Author: LFN

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමීව ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාව විසින් රුපියල් ලක්ෂ 100ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය. ගෝලීය බෝරා ප්‍රජාවේ නායක ශුද්ධෝත්තම සෙයිද්නා මුෆද්දල් සයිෆුඩීන් පියතුමා වෙනුවෙන් ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාවේ සභාපති ඊබ්‍රහිම් සයිනි මහතා විසින් ඊට අදාළ චෙක්පත අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය. විපතට පත් ජනතාව මුදා ගැනීම සහ සහන සැලසීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට ඉදිරියේදී තවදුරටත් සහාය ලබා දෙන බව මෙහිදී පැවසූ බෝරා ප්‍රජාවේ නියෝජිතයෝ, විපතට පත්වූවන් බේරා ගැනීමට සහ සහන සැලසීමට ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළ අගය…

Read More

හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතාව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම කොමිෂන් සභාව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඔහුව අද (02) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණි.

Read More

හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතා අද (02) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණි තිබේ. එම කොමිෂන් සභාව විසින් මේ වනවිට සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඔහුව මෙලෙස කැඳවා ඇති බව සඳහන් වේ.

Read More

දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 410ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. අද (02) උදෑසන 10ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 336ක් අතුරුදන්ව ඇත. පවුල් 407,594කට අයත් පුද්ගලයින් 1,466,615ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ 88ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 83ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 75ක්,කුරුණෑගලින් මරණ 52ක් හා පුත්තලම දිස්ත්‍රික්කයෙන් මරණ 27ක් වාර්තා වී ඇත. මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 150 දෙනෙකු, නුවරඑළියේ පුද්ගලයින් 62ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 48,බදුල්ලෙන් පුද්ගලයින් 28ක්, දෙනෙකු සහ…

Read More

පාසල් ආරම්භක දිනය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා පවසයි. ඒ අනුව පෙර දැනුම්දුන් පරිදි දෙසැම්බර් 16 වන දින පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහත කියා සිටියේය. කෙසේ වෙතත් පාසල් ආරම්භය සම්බන්ධයෙන් අද (02) දිනයේ ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ආපදාවට ලක්වූ ප්‍රදේශවල පාසල් පළාත් මට්ටමින් හෝ ආරම්භ කිරීමට කටයුතු කරන බව ද අධ්‍යාපන ලේකම්වරයා ප්‍රකාශකර ඇති බවට අනිවරණය වී ඇත.

Read More

පසුගිය දා කඳපොළ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් කඳපොල චන්දිරිගම ප්‍රදේශයේ නායයෑමකින් අතුරුදහන් වූ පවුලක් සොයා මේ වනවිට යුද හමුදාව මෙහෙයුමක් දියත් කර තිබේ. මව, දරුවන් දෙදෙනා සහ දරුවන් දෙදෙනාගේ මිත්තනිය මෙලෙස අතුරුදන්ව ඇති අතර, නුවරඑළිය සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඊයේ (01) දිනයේ දී මෙම මෙහෙයුම දියත් කර ඇත. ඉකුත් 27 වනදා දහවල් එම ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව සමග මෙම නිවස නාය ගොස් ඇති අතර, එම අවස්ථාවේ ඔවුන් සියලුදෙනා නිවසේ රැඳී සිටි බව ප‍්‍රදේශවාසීන් පවසයි. අතුරුදහන් වූවන් සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Read More

ආපදාවට ලක්වූ ප්‍රදේශවල මාර්ග පිළිසකර කරමින් තිබිය දී විශාල වශයෙන් සහන කණ්ඩායම් පැමිණීම එම කාර්යයට බාධාවක් වී ඇතැයි පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කර සිටියේ, එම සහන කණ්ඩායම් සිදුකරන මෙහෙවරට තම ගෞරවනීය ස්තූතිය පළ කරන බවය. කෙසේ නමුත් ඇතැම් දිස්ත්‍රික්කවල මාර්ග අලුත්වැඩියා කටයුතු සිදුකරන ප්‍රදේශවලට විශාල වාහන ප්‍රමාණයක් පැමිණීම එම කටයුතුවලට බාධාවක් බවත් එමෙන්ම ඇතැම් යතුරුපැදිකරුවන් පැමිණ ආපදාවට ලක්වූ ස්ථාන නිරීක්ෂණය කරමින් එම ස්ථාන වීඩියෝ ගත කිරීම හේතුවෙන් අදාළ ස්ථානවල රාජකාරි සිදුකරන පිරිසට එය බාධාවක් වී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය. එලෙස පැමිණෙන පිරිසට ද මෙම තත්ත්වය අවදානම් බව ද…

Read More

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත් ගුවන් නියමුවා වූ වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතා ගෲප් කපිතාන් තනතුරට උසස් කර තිබේ. ඔහුගේ ආදර්ශමත් සේවය සහ රාජකාරිය සඳහා වූ කැපවීම ඉහළම ගෞරවයෙන් සලකනු ලබන බව ද ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කරයි.

Read More

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙරට ජපාන, කොරියානු සහ යුරෝපා සංගම් තානිපතිවරුන් හමුවී ආපදා තත්ත්වයෙන් මිදීමට සහාය දෙන ලෙස ඉල්ලා සිටියේය. විපක්ෂනායකවරයා සහ ජපාන තානාපති අකිඕ ඉසමොතා (Akio Isamota) මහතා අතර සාකච්ඡාවක් අද පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වුණි. මෙහිදී විපක්ෂ නායකවරයා විනාශ වූ මාර්ග පද්ධතිය නවීකරණය කිරීමටත් දුම්රිය ⁣මාර්ග පද්ධතිය අලුත්වැඩියා කිරීමටත් ජපාන රජයේ සුවිශේෂී දැනුමේ සහ තාක්ෂණයේ දායකත්වයත් ශ්‍රමයත් ලබාදෙන ලෙස ජපාන රජයෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම කොරියානු ජනරජයේ මෙරට තානාපතිනිය ද ඊයේ මුණුගැසුණු අවස්ථාවේදී විපක්ෂ නායකවරයා පැවසුවේ ආපදා තත්ත්වයෙන් මිදී රටක් ලෙස නැගී සිටීමට ආධාර උපකාර ලබාදීමට කටයුතු කරන ලෙසය. මේ අතර ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ තානාපතිනි…

Read More

ත්‍රිකුණාමලය, චීනවරාය පොලිස් වසමේ 05 කණුව ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. ඊයේ (01) රාත්‍රී කාලයේදී එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 59ක් වූ 05 කණුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වෙඩිතැබීමට හේතුව හෝ භාවිතා කළ අවිය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා චීනවරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Read More