Author: LFN
දිට්වා සුළි කුණාටුව මේ වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 60ක් බටහිරට බරව වයඹ දෙසින් කේන්ද්‍රගතවී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ මෙම පද්ධතියව උතුරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවය. මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බවත් උතුරු, උතුරු මැද, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් සඳහන් කර ඇති කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ඇතැම් ස්ථානවලට මි.මී 200ට වැඩි ඉතා තද වැසි ද ඇතිවිය හැකි බවය. එමෙන්ම සබරගමුව සහ බස්නාහිර පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්…
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවතැන් වී සිටින ජනතාව වෙනුවෙන් ආධාර තොගයක් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානයක් අද (29) දින අලුයම 01.45ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට ළඟා වී තිබේ. ඉන්දීයානු රජය විසින් පිරිනැමූ සනීපාරක්ශක ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් මෙලෙස රැගෙන ආ අතර, ඉන්දියානු රජය මගින් ලබා දුන් මෙම ආධාර භාර දීමේ අවස්ථාවට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ Mr. Maitrey Kulkarni, Counsellor (Development Cooperation) Lt. Col. Mandeep Singh Negi (Assistant Defence Adviser) ඇතුළු ඉන්දිය ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් සහභාගි විය. මෙම ආධාර භාර ගැනීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා…
ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ, මහනුවර, නිල්ලඹේ ප්‍රදේශයට ඊයේ (28) දිනය තුළ මි.මී 431ක වාර්ෂාපතනයක් ලැබී ඇති බවය. මේ අතර, කෑගල්ල දිස්ත්‍රික්කයේ ඩොතෙලෝයා වතුයාය මි.මී 277.8ක් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පොක්කනායි ප්‍රදේශයට මි.මී 274ක වර්ෂාපතනයක් ලැබී තිබේ.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ සැලකිය යුතු අඩුවීමක් හෙට (30) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (29) අලුයම නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයේ දැක්වෙයි. දිට්වා සුළි කුණාටුව උතුරට බරව වයඹ දෙසට ගමන්කර නොවැම්බර් මස 30 වෙනිදා වනවිට ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරයට ළඟාවනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, එම පද්ධතිය ඊයේ (28) දින ප.ව. 11:30 වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 70ක් වයඹ දෙසින්, අක්ෂාංශ 9.0°N සහ දේශාංශ 80.8°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇති බවය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමුකරන ලෙසද ජනතාවට දැනුම්දෙයි. මේ අතර අද දිනයේ උතුරු, උතුරු-මැද, මධ්‍යම…
පොළොන්නරුව මනම්පිටිය පාලම මත සිරවී සිටි පුද්ගලයින් 13දෙනෙකු Bell-212 හෙලිකොප්ටර් යානයකින් නිරුපද්‍රිතව බේරා ගෙන තිබේ. ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුරේ අංක 7 හෙලිකොප්ටර් බලඝනයට අයත් යානයකින් මෙම මෙහෙයුම සිදු කර ඇත. මේ වන විට ඔවුන් ආරක්ෂිත ස්‍ථාන වෙත යොමු කර ඇති බව ද වාර්තා වේ.
ඉදිරි පැය 6ක කාලය තුළ ගම්පහ නගරය හා ඒ අවට අත්තනගලුඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම්වලට මහ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
නාවලපිටිය පැරණි දුම්රිය අංගනය පාරේ නිවසක් මතට අද (28) පස්කන්දක් කඩා වැටීමෙන් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, බිරිඳ, නැන්දම්මා සහ මාස තුනක බිලිඳෙකු බව නාවලපිටිය පොලීසිය පැවසීය. නාවලපිටිය ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ නිවසට පස් කන්ද කඩා වැටුණු බවත්, ප්‍රදේශවාසීන් සහ නාවලපිටිය පොලිස් නිලධාරින් එක්ව අනතුරට පත් වූවන් බේරාගැනීමට විශාල උත්සහයක් ගත්තද එය ව්‍යර්ථ වී ඇති බව වැඩිදුර සඳහන් වෙයි. මිය ගිය අයගේ මළ සිරුරු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ තැම්පත් කර ඇත. අයහපත් කාලගුණයෙන් මේ වනවිට නාවලපිටිය ප්‍රදේශයේ පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී පවුල් 50කට ආසන්න පිරිසක් ආරක්ශිත කඳවුරු කරා යොමු කළ බව…
ජීවිතාරක්ෂක කටයුතු සඳහා සහාය ලබා ගැනීම සඳහා පොලීසිය විසින් දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ. මේ වන විට දිවයින පුරා උද්ගත වී ඇති හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ජීවිතාරක්ෂක කටයුතු සඳහා සහ ඕනෑම ආපදා තත්ත්වයකදී යෙදවීමට පොලිස් නාවික කොට්ඨාසයේ නිලධාරින් යාත්‍රා සමඟ ස්ථානගත කර ඇති බවද පොලීසිය පැවසීය. ඒ අනුව, මෙම කොට්ඨාසයේ සහාය අවශ්‍ය විටෙකදී පහත දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වී සහාය ලබා ගැනීමට හැකියාව ඇත. අධ්‍යක්ෂ / පොලිස් නාවික කොට්ඨාසය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස මහතා -071-8591868
පවතින අධික වර්ෂාව හේතුවෙන් කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් කඩුවෙල අධිවේගී අන්තර් හුවමාරු ඒකකයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කර ඇත්තේ, ගංවතුර තත්ත්වය හේතුවෙන් කඩවත දෙසින් අධිවේගී මාර්ගයට ඇතුළු වන වාහන කඩුවෙල පිටවීමේ දොරටුවෙන් පිටවීම සම්පූර්ණයෙන් නවතා ඇති බවය. එමෙන්ම කඩුවෙල දෙසින් පැමිණෙන වාහන කඩවත දෙසට අධිවේගී මාර්ගයට ඇතුළුවීම ද සම්පූර්ණයෙන්ම නවතා තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ආපදාවට ලක්ව සිටින ජනතාව මුදාගැනීම සඳහා මේ වනවිටත් පොලීසිය හා ත්‍රිවිධ හමුදාව ආපදාවලට ලක්වූ ප්‍රදේශවලට ළඟාවෙමින් පවතින බව ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පවසයි. පවතින ආපදා තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමට ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේදී අද (28) දහවල් පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. එමෙන්ම ග්‍රාමනිලධාරීන් විසින් ආපදාවට ලක්වූ පුද්ගලයින්ට ලබාදෙන උපදෙස් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට වගබලා ගන්නා ලෙස ද ආරක්‍ෂක ලේකම්වරයා ආපදාවට ලක්වූ ජනතාවගෙන් ඉල්ලා සිටී. ආපදාවට ලක්වූවන්ට ආරක්ෂිත ස්ථානවලම රැඳී සිටින ලෙසත් ඔවුන්ට අවශ්‍ය අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට කටයුතු සුදානම් කරමින් ඇති බවත් ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.…