Author: LFN

අධික වැසි තත්ත්වය පහව ගියද තවදුරටත්, මධ්‍යම කඳුකරයේ විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට ලැබුණු ජලය ටිකෙන් ටික පහළට ගමන් කරන බැවින්, ගංවතුර උවදුර සම්බන්ධව වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන ප්‍රකාශ පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ වන විට දිවයින තුළ ඇති සෑම ස්ථානයකම පස් තෙත්වී ඇති බැවින්, සමහර අවස්ථාවලදී නායයෑම් උවදුරු ඇතිවීමේ හැකියාවන් පවතින බැවින් සිය නිවෙස් කරා යාමේදී ඒ පිළිබඳ අවධානයෙන් පසු වීමේ වැදගත්කමද ඒ මහතා පෙන්වා දුන්නේය. එමෙන්ම, ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරේ සිට පුත්තලම දක්වා ඇති වෙරළ තීරය තුළ තවදුරටත් අනතුරු ඇඟවීම් බල පැවැත්වෙන බැවින් අද දිනයේද එම…

Read More

මාවිල්ආරු ජලාශයේ වැව් බැම්ම මතින් ජලය පිටාර යෑම හේතුවෙන් ඒ අවට ප්‍රදේශවල ජීවත් වන ජනතාව ඉවත් කිරීමට වහාම පියවර ගත් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් මහතා පවසයි. කෙසේ වෙතත් තවමත් බැම්මේ බිඳී යෑමක් සිදුව නොමැති බව ද ආණ්ඩුකාරවරයා අවධාරණය කරයි. එනිසා ඒ සම්බන්ධයෙන් පැතිර යන සාවද්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසත් ආරක්ෂක අංශ සම්බන්ධීකරණයෙන් යුතුව අදාළ කටයුතු සිදුකරන ලෙසත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසීය. දිස්ත්‍රික් ලේකම්වරයා පවසා සිටියේ මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බවත් කියා සිටියේය.

Read More

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට බලපෑ ආපදාවට ප්‍රතිචාර වශයෙන් ජපානය මෙරටට හදිසි ආධාර ලබා දීමට තීරණය කර තිබේ. ඒ අනුව ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (JICA) හරහා මෙරට රජයට තක්සේරු කණ්ඩායමක් එවීමට ජපාන රජය තීරණය කර ඇත. එම කාර්ය මණ්ඩලයට වෛද්‍ය නිලධාරීන්ද ඇතුළත් වන අතර ඔවුන් මෙරට වෛද්‍ය අවශ්‍යතා නිරීක්ෂණය කරනු ඇති බවත් සහ ජපන් ආපදා සහන කණ්ඩායමක් එවීමට ඇති හැකියාව සම්බන්ධීකරණය කරනු ඇති බවත් සඳහන් වේ එමෙන්ම ජපාන රජය විසින් JICA ආයතනය හරහා විපතට පත් ජනතාවට කූඩාරම් සහ බ්ලැන්කට් ඇතුළු හදිසි සහනාධාර භාණ්ඩ ලබාදීමට ද තීරණය කර තිබේ.

Read More

ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පොක්කනායි ප්‍රදේශයට ඊයේ (29) දිනය තුළ මි.මී 274ක වාර්ෂාපතනයක් ලැබී ඇති බවය. මේ අතර, මන්නාරමේ පොර්ටකනි ප්‍රදේශයට මි.මී.210ක් සහ මන්නාරමේ, මඩු ප්‍රදේශයට මි.මී. 193ක වර්ෂාපතනයක් ලැබී තිබේ. මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයයේ දුනමාලෙයි වත්ත ප්‍රදේශයට මි.මී.181ක වාර්ෂාපතනයක් ලැබී ඇති අතර ගම්පහ කිරිඳිවැල ප්‍රදේශයට මි.මී 121ක වර්ෂාපතනයක් ලැබී තිබේ.

Read More

වහල මත සවි කර ඇති සූර්ය පැනල හිමිකරුවන් අද පස්වරු 3 දක්වා ස්වේච්ඡාවෙන් තම සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය එම හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. විදුලි බල පද්ධතියේ දක්නට ලැබෙන සැලකිය යුතු අඩු ඉල්ලුම හේතුවෙන් පවතින ආපදා කාලය තුළ ජාතික විදුලිබල පද්ධතියේ විශ්වසනීය හා ස්ථාවර ක්‍රියාකාරිත්වය සහකිත කිරීම සඳහා සූර්ය පැනල ක්‍රියා විරහිත කිරීමට අවශ්‍ය වන බවය.

Read More

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ විපතට පත් ජනතාවට සහන සැලසීමේදී මෙන්ම ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළෙහිදී මෙරට ව්‍යාපාරික ප්‍රජාවගේ සහයෝගය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ලංකා වාණිජ මණ්ඩලය සමග ඊයේ (29) රාත්‍රියේ ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේදී පැවති සාකච්ඡාවට එක් වෙමිනි. මේ වන විට රට තුළ පවතින තත්ත්වය සහ විපතට පත් ජනතාව මුදා ගැනීම් සහ සහන සැලසීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කළ අතර එම කටයුතුවලදී ඔවුන්ගෙන් ලබා ගත හැකි සහාය පිළිබඳවද අවධානය යොමු කළේය. එමෙන්ම, මෙම හදිසි තත්ත්වය හමුවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ මතුව ඇති…

Read More

පවතින අයහපත් කාලගුණය තත්ත්වය හමුවේ අද (30) දිනයේ දුම්රිය ධාවනය සිදු කරන ආකාරය පිළිබඳව නිවේදනයක් කර තිබේ. ඒ අනුව දුම්රිය ධාවන කටයුතු පහත පරිදි සිදු කිරීමට ඔවුන් සැලසුම් කර ඇති බව වාර්තා වෙයි. මුහුදුබඩ දුම්රිය මාර්ගය 1. අළුත්ගම – මරදාන දක්වා පෙ.ව.05.30 – මන්දගාමී 2. ගාල්ල- මරදාන දක්වා පෙ.ව.06.00 -මන්දගාමී 3. අළුත්ගම – මරදාන දක්වා පෙ.ව.06.30 – මන්දගාමී 4. පානදුර -මරදාන දක්වා පෙ.ව.07.00 – මන්දගාමී 5. දකුණු කළුතර – මරදාන දක්වා පෙ.ව.10.30 – මන්දගාමී 6. අළුත්ගම – මරදාන දක්වා ප.ව.01.50 – මන්දගාමී 7. බෙලිඅත්ත – මරදාන දක්වා ප.ව.03.15- සීඝ්‍රගාමී ( මොරටුව,ගල්කිස්ස,දෙහිවල දුම්රිය ස්ථාන වල නතර කරනු ලැබේ.) 8. දකුණු කළුතර…

Read More

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 93කට නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ඒ අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම, හපුතලේ, බණ්ඩාරවෙල, හැලිඇල, බදුල්ල, ලුනුගල, පස්සර, මීගහකිවුල, සොරනාතොට, වැලිමඩ, ඇල්ල, කන්දෙකැටිය සහ හල්දුමුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහා එම නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව සඳහන්ය. එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ පන්විල, පාතදුම්බර, ගඟ ඉහළ කෝරලේ, උඩුනුවර, දොලුව, පූජාපිටිය, මිනිපේ, ගඟවට කෝරලේ, අකුරණ, පස්බාගේ කොරලේ, හතරලියද්ද, හාරිස්පත්තුව, පාතහේවාහැට, උඩුදුම්බර, තුම්පනේ, උඩපළාත, කුණ්ඩසාලේ, යටිනුවර, දොල්තොට සහ මැදදුම්බර යන ප්‍රාදේශිය ලේකම් කොට්ටාස සඳහා ද ඉවත්වීමේ රතු නිවේදන නිකුත්කර තිබේ.…

Read More

“දිට්වා” සුළිකුණාටුව ඊයේ (29) ප.ව.11.30 වන විට යාපනය සිට 130 kmක් උතුරු දෙසින් , අක්ෂාංශ 10.7°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මෙම පද්ධතිය උතුරු දෙසට ගමන් කර ඉදිරි පැය 24 තුළ ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරයට සමාන්තරව ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවය. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක් අද (30) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුර, උතුරුමැද, වයඹ, බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. උතුරු, උතුරු-මැද, සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී.…

Read More

ආපදා සහිත ප්‍රදේශවල අඛණ්ඩ සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට ඉන්දීය ගුවන් හමුදාවේ MI-17V5 හෙලිකොප්ටර් යානා දෙකක් ශ්‍රී ලංකාව වෙත ළඟා වී තිබේ. ඊයේ (29) සවස මෙම හෙලිකොප්ටර් යානා දෙක පැමිණි බව ගුවන් හමුදා පවසයි. සහන සේවා සඳහා අත්‍යවශ්‍ය මානුෂීය ආධාර සහ ආපදා සහන ද්‍රව්‍ය සමඟ භට පිරිස් සාමාජිකයින් 22 දෙනෙකු ද එහි පැමිණි ඇති බව සඳහන්ය. මෙම හෙලිකොප්ටර් යානා දෙකෙහි නායකත්වය දරන ලද්දේ වින්ග් කමාන්ඩර් නාගේෂ් කුමාර් සහ වින්ග් කමාන්ඩර් මුකුල් මහජන් විසින්ය.

Read More