Author: LFN

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වාර 19ක් අද (01) දිනයේ ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. එමෙන්ම මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 34ක් ධාවනය වන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී. ඒ අනුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ පවතින අවහිරතා හේතුවෙන් කොළඹ කොටුව සිට අඹේපුස්ස දක්වා හා අඹේපුස්ස සිට කොළඹ කොටුව දක්වා පමණක් අදාළ දුම්රියන් ගමන් කිරීමට නියමිතව ඇති බව සඳහන් වේ. මීට අමතරව පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමන්වාර 18ක් ගමන් කිරීමට නියමිත අතර අදාළ දුම්රියන් කොළඹ කොටුව සිට මීගමුව කොච්චිකඩේ දක්වා සීමාකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. එමෙන්ම කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන්වාර 10ක් ද ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Read More

ජල ගැලීම් හේතුවෙන් මුලතිව් නයාරු ප්‍රධාන පාලම සම්පූර්ණයෙන්ම කැඩී ගොස් ඇති බව මුලතිව් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. පාලම කැඩීයාම හේතුවෙන් මුලතිව් සිට වැලිඔය ප්‍රදේශයට, මුලතිව් සිට ත්‍රිකුණාමලයට, මුලතිව් සිට කෝකිලායි ප්‍රදේශයට ගමනාගමන කටයුතු සියල්ල ඇණහිට ඇති බව ද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසීය.

Read More

කැලණි ගංගා ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් හංවැල්ල සහ ඒ ආශ්‍රිත පහළ ප්‍රදේශයේ මේ වනවිට අධි ගංවතුර තත්ත්වයක් පවතී. හංවැල්ල මිනුම් මධ්‍යස්ථානයේ ජල මට්ටම මීටර් 9.78ක් වාර්තා වන අතර, එය ආසන්න වශයෙන් මහ ගංවතුර තත්ත්වයක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ, එල්.එස්. සූරියබණ්ඩාර කැලණි ගංගා ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවය. ඒ අනුව නාගලගම් වීදියේ මිනුම් පාඨාංකය අඩි 8.35ක් ලෙස දැක්වෙන අතර එය මෑත ඉතිහාසයේ වැඩිම ජල මට්ටම බව ද ජල කළමනාකරණ අධ්‍යක්ෂවරයා පැවසීය. තවදුරටත් ජල මට්ටමේ වැඩිවීමක් සිදු නොවන බවද පැවසූ ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ කැලණි පන්සල…

Read More

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයට හදිසි ගොඩබෑමක් සිදුකළ හෙලිකොප්ටර් යානයේ සිට ජීවිතක්ෂයට පත්වූ ගුවන් නියමුවා පිළිබඳ ගුවන් හමුදාවෙන් විශේෂ සටහනක් තබා තිබේ. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ මෙහෙයුම්වල නිරතව සිටියදී මෙම අනතුර සිදුව තිබුණි. ඊයේ (30) පස්වරුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් – 212 හෙලිකොප්ටර් යානයක් වෙන්නප්පුව ලුණුවිල පාලම අසල සිටි පිරිසකට ආහාර ද්‍රව්‍ය ඇතුළු උපකරණ ලබා දෙමින් සිටිය දී හෙලිකොප්ටර් යානය හදිසි ගොඩබෑමක් සිදුකර තිබුණි. එහිදී හෙලිකොප්ටර් යානය ඒ අසල ඇළකට වැටී අනතුරට පත්වුණි. එම අවස්ථාවේ යානයේ ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු ගුවන් හමුදා සාමාජිකයින් 5 දෙනෙකු සිට ඇති අතර ප්‍රදේශවාසින් සහ පොලීසිය එක්ව ඔවුන්…

Read More

ඇතිව තිබෙන ගංවතුර හා නායයෑම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සහන සේවා කළමනාකරණය කිරීම සහ විධිමත් කිරීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය එක්ව හදිසි සම්බන්ධීකරණ ඒකකයක් ස්ථාපිත කර තිබේ. විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලින්, ශ්‍රී ලංකාවේ විදේශ රාජ්‍ය තාන්ත්‍රික ආයතනවලින් සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගෙන් ලැබෙන ආධාර සම්බන්ධීකරණය කිරීම සඳහා මෙම හදිසි සම්බන්ධීකරණ ඒකකය කේන්ද්‍රීය ස්ථානය ලෙස ක්‍රියා කරන බව වාර්තා වේ. සියලුම ආධාර ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රජාවන්ගේ යහපත සඳහා යොමු කරනු ලබන බවත් එම ක්‍රියාවලියේ විනිවිදභාවය සහ වගවීම සහතික කරන බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නිවේදනය කර ඇත. ආධාර කළමනාකරණය කිරීමට අමතරව, විදේශයන්හි ජීවත්වන…

Read More

පවතින ආපදා තත්ත්වය කළමනාකරණය කරගනිමින්, වේගවත්, කාර්යක්ෂම, යළි ගොඩනැංවීමක් සඳහා අවශ්‍ය වෙන නීතිමය රැකවරණය සහ ප්‍රතිපාදන අවශ්‍යතාවයන් වෙනුවෙන් හදිසි නීතිය පැන වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. මෙම හදිසි නීතිය ආපදා කළමනාකරණයට ලක්කර ගැනීම සහ කාර්යක්ෂමව රට ගොඩනැගීම සඳහා ඉවහල් කරගන්නවා ඇරුණු කොට වෙනත් කිසිඳු මර්දනීය ක්‍රියාදාමයක් වෙනුවෙන් උපයෝගී කර නොගන්නා බවද ජනාධිපතිවරයා සහතික විය. ජාතික අමතා සිදුකළ විශේෂ ප්‍රකාශයේ දී ජනාධිපතිවරයා මේ බව පැවසීය. එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ඇති වූ ස්වභාවික විපත් හේතුවෙන් සිදු වූ විපත් හා හදිසි ආපදා තත්ත්වයන් කලමනාකරණය කිරීම, නැවත යථා තත්ත්වය ගැනීමට හෝ පෙර තිබුණාට වඩා දියුණු තත්ත්වයකට ගැනීමට යන ත්‍රිවිධ ක්‍රියාවලියේ වගකීම…

Read More

අයහපත් කාලගුණයත් සමග ඉකුත් සිකුරාදා (28) පේරාදෙණිය සරසවිගම ප්‍රදේශයේ සිදු වූ නායයෑමෙන් 23 දෙනෙකුට අධික පිරිසක් මරණයට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් විසින් තහවුරු කර තිබේ. මේ වනවිට මළ සිරුරු 14ක් සොයාගෙන ඇති අතර, අතුරුදන් වූ පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය. නායයෑමත් සමග නිවාස 10ක් මුළුමනින්ම විනාශ වී තිබේ. ඒ හේතුවෙන් මියගිය පිරිස් තවදුරටත් ඉහළ යා හැකි බව ප්‍රදේශවාසීන් පවසයි.

Read More

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය යක්කල ආයුර්වේදය අසලින් වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරීය පියවර ගෙන තිබේ. ඒ යක්කල ආයුර්වේදය අසල ඇති පාලමේ මැද කොටස ගිලා බැසීම හේතුවෙනි. මේ හේතුවෙන් තාවකාලිව යක්කල – තිහාරිය අතර මාර්ගය වසා දැමීමට සිදුව ඇති බවත් විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් දැනුම් දී තිබේ.

Read More

අ.පො.ස. උසස් පෙළ සහ පැවත්වීමට නියමිතව තිබූ සියලු විභාගයන් දින නියමයකින් තොරව කල් දමා තිබේ. විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගනු ලැබූ බවය. ඒ අනුව අදාළ විභාග පැවැත්වෙන දිනයන් ඉදිරියේදී දැනුම් දෙන බවත් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය සඳහන් කළාය. කොමසාරිස්වරිය පැවසුවේ විදුලිය බිඳ වැටීම සහ සන්නිවේදන දුර්වලතා හේතුවෙන් මේ සම්බන්ධව විමසමින් විභාග දෙපාර්තමේන්තුව වෙත ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබෙන බවත් ඒ අනුව මෙම පියවර නැවත දැනුම් දීමට පියවර ගත් බවය.

Read More

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් අත්‍යවශ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය කාර්යාලය කේන්ද්‍ර කර ගනිමින් ‘අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලයක්’ ස්ථාපිත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී තිබේ. රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය, නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය යන කේන්ද්‍රීය අමාත්‍යාංශ සහ ඒ යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය, විදුලිබල මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන මණ්ඩලය යන ආයතන මෙන්ම ත්‍රිවිධ හමුදාව…

Read More