Author: LFN
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ. පසුගිය සඳුදා (01) දින පාර්ලිමේන්තුව ආරම්භ කිරීමෙන් පසු පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී ගත් තීරණය අනුව එදින පාර්ලිමේන්තුව අද (03) දක්වා කල්තැබීමට තීරණය කෙරුණි. ඒ අනුව අද දිනයේ අයවැය තෙවන වර කියවීමේ කාරක සභා විවාදය පැවැත්වීමට නියමිතය. එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.
ජීවිත සිය ගණනක් බිලිගනිමින්, රට පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අවතැන් කළ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් යළි රට යථා තත්ත්වයට ගොඩනැඟීම සඳහා විශාල වශයෙන් ජාත්‍යන්තර සහාය අඛණ්ඩව ලැබෙමින් පවතින අතර හදිසි සහන කණ්ඩායම් යෙදවීමටද පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ආපදාවට පත් ජනතාව, ඔවුන්ගේ නිවාස, දේපළ සහ යටිතල පහසුකම් යළි ගොඩනැඟීම සඳහා වන වැඩපිළිවෙළ පුළුල් වන විට, ලොව පුරා රටවල් ඒ සඳහා සිය සහාය ප්‍රකාශ කර ඇති අතර, ඒ අතරින් මෙරට ප්‍රධාන මිත්‍ර රටවල් සෘජුව මැදිහත්ව සිටී. ලෝක නායකයෝ සහ ජාත්‍යන්තර සංවිධාන රැසක් පසුගිය දින කිහිපය තුළ ජනාධිපතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගනිමින් සහ පණිවිඩ යොමු කරමින්…
2025 වසරේ නොවැම්බර් මාසයේ මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 212,906ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව දැක්වෙනුයේ 2,103,593ක් ලෙසයි. නොවැම්බර් මාසයේ 8,530ක ඉහළම සංචාරක පැමිණීම නෙැවැම්බර් 22වැනි දින වාර්තා වී ඇති අතර එම කාල සීමාව තුළ වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වී ඇති රට ලෙස ඉන්දියාව පෙරමුනේ පසු වෙයි. වසරේ මේ දක්වා ඉන්දියාවෙන් 474,796ක්, එක්සත් රාජධානියෙන් 191,742ක්, රුසියාවෙන් 158,593ක්, ජර්මනියෙන් 131,259ක් සහ චීනයෙන් 121,671ක් ලෙසින් වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.
පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා නෙයියා තම්බි මරික්කාර් මොහොමඩ් තාහීර් මහතා නම් කර තිබේ. සමඟි ජන බලවේගය පක්ෂය විසින් මෙම නම් කිරීම සිදුකර ඇති අතර මැතිවරණ කොමිසක් සභාව විසින් අදාළ නම ගැසට් කර ඇති බව සඳහන්ය. එම පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ මුහමුදු ඉස්මයිල් මුත්තු මුහම්මදු මහතා පසුගියදා ඉල්ලා අස් වීමෙන් අනතුරුව අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පුරප්පාඩු වුණි.
ආපදා තත්ත්වය හේතුවෙන් බිඳ වැටුණු මෙරට දුරකථන සහ අන්තර්ජාල සන්නිවේදන ජාලා හෙට (04) වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේය. ඒ වෙනුවෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව සහ විදුලි සන්නිවේදන සමාගම් සියල්ල මහත් පරිශ්‍රමයකින් කටයුතු කරමින් සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඊයේ (02) මාධ්‍ය අදහස් දැක්වූ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා, “නායයෑම් සහ ජල ගැලීම් නිසා ස්ථාන 11කින් පළාත් සබඳතා තිබෙන ෆයිබර් ජාලය විසන්ධි වී තිබුණා. ඉන් ස්ථාන 09ක් පැය 24ක් වැනි කාලයක් තුළ පිළිසකර කිරීමට අප අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීමෙන් කටයුතු කළා.…
පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ කඩුවෙල සිට බත්තරමුල්ල දක්වා වූ මාර්ගය යළි ගමනගමන කටයුතු සඳහා විවෘත කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ බව සඳහන් කර ඇත. පැවති අධික වර්ෂාව හේතුවෙන් පසුගිය දින කිහිපය පුරා කඩුවෙල නගරයෙන් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබුණි. මේ අතර, අයහපත් කාලගුණය හමුවේ ගංවතුරින් යටවී තිබූ අතුරුගිරිය පිවිසුම ද ඊයේ (02) විවෘත කළේය. ඒ අනුව එම පිවිසුම භාවිත කර සිය ගමන් පහසුකම් සලසා ගැනීමේ හැකියාව මේ වනවිට ලැබී තිබේ.
පැවති අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ඇති වූ ආපදා හේතුවෙන් රජය විසින් ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 2010 අංක 19 දරණ මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 11 වන කොටසේ 9 වන වගන්තිය ප්‍රකාරව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වූ නායයෑම් හා ගංවතුරෙන් හානියට පත් ජාතික ව්‍යසන පාත්‍ර පරිපාලන දිස්ත්‍රික්ක 22ක් නම් කර තිබේ. 01. මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය 02. නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කය 03. බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කය 04. කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කය 05. මාතලේ පරිපාලන දිස්ත්‍රික්කය 06. කෑගල්ල පරිපාලන දිස්ත්‍රික්කය 07. ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය 08. මුලතිව් පරිපාලන දිස්ත්‍රික්කය…
ගංවතුර තත්ත්වයත් සමග ඉදිරියේදී වසංගත රෝග අවදානමක් ඇති වියහැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ ඩෙංගු, චිකුන්ගුන්යා සහ මී උණ රෝගය පැතිරීමේ දැඩි අවධානමක් ඇති බවය. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා, “පසුගිය දිනවල දිවයිනට බලපෑ හදිසි ආපදා තත්ත්වය හේතුකොට ගෙන ඉදිරියේදී දරුණු බෝවන රෝග පැතිරීමේ අවදානමක් ඇති වියහැකි යැයි අපි සෞඛ්‍ය අංශ විදිහට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඩෙංගු, චිකුන්ගුන්යා සහ මී උණ රෝගය පැතිරීමේ දැඩි අවදානමක් පවතිනවා. ඒ වගේම බෝ නොවන රෝග තත්ත්වයෙත් යම්කිසි වැඩිවීමක් අපි අපෙක්ෂා කරනවා. විශේෂයෙන්ම දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ…
උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (03) පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමෙන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල කුරුණෑගල සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලැබීමට ඇති තැනැත්තන්ගේ නාම ලේඛනය වාර්ෂිකව යථාවත් කිරීම සඳහා වූ කාලසීමාව දීර්ඝ කිරීමට සුබසාධ ප්‍රතිලාභ මණ්ඩලය පියවර ගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ ඒ අනුව පසුගිය මස 10 දින සිට මෙම මස 10 වැනි දිනය දක්වා ලබා දී තිබූ කාලය රටේ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මෙම මස 31 දක්වා දීර්ඝ කිරීමට පියවර ගත් බවය. ඒ අනුව සුදුසුකම් ලැබූ සහ නොලැබූ පවුල් සහ තැනැත්තන්ගේ නාම ලේඛනයේ ලියාපදිංචි වූ අස්වැසුම පළමු අදියරට අදාළව දැනට ප්‍රතිලාභ ලබන සහ නොලබන පවුල් සහ තැනැත්තන් සිට තොරතුරු යථාවත් කිරීම සඳහා එම කාලසීම තුළ පියවර ගන්නා ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය…