Author: LFN

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඊයේ (01) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබේ. ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ජීවිත හානි සහ සිදුවූ විනාශය පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ශෝකය පළ කර ඇත. මෙම අවස්ථාවේ දී ඉන්දීය ජනතාව ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සහයෝගයෙන් සිටින බව ද ඔහු ප්‍රකාශ කළ බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත්කළ නිවේදනයක දැක්වේ. ව්‍යසනයෙන් පසු ඉන්දියාව දැක්වූ සහයෝගයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය කෘතඥතාව පළ කළ අතර ගලවා ගැනීමේ කණ්ඩායම් සහ සහන ද්‍රව්‍ය කඩිනමින් යෙදවීම අගය කළේය. විපතට පත් පුද්ගලයින් බේරා ගැනීම සහ සහන සැලසීම සඳහා ක්‍රියාත්මක සාගර් බන්ධු මෙහෙයුම යටතේ…

Read More

විදේශීය පරිත්‍යාගශීලීන් විසින් ආපදාවට ලක්වූ ජනතාව වෙත ලබාදෙන අත්‍යාවශ්‍ය භාණ්ඩ තීරු බදු සහ ගාස්තුවලින් තොරව ගෙන්වීමට රජය විසින් ක්‍රමවේදයක් සකස් කර තිබේ. ආපදාවට පත්වූ ජනතාව වෙත අත්‍යාවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීම සඳහා විදෙස් රටවල් සංවිධාන, පුද්ගලයින් මෙන්ම විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් විසින් සිදුකර ඇති ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙම ක්‍රමවේදය සකස් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ඔවුන් මෙරටට එවනු ලබන භාණ්ඩමය ආධාර සියලු තීරුබදු ගාස්තුවලින් තොව කඩිනමින් නිශ්කාෂණය කර බෙදා හැරීම සඳහා පහසු ක්‍රමවේදයක් ප්‍රකාශයට පත් කර තිබේ. පරිත්‍යාග පිළිබඳ මාර්ගෝපදේශ සඳහා WWW.CUSTOMS.GOV.LK වෙබ් අඩවියට පිවිසීමෙන් ද එසේ පරිත්‍යාග කළ හැකි අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ද්‍රව්‍ය වර්ග පිළිබඳ සවිස්තරාත්මක විස්තර WWW.DONATE.GOV.LK…

Read More

‍ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය අද (02) දිනයේ අබේපුස්ස දක්වා සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ පුත්තලම් මාර්ගයේ දුම්රිය ධාවනය කොච්චිකඩේ දක්වා සිදුකිරීමට සැලසුම් කර ඇති බවය. කැලණිවැලි මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකිරීමට සැලසුම් කර තිබේ. ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ ධාවනය කළ දුම්රියන් 18ක් පොල්ගහවෙල, රඹුක්කන, කුරුණැගල, ගනේවත්ත, හලාවත සහ පුත්තලම යන දුම්රිය ස්ථානවල සේවයට යොදා ගත නොහැකිව නවතා දමා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර රට තුළ කිසිදු අත්‍යාවශ්‍ය ආහාර හිඟයක් නොමැති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ආපදා තත්ත්වය හේතුවෙන් ළඟවීමට නොහැකි වූ ප්‍රදේශයන් වෙත…

Read More

කැලණි ගඟේ ජල මට්ටම මේ වන විට පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ඒ අනුව කැලණි ගං ද්‍රෝණියේ පහත්බිම් ප්‍රදේශවලට බලපා තිබු ගංවතුර තත්ත්වයන් ද පහව යමින් පවතින බවය. ඊට අමතරව කළුගඟ, මල්වතු ඔය ඇතුළු ජලාශවල ද ජලමට්ටම් පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් කැලණි ගඟේ නාගලගම්වීදිය ජලමාපකයේ ජල මට්ටම අද අලුයම 02.00ක වනවිට අඩි 08ක් තිබු අතර අලුයම 03.00 වන විට අඩි 7.90 ක් දක්වා අඩු වී තිබේ. නමුත් තවදුරත් මහ ගංවතුර තත්ත්වයක් පවති බව දැනුම්දී ඇත. එමෙන්ම හංවැල්ල ජලමාපකයේ ජල මට්ටම අද අලුයම 02.00ක වනවිට අඩි 08ක් තිබු අතර අලුයම…

Read More

උතුරු සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ සහ දකුණු පළාත්වල අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

නොවැම්බර් මස දුම්රිය වාර ප්‍රවේශපතෙහි වලංගු කාලසීමාව 2025.12.07 දින දක්වා දීර්ඝ කර තිබේ. මේ වන විට රට පුරා පවතින අපදා තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර දුම්රිය ගමන් වාර සීමා කීරිමට ද සිදු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එසේම ගමන් අපහසුතා හේතුවෙන් මගීන් සීමීත ප්‍රමාණයක් පමණක් දුම්රිය වාර ප්‍රවේශපත්‍ර මීලදී ගන්නා බව නීරීක්ෂණය වන බව සඳහන්ය. එම තත්ත්වය සැලකිල්ලට ගෙන 2025 නොවැම්බර් මාසයට වලංගු මාසික හා ත්‍රෛමාසික වාර ප්‍රවේශපත්‍ර 2025.12.07 දින දක්වා භාවිතා කීරීමට පහසුකම් සලසා දීමට කටයුතු කර ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සති වාර ප්‍රවේශපත්‍ර සඳහා මෙය වලංගු නොවන බවය.

Read More

අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 06ක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම, සොරණාතොට, ඇල්ල, හපුතලේ, හාලිඇළ, මීගහකිවුල, හල්දුම්මුල්ල, වැලිමඩ, පස්සර, බන්ඩාරවෙල, ලුණුගල, බදුල්ල සහ කන්දෙකැටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ. මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ – හතරලියද්ද, උඩුනුවර, කුණ්ඩසාලේ, උඩුනුවර, පාතදුම්බර, තුම්පනේ, මැදදුම්බර, ගඟඉහළ කෝරලේ, මිනිපේ, පූජාපිටිය, අකුරණ, පාතහේවාහැට, දෙල්තොට, ගඟවටකොරලේ, දොළුව, පස්බාගේකොරලේ, උඩපළාත, පන්විල සහ හාරිස්පත්තුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇති බව සඳහන්ය. කෑගල්ල දිස්ත්‍රික්කයේ – රඹුක්කන, යටියන්තොට, බුලත්කොහුපිටිය, අරණායක, ගලිගමුව, කෑගල්ල, වරකාපොල,…

Read More

ඇද හැලුණු මහ වැසි සමග ආපදාවට පත් හලාවත මහ රෝහල නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දැමීමට පියවර ගන්නා බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා පවසයි. රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේ රෝහල මේ වන විටත් ජලයෙන් යටවී ඇති බවත් මේ වන විටත් රෝහල අඩි පහකට වඩා ජලයෙන් පිරී ඇති බවත්ය. මේ හේතුවෙන් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගනිමින් සිටි අසාධ්‍ය රෝගීන් ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මගින් කොළඹ හා පුත්තලම රෝහල් වෙත පිටත් කර යැවූ බවත් ඒ සමග අනෙක් රෝගීන් ගංවතුර මට්ටම් යම් තරමින් පහව යාමත් සමග නාවික හමුදාව හා යුධ හමුදාව මැදිහත්ව වාරියපොල හා කුරුණෑගල රෝහල් වෙත යැවීමටද කටයුතු කළ…

Read More

අයහපත් කාලගුණය හේතුවෙන් රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට නොහැකි වූ රියදුරන් වෙත නීතිමය බාධාවකින් තොරව රිය පැදවීමට සහන කාලයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ, දිවයිනේ පවතින අයහපත් කාලගුණික හා ස්වභාවික ආපදා තත්ත්වය හේතුවෙන් කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර ඇති රියදුරන් හට තම රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත පැමිණීමට බාධා එල්ලවී ඇති බවට නිරීක්ෂණය වී ඇති බවය. එම තත්ත්වය සැලකිල්ලට ගෙන 2025.11.25 වන දින සිට 2025.12.25 වන දින දක්වා කාලය තුළ කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා විශේෂ සහන කාලයක් ලබා දීමට මෝටර් රථ…

Read More

ඇති වී තිබෙන ආපදා තත්ත්වය නිසා ජනතාව විසින් භාණ්ඩ විශාල ලෙස එක් රැස් කරමින් සිටින අතර මෙම අවස්ථාවේ අනවශ්‍ය කලබලයක් ඇති කර ගත යුතු නැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. ඔවුන් වැඩිදුරටත් දැනුම් දෙන්නේ අනවශ්‍ය තොග රැස් කිරීමෙන් වැළකී තමන්ට අවශ්‍ය ප්‍රමාණයට පමණක් භාණ්ඩ මිලදී ගන්නා ලෙසය. එමෙන්ම නිසි ක්‍රමවේදයක් යටතේ ජනතාවට අවශ්‍ය භාණ්ඩ ප්‍රමාණය පමණක් නිකුත් කරන ලෙස ද සුපිරි වෙළෙඳසැල්වලින් සහ වෙළෙඳුන්ගෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉල්ලීමක් කර ඇත. පවතින මිල ගණන්වලට හා සාධාරණ මිල ගණන් යටතේ පමණක් භාණ්ඩ අලෙවි කරමින් මෙම අවස්ථාවේ දී රජයට සහ රටට සහාය පළ කරන ලෙස ද ව්‍යාපාරික ප්‍රජාවට ඔවුන් දැනුම් දී…

Read More