Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන ප්‍රකාශ පිළිබඳ නිරන්තර අවධානය යොමු කරන්න
    Featured

    වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන ප්‍රකාශ පිළිබඳ නිරන්තර අවධානය යොමු කරන්න

    By LFNNovember 30, 2025No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අධික වැසි තත්ත්වය පහව ගියද තවදුරටත්, මධ්‍යම කඳුකරයේ විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට ලැබුණු ජලය ටිකෙන් ටික පහළට ගමන් කරන බැවින්, ගංවතුර උවදුර සම්බන්ධව වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන ප්‍රකාශ පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

    මේ වන විට දිවයින තුළ ඇති සෑම ස්ථානයකම පස් තෙත්වී ඇති බැවින්, සමහර අවස්ථාවලදී නායයෑම් උවදුරු ඇතිවීමේ හැකියාවන් පවතින බැවින් සිය නිවෙස් කරා යාමේදී ඒ පිළිබඳ අවධානයෙන් පසු වීමේ වැදගත්කමද ඒ මහතා පෙන්වා දුන්නේය.

    එමෙන්ම, ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරේ සිට පුත්තලම දක්වා ඇති වෙරළ තීරය තුළ තවදුරටත් අනතුරු ඇඟවීම් බල පැවැත්වෙන බැවින් අද දිනයේද එම සීමාවේ ධීවර සහ නාවික කටයුතුවලින් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ධීවර ප්‍රජාවට දැනුම් දෙයි.

    සුළි කුණාටුවේ සෘජු බලපෑම ඉවත් වුවද තවමත් එහි වක්‍ර බලපෑම පවතින බවත්, සුළගේ වේගය පැයට කිලේමීටර් 50 දක්වා ඉහළ යන බවත්, මුහුදු රළ මීටර් 2-3 මට්ටමින් ඉහළ යාමේ තත්ත්වයක් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය.

    අනෙකුත් මුහුදු සීමාවල සුළඟේ වේගය අඩු වී ඇති බැවින්, ධීවර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන ආකාරයට, එම දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර ධීවර කටයුතු ආරම්භ කිරීම හෝ නොකිරීම පිළිබඳ සුදුසු තීරණ ගැනීමට හැකියාව පවතින බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.