Author: LFN
‘Rebuilding Sri Lanka’අරමුදලට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රුපියල් මිලියන 635කට ආසන්න මුදලක් මේ වනවිට ලැබී ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පවසා සිටියේ, ලංකා බැංකුව යටතේ ක්‍රියාත්මක ගිණුම හරහා තැන්පතු (transaction) 30,470කට අධික ප්‍රමාණයක් මේ වනවිට සිදුව ඇති බවය. එමෙන්න ශ්‍රී ලංකා මහ බැංකුව තුළ ක්‍රියාත්මක විදෙස් මුදලින් තැන්පත් කළ හැකි ගිණුම් හරහා මෙම අරමුදලට රුපියල් මිලියන 61කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවත් ඔහු පැවසීය. රටවල් 33කින් අදාළ ගිණුම්වලට මෙම මුදල් ලැබී තිබේ. ඒ අනුව ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 700කට ආසන්න බව ලැබී ඇති බව…
2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (05) දින පස්වරු 6ට සිදුකිරීමට නියමිතය. අද දිනයේ පාර්ලිමේන්තුවේ කටයුතු පෙරවරු 9ට ආරම්භ වන අතර, විවාදයෙන් අනතුරුව මෙලෙස පස්වරු 6.00ට ඡන්ද විමසිම පැවැත්වීමට නියමිතය. 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව පසුගිය නොවැම්බර් 7 වනදා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඉකුත් නොවැම්බර් 14 වනදා 2026 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැති අතර එය වැඩි ඡන්දයෙන් සම්මත වුණි. එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 160ක් සහ විරුද්ධව ඡන්ද 42ක් හිමිවූ අතර 8 දෙනෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී…
දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (05) අලුයම නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයේ දැක්වෙයි. ඒ අනුව අද දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වෙයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින්…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (4) ප.ව. 4.00 ට නිකුත් කළ ඉදිරි පැය 36 සඳහා වන කාලගුණ අනාවැකිය අනුව උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය. එමෙන්ම බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වලත් කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ…
දිට්වා සුළි කුණාටුවෙන් පසු තත්ත්වය තක්සේරු කිරීම සහ සහන සේවා, ගලවා ගැනීමේ සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ආධාර සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල, ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සංවර්ධන හවුල්කරුවන් සහ ජාත්‍යන්තර ණය දෙන ආයතන එක්රැස් කරමින් මුදල් අමාත්‍යාංශය ඊයේ (03) ඉහළ මට්ටමේ පරිත්‍යාගශීලීන්ගේ රැස්වීමක් කැඳවීය. මහ බැංකු අධිපතිවරයා සහ මහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ සම-සභාපතිත්වයෙන් පැවති මෙම රැස්වීමට ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර යන මහත්වරු ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙන්ම අග්‍රාමාත්‍ය කාර්යාලය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ප්‍රධාන භාණ්ඩාගාර දෙපාර්තමේන්තු නියෝජිතයන් සහභාගී වී…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකමේ 6වන වාරිකය ඉදිරි සති දෙක ඇතුළත ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් පවසයි. ඒ අනුව හයවන වාරිකය ලෙස ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 350ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය. දිට්වා සුළි කුණාටුවෙන් පසු විපතට පත් ජනතාවට සහන සැලසීම සහ ප්‍රතිස්ංස්කරණ කටයුතු සදහා ආධාර සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික දුත මණ්ඩල, ද්විපාර්ශ්වික, බහු පාර්ශ්වික සංවර්ධන හවුල්කරුවන් සහ ජාත්‍යන්තර ණය දෙන ආයතන එක්රැස් කරමින් මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් මේ බව ප්‍රකාශ කර තිබේ. මහබැංකු අධිපතිවරයා සහ මහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ සම සභාපතීතත්වයෙන් පැවති මෙම රැස්වීමට ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක…
අධිවේගී මාර්ගයේ අද (4) සිට යළි මුදල් අය කිරීමට තීරණය කර තිබේ. පැවති අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය නොවැම්බර් 27වනදා සිට නැවත දැනුම්දෙනතුරු අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා කිසිදු මුදලක් අය නොකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර තිබුණි.
දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ළමුන් 275,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව යුනිසෙෆ් සංවිධානය පවසයි. යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත එමා බ්‍රිගම් මහත්මිය පෙන්වා දෙන්නේ සුළි කුණාටුවෙන් දරුවන්ට සිදුව ඇති හානිය පිළිබඳ දැඩි කනස්සල්ල පළ කරන බවය. යුනිසෙෆ් සංවිධානය ශ්‍රී ලංකා රජය සමග එක්ව ළමුන්ට අවශ්‍ය හදිසි උපකාර සේවා සහ ජීවිතාරක්ෂක සේවා සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව සඳහන් වේ. දැඩිලෙස පීඩාවට පත් දිස්ත්‍රික්කවල සිටින දරුවන් වෙනුවෙන් හදිසි අධ්‍යාපන කට්ටල ලබා දීමට ද බලාපොරොත්තු වන බව යුනිසෙෆ් සංවිධානය පවසයි.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බිඳවැටුනු විදුලි බල පද්ධතිය යළි යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතුවල නිරතව සිටි විදුලි බල මණ්ඩලයේ සේවකයෙකු හෙට්ටිපොල ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමෙන් මියගොස් තිබේ. ඔහු විසින් ඊයේ(03) දහවල් කාලයේ දී බෝවත්ත-වීරපොකුණ ප්‍රදේශයේ බිඳවැටුම් යථාවත් කරමින් සිටිය දී මෙම අනතුරට මුහුණ දී තිබුණි. වීරපොකුණ මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුර වැඩිදුර ප්‍රතිකාර සඳහා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරව මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය, හෙට්ටිපොල ප්‍රදේශීය සේවා මධ්‍යස්ථානයේ සේවය කළ 41 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.
ඌව පළාත් සභාවේ රාජ්‍ය නිලධාරීන් විසින් ඔවුන්ගේ එක්දිනක වැටුප එම පළාත නැවත ගොඩනැගීමේ කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ. ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ ඊට පළාතේ සියලු රාජ්‍ය නිලධාරීන් කැමැත්ත පළ කර ඇති බවය. ඊට කැමැත්ත පළ කිරීමට අදාළ චක්‍රලේඛය ද නිකුත් කර ඇත. ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයට දිට්වා සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබුණි.