Author: LFN

ඔරුගොඩවත්ත ප්‍රදේශයේ ආගමික මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය “සාමි” වරයකු එම මධ්‍යස්ථානය තුළ බලපත් රහිතව කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටියදී පාරිභෝගික සේවා අධිකාරිය වැටලුවේය. අදාල ස්ථානය තුල මත්ද්‍රව්‍ය සකස් කරන බවට යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත අදාල ස්ථානය වටලා පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය හමු නොවුණත් ආහාර ද්‍රව්‍ය විශාල වශයෙන් ගොඩ ගසා ඇසුරුම් කරන ආකාරය දැක ඒ පිලිබදව පාරිභෝගික සේවා අධිකාරිය ඒ පිලිබදව දැනුවත් කර ඇත ඒ අනුව පාරිභෝගික සේවා අධිකාරිය එහි ගොස් පරීක්ෂා කිරීමේදී ආහාර ඇසුරුම් කිරීම සදහා එම ස්ථානයට කිසිදු බලපත්‍රයක් නොමැති බවට කරුණු අනාවරණය වී ඇත පසුව ආහාර ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේදී එම ආහාර ද්‍රව්‍ය කල් ඉකුත්…

Read More

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන පහසුකම (Rapid Financing Instrument -RFI) යටතේ එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක මූල්‍ය පහසුකමක් ඉල්ලා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම ඉල්ලීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත්ව මේ වන විට සමාලෝචනය කරමින් සිටින බවයි. ශ්‍රී ලංකාව සඳහා වූ IMF මෙහෙයුම් ප්‍රධානී එවන් පැපගෝගියු සඳහන් කළේ මෑත වසරවල ශ්‍රී ලංකාවට බලපෑ වඩාත්ම විනාශකාරී කුණාටුවක් වන මෙම කුණාටුව යටිතල පහසුකම් විනාශ කර, දහස් ගණනක් අවතැන් කර ඇති අතර රටේ ආර්ථිකය පිළිබඳ කනස්සල්ලක් ඇති කරවන බවය. මෙම ඉල්ලීමට…

Read More

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය ඊයේ (05) නිකුත් කර තිබේ. හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව බිඳ වැටී ඇති ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනමින් සහන සැලසීම අරමුණු කර ගනිමින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

Read More

ඊසානදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින හෙයින් අද (6) දිනයේත් උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියේ බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වල පස්වරු 1.00න් පමණ පසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. තවද බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක්ද පැවතිය හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර ඉදිරි පැය…

Read More

මොරගහහේන පොලිස් වසමේ ගෝනපල ප්‍රදේශයේදී ඉඩමේ මායිමක ආරවුලක් හේතුවෙන් බහින් බස්වීමක් දුරදිග ගොස් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ඊයේ (5) උදෑසන මෙම සිදුවීම සිදුව ඇති අතර, එහිදී පහරකෑ පුද්ගලයා රෝහල් ගතකිරීමට රැගෙන යාමේදී මියගොස් තිබේ. මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 64ක් වූ කෝපිවත්ත, ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පැවසීය. මෘත ශරීරය වෑතර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. අපරාධයට සම්බන්ධ වයස අවුරුදු 71ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මොරගහහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More

බම්බලපිටිය සමුද්‍ර මාර්ගයේ අද (06) අලුයම 2:30ට පමණ සිදුවූ බරපතළ රිය අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. ලොරි රථයක් මාර්ගය අයිනේ නතර කර තිබූ මෝටර් රථ 2ක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව බම්බලපිටිය පොලීසිය පැවසීය. පොලීසිය සඳහන් කළේ වැල්ලවත්ත දෙස සිට කොල්ලුපිටිය දෙසට ධාවනය වූ ලොරි රථයක් මෙලෙස මෝටර් රථ දෙකක ගැටී තිබෙන බවත් පසුව ලොරි රථය දුම්රිය මාර්ගය දෙසට ධාවනය වී දුම්රිය පීලි මත නතර වී තිබූ බවත්ය

Read More

කල්පිටිය මුහුදු තීරයේදී, නාවික හමුදා නිලධාරීන් විසින් සැකකටයුතු බෝට්ටුවක් පරීක්ෂා කර පොහොර උර 03 ක බහා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 63යි ග්‍රෑම් 718ක් හා හෙරොයින් කිලෝ 14යි ග්‍රෑම් 802ක් සිය භාරයට ගෙන ඇත. ඒ, ඊයේ (05) රාත්‍රියේ සිදුකළ මෙහෙයුමකදීය. අදාළ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාරදී ඇත. මත්ද්‍රව්‍ය තොගය රැගෙන පැමිණි බෝට්ටුවේ හිමිකරු කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරන බවත් වාර්තා වෙයි.

Read More

ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන් සිය ආදායම් බදු වාර්තා නොවැම්බර් 30 වනදා හෝ එදිනට පෙර භාර නොදුන්නහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිදුකළ දැනුම්දීම සංශෝධනය කර තිබේ. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් එම දෙපාර්තමේතුව සඳහන් කර සිටියේ, අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවය. එම දෙපාර්තමේන්තුව පසුගියදා දන්වා සිටියේ, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ විධිවිධානවලට අනුව සියලුම තැනැත්තන් 2024/2025 තක්සේරු වර්ෂය සඳහා වන ඔවුන්ගේ ආදායම් වාර්තා 2025 නොවැම්බර් 30 වනදා හෝ ඊට පෙර ගොනු කළ යුතු බවය. කෙසේ වෙනත් ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම සහ ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට බලපාන ලද අයහපත් කාලගුණික…

Read More

මෑත කාලීන සුළි සුළං සහ ගංවතුර හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා බලපත්‍රලාභී බැංකු මගින් සහන සැලසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය මත අනවශ්‍ය බලපෑමක් ඇති නොවන ආකාරයට, බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයන්ට ඵලදායී ලෙස සහන ලබාදීමේ අවශ්‍යතාවය හා ශ්‍රී ලංකා බැංකු සංගමයේ යෝජනා සලකා බලමින්, තම ආදායමට හෝ ව්‍යාපාරයට සෘජු බලපෑම් සිදුවූ පුද්ගලයින් සහ ව්‍යාපාර සඳහා (මින් ඉදිරියට ණය ගනුදෙනුකරුවන් ලෙස හඳුන්වනු ලැබේ) සහන ලබාදීමේ අරමුණින් බලපත්‍රලාභි බැංකු වෙත 2025 අංක 04 දරන 2025.12.05 දිනැති චක්‍රලේඛය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇත. ණය ගනුදෙනුකරුවන්…

Read More

දිවයිනට බලපා ඇති ඊශාන දිග මෝසම් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 9,10 සහ 11 යන දිනවලදී වර්ෂාපතනය වැඩිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More