්තාන හිටපු හිටපු අග්‍රාමාත්‍යවරයා දින 22ක් හුදකලා වී සිටින…

Read More

නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල්වලට අද (27) සිට නැවත දැනුම් දෙනතුරු නිවාඩු ලබාදීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබේ. මේ වනවිට නැගෙනහිර පළාතට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය සහ පවතින සුළි කුණාටු අවදානම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව කාලගුණ තත්ත්වය යහපත්වීමෙන් අනතුරුව යළි විවෘත කෙරෙනු ඇත. කෙසේ නමුත් මේ දිනවල පැවැත්වෙන උසස්පෙළ විභාගය හේතුවෙන් ඒ සඳහා භාවිතාකරන විභාග මධ්‍යස්ථාන මෙම නිවාඩු ලබාදීමෙන් බලපෑමක් නොමැත. එම කටයුතු එම පළාත තුළ නියමිත පරිදි සිදුවේ.

Read More

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මඩකලපුව සිට 210kmක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.9°N සහ දේශාංශ 82.6°E ආසන්නයේ කේන්ද්‍රගත වී ඇත. එය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ පවතින තද වැසි සහ තද සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමුකරන ලෙස ද ඉල්ලා සිටී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි…

Read More

නඩුවකට පෙනී සිටීම සඳහා යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් සුදුසු මානසික තත්ත්වයකින් පසු වන්නේදැයි පරික්ෂා කර බලා මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. රුපියල් මිලියන 73 කට ආසන්න වත්කම් හා දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණියට එරෙහිව නඩුවක් ගොනු කර තිබුණි. නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවු අතර එහිදි ඇප මත මුදාහැර සිටින යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන අය අධිකරණය හමුවේ පෙනී සිටියාය. නඩුව මීට පෙර කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ඩේසි ෆොර්ස්ට් වෙනුවෙන් පෙනී…

Read More

පවතින වර්ෂාපතනයත් සමඟ දැදුරුඔය ද්‍රෝණියේ පහළ නිම්නයේ ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය අධි ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානම පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, දැදුරුඔය ද්‍රෝණියේ පිහිටි වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රසනායකපුර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවලට අයත් ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය වර්ධනය වෙමින් පවතින බවය. මේ හේතුවෙන් එම ප්‍රදේශවල පදිංචි ජනතාව දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. කුඹුක්කන්ඔය ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ මොනරාගල සහ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල ගම්මාන කිහිපයක පවතින ගංවතුර තත්ත්වය අධි ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. නක්කල, කුඹුක්කන, මාදුරුකැටිය,…

Read More

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සියලු දුම්රිය ධාවනයන් සඳහා බාධා එල්ල වී ඇති බව දැනුම් දී ඇත. මුහුදුබඩ දුම්රිය මාර්ගයට සහ කැලණිවැලි දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගවල දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව සඳහන් වේ. එමෙන්ම උතුරු දුම්රිය මාර්ගය වැල්ලව ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට ද බාධා එල්ල වී ඇති අතර පුත්තලම මාර්ගයේ දුම්රිය මාර්ගයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. එමෙන්ම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව – බදුල්ල අතර ධාවනය වන සියලු දුම්රිය නැවත දැනුම්දෙන තුරු නානුඔය දක්වා පමණක් ධාවනය කරවීමට සැලසුම් කර ඇති බව…

Read More