Author: LFN

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පවතින ප්‍රධාන ජලාශ 30ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 39කට අධික ප්‍රමාණයක් මේ වන විටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරු ඉංජිනේරු එච්.පී.එස්.ඩී. හේරත් මහතා පවසයි. ඒ මහතා පැවසුවේ එම ජලාශ අතර අම්පාර දිස්ත්‍රික්කයේ සේනානායක සමුද්‍රය, අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය, මහකනදරාව, රාජාංගන ජලාශද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, බදුල්ල දිස්ත්‍රික්කයේ සොරබොර ජලාශයද පවතින බවය. එමෙන්ම රාජාංගන ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම තුළින් මේ වන විට තත්ත්පරයට ඝන අඩි 6476ක ජල ප්‍රමාණයක්ද, අංගමුව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම තුළින් තත්ත්පරයට ඝන අඩි 1164ක ජල ප්‍රමාණයක්ද කලා ඔය වෙත නිකුත් කරමින් පවතින බවත් ඒ මහතා සඳහන් කළේය.…

Read More

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ මෙරට ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ අරමුණින් මියන්මාරයේ සිට ආධාර රැගත් එරට හමුදාවේ ගුවන් යානයක් කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත පැමිණ තිබේ. මියන්මාර රජයේ දූත පිරිසක් සමග ඊයේ (06) රාත්‍රියේ මෙම ගුවන් යානාව පැමිණ ඇත. මෙම ආධාර තොගයට යටතට සනීපාරක්ෂක ද්‍රව්‍ය, වෛද්‍යාධාර මෙන්ම අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යද අඩංගු වේ. මෙම සහනාධාර භාර දීමේ අවස්ථාවට ශ්‍රී ලංකා මියන්මාර තානාපතිනී මාර්ලා තාන් ටයික්, මියන්මාර රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් zසෝ ෆියෝ වින් ඇතුළු එරට රජයේ නියෝජිත නියෝතවරියන් රැසක් එක්ව සිටිහය. එමෙන්ම මෙම භාණ්ඩ තොගය භාර ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල් සැලසුම්…

Read More

දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය භාවිත කරමින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථවල ගමන් කිරීමට අවසර ලබාදී ඇත්තේ දුම්රිය ධාවනය සීමාවූ ප්‍රදේශවල සහ මේ වන විට දුම්රිය ධාවනය ඇණහිට ඇති ප්‍රදේශවල පමණක් බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි. දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන ප්‍රදේශවල පුද්ගලයින් ද දුම්රිය වාර ප්‍රවේශපත්‍ර භාවිත කරමින් ලංගම බස් රථවල ගමන් කිරීමට උත්සහ දැරීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇති බැවින් මේ සම්බන්ධයෙන් යළි අවධාරණය කළ බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පැවසීය. ‍මේ අතර මහනුවර සිට කොළඹ බලා පැමිණෙන දුම්රිය මගීන්ට හෙට අලුයම සිට විශේෂ බස් රථ යෙදවීමට කටයුතු කරන බව ජාතික ගමනා ගමන කොමිසන් සභාව…

Read More

රට පුරා අත්‍යවශ්‍ය සේවා ලබා ගැනීමේදී ඇතිවන පැමිණිලි සහ දුෂ්කරතා කඩිනමින් වාර්තා කිරීම සඳහා 1904 ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වා දී තිබේ. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය විසින් එම දුරකථන අංකය හඳුන්වා දී ඇත. විදුලි සැපයුම, රෝහල් සහ හදිසි වෛද්‍ය සේවා, මහජන ප්‍රවාහනය සහ සැපයුම්, ජල සැපයුම සහ සනීපාරක්ෂාව, ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ, විදුලි සංදේශ සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා සහ අති විශේෂ ගැසට් පත්‍ර අංක 2464/29 යටතේ ප්‍රකාශයට පත් කරන ලද වාරිමාර්ග සහ අනෙකුත් අත්‍යවශ්‍ය මහජන සේවා සම්බන්ධ ගැටලු වාර්තා කිරීමට මෙම ක්ෂණික ඇමතුම් අංකය භාවිතා කළ හැකිය බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය පවසයි. හදිසි අවස්ථා හෝ සේවා…

Read More

දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (07) අලුයම නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයේ දැක්වෙයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග…

Read More

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (06) ප.ව. 4.00 ට නිකුත් කළ ඉදිරි පැය 36 සඳහා වන කාලගුණ අනාවැකිය අනුව උතුරු, උතුරු-මැද, නැගෙනහිර ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන…

Read More

ස්විට්සර්ලන්තයේ සිට ආපදා ආධාර තොගයක් රැගත් ගුවන් යානයක් අද (6) පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය. ජල පිරිසිදුකරණයන් සහ ඒවායේ ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය තවත් උපකරණ රැසක් මෙම ආධාර තොගයේ අඩංගුය. මෙට්‍රික් ටොන් 2.6ක් බරැති මෙම ආධාර තොගය ඇසුරුම් 17කින් සමන්විතය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත නියෝජ්‍ය තානාපති ඔලිවියර් ප්‍රාස්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක්ද ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

Read More

රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ. නොවැම්බර් මස 24 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයක් මත මෙම පියවර ගන්නා බව ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා දැනුම් දී ඇත. ඒ අනුව නව නිවාඩු අයදුම්පත්‍ර හෝ නිවාඩු දීර්ඝ කිරීමේ අයදුම්පත්‍ර භාරගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කළ යුතු බව අමාත්‍යාංශ ලේකම්වරයා, සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අදාළ චක්‍රලේඛය මගින් දැනුම්…

Read More

ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විසින් දැනුම්වත් කිරීමක් කර තිබේ. පොලීසිය විසින් නිවේදයක් නිකුක්කරමින් සඳහන් කරන්නේ, ශ්‍රී පාදස්ථානයට ළඟාවීමට ඇති හැටන් ප්‍රවේශ මාර්ගයේ ඇති මහගිරිදඹ ප්‍රදේශයේ ඇතිවූ නායයෑම් තත්ත්වය සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් විසින් එම ස්ථානයට ගොස් මේ වන විට පවතින භූ අස්ථාවරත්වය සම්බන්ධව ගවේෂණයක් සිදුකර ඇති බවය. ඒ අනුව එම ගමන් මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ නිර්දේශ ක්‍රියාත්මක කරන තුරු දැනට පවතින තත්ත්වය යටතේ හැටන් පිවිසුම ඔස්සේ ඉහත අස්ථාවර කලාපය හරහා ශ්‍රී පාදස්ථානය වෙත…

Read More

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය අද (04) රාත්‍රී 11.00 දක්වා වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ජනතාවගෙන් ඉල්ලා සිටී. අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල පහත ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට අවවාද…

Read More