Author: LFN

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දිස්ත්‍රික් කාර්යාල නිලධාරීන් පරීක්ෂා කර නිගමන ලබා දෙන තුරු නිවෙස්වලට නොඑන ලෙස එම සංවිධානයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසයි. අදාළ නිලධාරීන් පැමිණ නිශ්චිතව සිදු කළ යුත්තේ කුමක් ද යන්න පිළිබඳව දැනුවත් කර නිගමනය ලබා දෙන තෙක් එනම් නිවාසවලට යා හැකි බව තහවුරු කරන තෙක් බෙහෙවින්ම අනාරක්ෂිත ස්ථානවල සිටින ජනතාව එම ස්ථානවලට නොඑන ලෙස මෙහිදී ඔහු උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව දැඩි අනාරක්ෂිත තත්ත්වයෙහි සිටි ජනතාව තවදුරටත් කඳවුරුවලම රැදී සිටින ලෙසද ආචාර්ය වසන්ත සේනාධීර මහතා ඉල්ලීමක් කර ඇත. දිස්ත්‍රික් 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 70කට නිවේදනය කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන සහ ඉවත් වීමේ…

Read More

ආපදාවන්ට ලක් වූ ජනතාවට පිහිටවීම සඳහා ශ්‍රී දළදා මාලිගාව සහ මල්වතු අස්ගිරි උභය මහාවිහාරීය ප්‍රධානත්වයෙන් රුපියල් කෝටි දෙකක මුදලක් පරිත්‍යාග කරමින් සමාජ සුබසාධන අරමුදල නමින් ගිණුමක් ආරම්භ කළබව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා පවසයි. අද (01) මහනුරව පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පැවසුවේ මහජන බැංකුවේ මහනුවර ශාඛාවේ මෙම ගිණුම ආරම්භ කළ බවය. දායකත්වය දැක්විය හැකි පිරිසට මහජන බැංකුවේ මහනුවර ශාඛාවේ 003 – 2001-0010 2599 අංකය දරණ ගිණුමට මුදල් බැර කරමින් තමන්ගේ දායකත්වයට දැක්විය හැකි අතර විදෙස් ගතව සිටින පිරිසට ද SWIFT code – PSBKLKIX හරහා සිය මුදල් පරිත්‍යාග කළ හැකි බව ඒ මහතා වැඩිදුරටත්…

Read More

දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 355ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. අද (01) උදෑසන 9ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 366ක් අතුරුදන්ව ඇත. පවුල් 318,252කට අයත් පුද්ගලයින් 1,156,860ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ 88ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 75ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 71ක්, , කුරුණෑගලින් මරණ 37ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 23ක් වාර්තා වී ඇත. මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 150 දෙනෙකු, නුවරඑළියේ පුද්ගලයින් 62ක්, බදුල්ලෙන් පුද්ගලයින් 53ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින්…

Read More

ජල ගැලීම්වලට ලක්වු ප්‍රදේශවල ජනතාව පානීය ජලය භාවිත කිරීමේදී දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ ජල ගැලීම්වලට හසු වූ ප්‍රදේශවල ළිං ජලය පානය කිරීමෙන් වළකින ලෙසය. එමෙන්ම පාචනය වැනි තත්ත්වයන් ඇතිවීමේ දැඩි ප්‍රවණතාවයක් ඇති බැවින් හැකිතාක් උණුකර නිවා ගත් ජලය පානය කරන ලෙස ද ඔහු දැනුම් දී ඇත. වැඩිදුරටත් අදහස් දක්වමින් ලේකම්වරයා සඳහන් කළේ කුඩා දරුවන්ට ද උණු කර නිවා ගත් ජලය පමණක් පානය කිරීමට ලබා දෙන ලෙසය. පවතින ආපදා තත්ත්වය හමුවේ මදුරුවන් බෝවීමේ ස්ථාන නිවාස අවට තිබිය හැකි බැවින් නිවාස පිරිසිදු කිරීමේ දී ඒ පිළිබඳව සැලකිලිමත් වෙමින්…

Read More

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (01) උදෑසන 9ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කළේය. එහිදී රට තුළ ඇතිව තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු ඉදිරියට පත්වාගෙන යන්නේ ද පිළිබඳ තීරණයක් ගැනීම සඳහා පාර්ලිමේන්තුව විනාඩි 30ක කාලයක් සඳහා කථානායකවරයා විසින් කල්තබනු ලැබීය. පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමක් පැවැත්වීම සඳහා මෙලෙස පාර්ලිමේන්තුව කල්තැබුණි.

Read More

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කඳු ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව හැටන් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතා පවසයි. හැටන්, වටවල, දියගල හා කළුගල යන ප්‍රදේශවලින් මෙලෙස පස් කඳු කඩා වැටී තිබුණි. මේ වනවිට එක් මංතීරුවක් විවෘත කරගැනීමට අවශ්‍ය කටයුතු, විශාල බැකෝ යන්ත්‍ර ප්‍රමාණයක් පෞද්ගලික හිමිකරුවන් විසින් ද යොදවා කඩිනමින් සිදුකරමින් පවතී. එහෙත් මාර්ගයෙහි තවදුරටත් නායයෑමක් සිදුවිය හැකිදැයි වඩාත් විමසිලිමත් විය යුතු බවද සඳහන්.

Read More

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආපදා තත්ත්වය හමුවේ මෙරට ජනතාවට ලබාදිය යුතු මූලික හදිසි වෛද්‍ය ප්‍රතිකාර පිළිබද සමීකරණයක් සිදුකර, එම තොරතුරු ජපාන රජයේ සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබාදීම සදහා ජපාන විශේෂ වෛද්‍යවරුන් කණ්ඩායමක් ඊයේ (30) රාත්‍රියේ දිවයිනට පැමිණියේය. වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමට අමතරව ජපාන රජයේ සම්බධීකරණ නිලධාරීන් පිරිසක් පැමිණ සිටියි. ඒ අනුව ඔවුන් ලබාදෙන නිර්දේශ මත ශ්‍රී ලංකාවට අවශ්‍ය සම්පූර්ණ වෛද්‍ය කණ්ඩායම, හෙදියන්, උපස්ථායකයින්, ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ඖෂධ ඉදිරි දින කිහිපය තුළදී මෙරට ලබාදීමට නියමිතය. මෙම ජපාන වෛද්‍ය කණ්ඩායම පිළිගැනීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු එම අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පිරිසක්, ශ්‍රී ලංකාවේ…

Read More

කොත්මලේ වේල්ල කැඩී ඇති බවට මේ වනවිට පළවන පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බව එම ජලාශය භාර කාර්යයේ නියුතු ඉංජිනේරුවයෙකු පැවසීය. මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී එම ඉංජිනේරුවයා පවසා සිටියේ, පවතින වර්ෂාවත් සමග ජලාශයේ එක් වාන් දොරටුවක් අඩි 2ක් විවෘත කර ඇති බවත්, එමගින් තත්ත්පරයට ඝන මීටර 80ක ජලය පිටවන බවත්ය. ජලාශයේ වාන් දොරටු නිකුත්කිරීමට පෙර සයිරන් හඬ නිකුත්කළ බවත්, එය සාමාන්‍ය තත්ත්වයක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. කොත්මලේ වේල්ල කැඩී ඇති බවත් ඒ හේතුවෙන් වේල්ලට පහළ ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව කඩිනමින් ඉවත්වන ලෙස පුවතක් සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වී තිබුණි. ඒ හේතුවෙන් එහි සිටි ජනතාව මේ වනවිට ඉහළ ප්‍රදේශවෙත ගමන්කර තිබේ.

Read More

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වාර 19ක් අද (01) දිනයේ ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. එමෙන්ම මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 34ක් ධාවනය වන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී. ඒ අනුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ පවතින අවහිරතා හේතුවෙන් කොළඹ කොටුව සිට අඹේපුස්ස දක්වා හා අඹේපුස්ස සිට කොළඹ කොටුව දක්වා පමණක් අදාළ දුම්රියන් ගමන් කිරීමට නියමිතව ඇති බව සඳහන් වේ. මීට අමතරව පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමන්වාර 18ක් ගමන් කිරීමට නියමිත අතර අදාළ දුම්රියන් කොළඹ කොටුව සිට මීගමුව කොච්චිකඩේ දක්වා සීමාකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. එමෙන්ම කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන්වාර 10ක් ද ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Read More

ජල ගැලීම් හේතුවෙන් මුලතිව් නයාරු ප්‍රධාන පාලම සම්පූර්ණයෙන්ම කැඩී ගොස් ඇති බව මුලතිව් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. පාලම කැඩීයාම හේතුවෙන් මුලතිව් සිට වැලිඔය ප්‍රදේශයට, මුලතිව් සිට ත්‍රිකුණාමලයට, මුලතිව් සිට කෝකිලායි ප්‍රදේශයට ගමනාගමන කටයුතු සියල්ල ඇණහිට ඇති බව ද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසීය.

Read More