Author: LFN
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අද (08) රාත්‍රී කාලයේ සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු – මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි අතර මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැකියි. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු…
පැවති ආපදා තත්ත්වය හේතුවෙන් දිවයින පුරා නිවාස 4,517ක් සම්පූර්ණ ලෙස විනාශයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ විනාශය සම්බන්දව එම මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන්ව තිබේ. එමෙන්ම මෙම තත්ත්වය හේතුවෙන් තවත් නිවාස 76,066ක් අර්ධ හානි සිදුව ඇති බවත් එම වාර්තාවේ සඳහන්ව ඇත. සම්පූර්ණ හානි වූ නිවාස අතුරින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර එම නිවාස ගණන 1,800කි. දෙවැනියට වැඩිම නිවාස හානි ප්‍රමාණයක් පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම ගණන 573කි. තෙවැනියට වැඩිම නිවාස හානි ගණනක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම දිස්ත්‍රික්කයේ විනාශ වූ නිවාස ගණන 480ක් බවත්…
දිට්වා සුළි කුණාටුවත් සමග ඇති වූ ගංවතුර තත්ත්වයෙන් දැඩි ලෙස හානිවූ කුඹුරුවල ගොඩගැසී ඇති වැලි සහ වැලි මිශ්‍ර පස් ඉවත් කිරීම සඳහා වන අවසරය මහවැලි අධිකාරිය මේ වන විටත් ලබා දී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. මේ සම්බන්ධයෙන් කර ඇති ඉල්ලීම සැලකිල්ලට ගෙන මෙම ගැටලුව කඩිනමින් විසඳීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් පොළොන්නරුව, ත්‍රිකුණාමලය, අම්පාර, බදුල්ල, මඩකලපුව, මාතලේ, වව්නියාව, මුලතිව්, අනුරාධපුර, කුරුණෑගල යන දිස්ත්‍රික්කවල පිහිටි හුරුළුවැව, රඹකැන් ඔය හා ආශ්‍රිත කුඹුරුවල තැන්පත් වී ඇති වැලි සහ වැලි මිශ්‍ර පස් මෙලෙස ඉවත් කිරීමට අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව වගා ඉඩම් හෝ ඉඩමේ හිමිකරුගේ ඉඩමේ…
නීති විරෝධීව ගුවන් මඟින් මෙරටට රැගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 21 ග්‍රෑම් 582ක් සමඟ සැකකාරියක් හා එයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමක දී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 21ක් වන සැකකාරියක් සහ වයස අවුරුදු 30ක් සැකකරුවෙකු බව වාර්තා වේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපල ඒකකය මගින් වැඩිදුර විමර්ශන සිදු කරයි.
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 627ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. අද (07) මධ්‍යාහ්න 12.00ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 190ක් තවමත් අතුරුදන්ව ඇත. පවුල් 611,530කට අයත් පුද්ගලයින් 2,179,138ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ 232ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 89ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 90ක් ,කුරුණෑගලින් මරණ 61ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 32ක්, පුත්තලමෙන් මරණ 35ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 28ක් වාර්තා වී ඇත. එමෙන්ම පවුල් 27,663ක පුද්ගලයින් 89,857ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානයන්හි රැඳී…
නීතිවිරෝධීව විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළින් පිට කරගෙන යමින් සිටි ගුවන් මගියෙකු අද (07) අලුයම කටුනායක ගුවන්තොටුපොල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි රියදුරුවරයෙකි. සැකකරු අද අලුයම ඩුබායි සිට පැමිණි ගුවන් යානයකින් ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණු අතර සැකකරු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ සහ කාඩ්බෝඩ් පෙට්ටියක් තුළ දුම්වැටි 28,000ක් අඩංගු දුම්වැටි කාටූන් 140ක් මෙහිදී නිලධාරීන් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට ඇප මත මුදා හැර ඇති අතර එළැඹෙන 10 වැනි දින ඔහු සහ නිලධාරී භාරයට ගත් දුම්වැටි තොගය…
කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, රත්තාගල ප්‍රදේශයේ සහ හැටන්, රොසැල්ල මාණික්කාවත්ත ජනපදයේ නායයෑම් අවදානමක් හේතුවෙන් එහි සිටින පවුල් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව රුවන්වැල්ල රත්තාගල ප්‍රදේශයේ පවුල් 11ක් රත්තාගල ප්‍රාථමික විද්‍යාලය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත. එමෙන්ම වටවල රොසැල්ල මාණික්කාවත්ත ජනපදයේ සිටි පවුල් 13ක පුද්ගලයින් 50 දෙනෙකුද එම ප්‍රදේශයෙන් ඉවත් කර වැලිඔය දමිළ මහා විද්‍යාලය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.
කල්පිටිය ප්‍රදේශයෙන් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 78ක තොගයක් සොයා ගැනීමේ සිද්ධියට සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. නාවික හමුදාව විසින් සිදු කළ අදාළ මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ධීවර යාත්‍රා දෙකක් ද නාවික හමුදා භාරයට ගෙන ඇත. කල්පිටිය ඉප්පන්තිවු වෙරළ තීරයේ නාවික හමුදාව විසින් සිදු කළ මෙම මෙහෙයුමේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 63.5ක් සහ හෙරොයින් කිලෝ ග්‍රෑම් 14.5ක තොගයක් සොයාගෙන තිබුණි. මේ අතර විශ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ මෙහෙයුම යටතේ ගතවූ කාලය තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 35,000 දහස ඉක්මවූ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මරත්න මහතා එම…
දෙහිවල A ක්වාටර්ස් ක්‍රීඩාංගනය ආසන්නයේදී සිදුකළ වෙඩි තැබීමකින් 34 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (06) රාත්‍රි 8ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවය. වෙඩි වැදීමෙන් 34 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත. පොලීසිය සැක පළ කරනුයේ මෙම වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය. සිද්ධිය සම්බන්ධව දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති.
ඉන්දියාවේ ගෝවා ප්‍රාන්තයේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 23 දෙනෙකු පමණ මිය ගොස් තිබේ. ඊයේ (06) මධ්‍යම රාත්‍රීයේ පමණ ගින්න හටගත් බව වාර්තා වෙයි. මියගිය පිරිස අතර බහුතරයක් සමාජ ශාලාවේ කාර්ය මණ්ඩලය බවත් කිහිප දෙනෙකු එම සමාජ ශාලාවට පැමිණි සංචාරකයින් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගින්න හටගත් අවස්ථාවේ දී එහි විශාල පිරිසක් සිටි බව සඳහන් වේ. ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වෙයි. තත්ත්වය පාලනය කිරීම සඳහා ඉන්දීය බලධාරීන් ඊයේ රාත්‍රිය පුරාම කටයුතු කර ඇත. ඉන්දියාවේ බටහිර වෙරළ තීරයේ කුඩා ප්‍රාන්තයක් වන ගෝවා, සෑම වසරකම මිලියන ගණනක් සංචාරකයින් ආකර්ෂණය කර ගන්නා ජනප්‍රිය සංචාරක ගමනාන්තයකි.