Close Menu
Lanka Focus News
    What's Hot

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දිස්ත්‍රික් 11ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 92ක් සඳහා තවදුරටත් නායයෑම් අනතුරු ඇඟවීම්
    Featured

    දිස්ත්‍රික් 11ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 92ක් සඳහා තවදුරටත් නායයෑම් අනතුරු ඇඟවීම්

    By LFNNovember 30, 2025No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 93කට නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

    ඒ අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම, හපුතලේ, බණ්ඩාරවෙල, හැලිඇල, බදුල්ල, ලුනුගල, පස්සර, මීගහකිවුල, සොරනාතොට, වැලිමඩ, ඇල්ල, කන්දෙකැටිය සහ හල්දුමුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහා එම නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව සඳහන්ය.

    එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ පන්විල, පාතදුම්බර, ගඟ ඉහළ කෝරලේ, උඩුනුවර, දොලුව, පූජාපිටිය, මිනිපේ, ගඟවට කෝරලේ, අකුරණ, පස්බාගේ කොරලේ, හතරලියද්ද, හාරිස්පත්තුව, පාතහේවාහැට, උඩුදුම්බර, තුම්පනේ, උඩපළාත, කුණ්ඩසාලේ, යටිනුවර, දොල්තොට සහ මැදදුම්බර යන ප්‍රාදේශිය ලේකම් කොට්ටාස සඳහා ද ඉවත්වීමේ රතු නිවේදන නිකුත්කර තිබේ.

    කැගල්ල දිස්ත්‍රිකයේ රඹුක්කන, මාවනැල්ල, දැරණියගල, යටියන්තොට, ගලිගමුව, වරකාපොල, රුවන්වැල්ල, අරණායක, කෑගල්ල, බුලත්කොහුපිටිය සහ දෙහිඕවිට යන ප්‍රාදේශිය කොට්ටාසවලට මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල, අලව්ව, නාරම්මල, මාවතගම, මල්ලවපිටිය සහ රීදීගම යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා ද නායයෑම් රතු නිවේදන නිකුත්කර ඇති බව සඳහන්ය.

    මේ අතර මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව, අඹන්ගඟ කෝරලේ, පල්ලෙපොළ, උකුවෙල , නාඋල, ලග්ගල – පල්ලේගම, යටවත්ත, රත්තොට සහ මාතලේ යන කොට්ඨාස මෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල සහ මැදගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

    එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රිකයේ හගුරන්කෙත, මතුරට, නුවරඑළිය, නැගෙනහිර කොත්මලේ, බටහිර කොත්මලේ, තලවකැලේ, නෝවුඩ්, අඹගමුව, නිල්දන්ඩාහින්න සහ වලපනේ මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, කුරුවිට, ගොඩකවෙල, අයගම, ඇලපාත, කහවත්ත, ඕපනායක, කොලොන්න, නිවිතිගල, බලංගොඩ, ඉඹුල්පේ, පැල්මඩුල්ල, කිරිඇල්ල, රත්නපුර සහ ඇහැළියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහා ද ඉවත්වීමේ රතු නිවේදන නිකුත්කර ඇති බව සඳහන්ව.

    මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා ද නායයෑම් රතු නිවේදන නිකුත් කර තිබේ.

    මේ අතර කළුතර, ගාල්ල, මොනරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට දෙවන මට්ටමේ නායෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර කොළඹ, ගම්පහ, හම්බන්තොට සහ මාතර යන දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 31ක් සඳහා පළමු මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 202604 Views

    මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහර අද (25) වීථි සංචාරය කිරීමට…

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.