Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් රියදුරු (විවෘත) තනතුරු 36 සඳහා පත්වීම් ලිපි ප්‍රදානය ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්නගේ සහ තැපැල්පති රුවන් සත්කුමාරගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා. ප්‍රාථමික ශිල්පීය නිලධර ගණයේ III වන ශ්‍රේණියේ තැපැල් රියදුරු (විවෘත) තනතුරු 40 සම්පූර්ණ කිරීම සඳහා පසුගිය ජුනි මාසයේ නිකුත්කරන ලද ගැසට් පත්‍රයට අනුව අයදුම්පත් 1500කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවට ලැබී තිබුණු අතර එම අයදුම්කරුවන් ප්‍රායෝගික පරීක්ෂණයකට සහ සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයකට යොමු කර ඊට අඳාළ සුදුසුකම් නිසි අයුරින් සම්පූර්ණ කල 36 දෙනෙකු සඳහා මෙම පත්වීම් ලිපි ලබා දීම සිදු වුණා. මෙම නවක තැපැල් රියදුරන්ට ඊයේ (18) සිට…
රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය සැලසුම් කිරීම, ගොඩනැගීම, මූල්‍යනය, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම (DBFOM) ආකෘතිය යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා 2024-07-22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා. එමෙන්ම, රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචනය සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතිත්වයෙන් යුතු නිලධාරි කමිටුව විසින් ද එම සිනමා උද්‍යානයේ උපයෝගිතාව වැඩි කිරීම සහ ආදායම ඉහළ නැංවීම සඳහා සුදුසු වාණිජමය ආකෘතියකට අනුගතව එය ක්‍රියාත්මක කිරීම සඳහා දේශීය හා විදේශීය ආයෝජකයන්ගෙන් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවන ලෙස නිර්දේශ කර තිබෙනවා. ඒ අනුව, රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය වසර 30ක කාලයක් සඳහා සැලසුම් කිරීම, ගොඩනැගීම, මූල්‍යනය, ක්‍රියාත්මක කිරීම…
රුපියල් එකොලොස්කෝටි තිස්හය ලක්ෂ හැත්තෑදහසක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගත් බව රේගු නිලධාරීන් ප්‍රකාශ කළා. රාජසන්තක කරන ලද ගුවන් ගමන් මලු සහ භාණ්ඩ රඳවා තබන ගුදම් ගබඩාව තුළ තිබි මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබෙනවා. මාස 9ක කාලයක් ගමන් මලු භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් එය විවෘත කර පරීක්ෂා කිරීමට රේගු නිලධාරීන් කටයුතු කළා. එහි තිබි කිලෝ ග්‍රෑම් 11යි ග්‍රෑම් 367ක කුෂ් මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකිව තිබෙනවා. පසුගිය මාර්තු මාසයේ දී තායිලන්තයේ සිට පැමිණි ගුවන් මගියෙකු ඒවා ගුවන් තොටුපළ පැමිණිමේ පර්යන්තයේ දී අතහැර ගොස් ඇති බවටයි විමර්ෂණවලදී හෙළිවුණේ.
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිතුක් කර තිබේ. අද (17) දහවල් 12.30ට නිකුත් කරන ලද එම නිවේදනය රාත්‍රී 11.30 දක්වා වලංගු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දකුණු සහ ඌව පළාත් සහ කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවේන් පසු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හදිසි විධායක සහ මධ්‍යම කාරක සභාවක් කැඳවීමට නියමිත බවත් ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව සාකච්ඡා කරන බව එම සංගමය පවසයි. ජනාධිපතිවරයා සමග අද (17) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා මේ බව පැවසීය. ඒ අනුව රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය විසින් සිදුකළ යෝජනා සම්බන්ධව ජනාධිපතිවරයා අවධානය යොමු කළ බවත් එම යෝජනා සම්බන්ධව ඉදිරියේදී සාකච්ඡා කිරීමටත් එම යෝජනා සම්බන්ධව සාධනීය විසඳුම් ලබා දීමේ හැකියාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවධානය යොමු කරන බව සිය සංගමය වෙත දැන්වූ බවත් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා මෙහිදී පැවසීය.…
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සමඟ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට පොලීසියට ලද තොරතුරක් මත මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් කටුබැද්ද ප්‍රදේශයේදී අද (17) ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සමග එම ත්‍රීරෝද රථ රියදුරුව අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය කරගත් තොරතුරු අනුව අගුලාන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී ඔහුගේ බිරිඳ සන්තකයේ තිබී තවත් අයිස් ග්‍රෑම් 10ක් සමඟ සැකකරුගේ බිරිඳද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව අඟුලාන දුම්රියපොළ පාර ප්‍රදේශයේ පදිංචි 31 සහ 21 හැවිරිදි අඹුසැමි යුවළක් බව පොලීසිය සඳහන් කළේය. මොවුන් දෙපළ කාලයක් පුරාවට මෙම…
පළාත් පාලන ආයතනවල මෙවර අයවැය සම්මත කිරීමේදී ජාතික ජන බලවේගයට සහයෝගය ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභිකයින් සම්බන්ධව දැඩි විනය පියවර ගන්නා බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කර ඇත්තේ දැනටමත් ජාතික ජනබලවේගය පක්ෂව ඡන්දය ලබා දුන් සභිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමටද පියවර ගෙන ඇති බවය. මේ පිළිබඳව ඔවුන්ගෙන් දැනටමත් නිදහසට කරුණු විමසා ඔවුන්ට එරෙහිව දැඩි විනය පියවර ගැනීමට නියමිත බවද එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
හිටපු නියෝජ්‍ය කථානායකවරයෙකු වූ අජිත් රාජපක්ෂ මහතා අද පෙරවරු 9.00ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන විශේෂ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු මෙසේ පැමිණ ඇති බව වාර්තා වේ.
බදුල්ල, පල්ලේවත්ත ප්‍රදේශයේ දී ගංජා මත්ද්‍රව්‍ය සමග ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු බදුල්ල ගලඋඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු බවත් වාර්තා වේ. එමෙන්ම සැකකරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු මෙන්ම හාපත්ගමුව විදුලිවැට ආරක්ෂක සහයක නිලධාරියෙකු වශයෙන්ද කටයුතු කරන බවත් පොලීසිය පැවසීය. සැකකරු පල්ලේවත්ත, හාපත්ගමුව, ගෝඩුන්න, හාලි ඇල යන ලිපිනයේ පදිංචි අයෙකු බවත් පොලීසිය පැවසීය. ගංජා අලෙවියේ නිරත බවට පොලීසියට ලද තොරතුරක් මත පොලීසිය විසින් උපාය දූතයෙකු යොදවා සිදුකරන ලද හදිසි වැටලීමේදී අලෙවිය සඳහා සකස් කර තිබූ ගංජා ග්‍රෑම් 86ක් සමග සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරන අතර…
තිරුක්කෝවිල් ප්‍රදේශයේදී විදේශික තරුණියක්ව ලිංගික හිංසනයට ලක්කිරීමේ චෝදනාවකට අදාළ සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තිරුක්කොවිල් පොලීසියේ ස්ථානාධිපති සහ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (16) දිනයේ කල්මුණේ මරඳමඩු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සොදිසි මෙහෙයුමකදී සැකකරුව මෙලෙස අත්අඩගංගුවට ගෙන ඇත. සැකකරු 25 හැවිරිදි එක්දරු පියෙකි. ඔහු සහ බිරිඳ තිරික්කෝවිල් අවට ප්‍රදේශවල කුලී පදනම මත නිවාස කිහිපයක පදංචිව සිට ඇත. මාධ්‍ය හරහා අදාළ වීඩියෝ පටය සහ ඒ සම්බන්ධයෙන් මහජනතාව දැනුම්වත් වීමත් සමග මෙම සැකකරු තිරුක්කෝවිල් ප්‍රදේශයේ කඩල වෙළෙන්ඳෙකු බවට සමාජ මාධ්‍ය හරහා පොස්ටුවක් සංසරණය වී තිබේ. ඒ අනුව තිරුක්කොවිල් පොලීසියේ ස්ථානාධිපති සහ පොලිස් නිලධාරීන් කණ්ඩායම විමර්ශන සිදුකර ඇත. පසුව ලැබුණු තොරතුරු මත ඔහු…