Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රධාන ජලාශ රැසක් තවදුරටත් වාන් දමයි
    Featured

    ප්‍රධාන ජලාශ රැසක් තවදුරටත් වාන් දමයි

    By LFNDecember 7, 2025No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පවතින ප්‍රධාන ජලාශ 30ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 39කට අධික ප්‍රමාණයක් මේ වන විටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරු ඉංජිනේරු එච්.පී.එස්.ඩී. හේරත් මහතා පවසයි.

    ඒ මහතා පැවසුවේ එම ජලාශ අතර අම්පාර දිස්ත්‍රික්කයේ සේනානායක සමුද්‍රය, අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය, මහකනදරාව, රාජාංගන ජලාශද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, බදුල්ල දිස්ත්‍රික්කයේ සොරබොර ජලාශයද පවතින බවය.

    එමෙන්ම රාජාංගන ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම තුළින් මේ වන විට තත්ත්පරයට ඝන අඩි 6476ක ජල ප්‍රමාණයක්ද, අංගමුව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම තුළින් තත්ත්පරයට ඝන අඩි 1164ක ජල ප්‍රමාණයක්ද කලා ඔය වෙත නිකුත් කරමින් පවතින බවත් ඒ මහතා සඳහන් කළේය.

    මෙම ජලාශවල වාන් දොරටු විවෘත කිරීම කර ඇතැත් නිකුත් කරන ජල ප්‍රමාණය අවම බැවින් එම ජලාශවල පහළ ප්‍රදේශවල ගංවතුර අවදානමන් නොමැති බවත් ඉංජිනේරුවරයා සඳහන් කළේය.

    තවද පසුගිය දින කිහිපයේ පැවැති අධික වර්ෂාපතනය හමුවේ වාරි ව්‍යාපාරයන් හී නිර්මිතවල ට අධික ලෙස හානි සිදුව ඇති බැවින් එම හානි සඳහා තාවකාලිකව ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇතැයිද ඒ මහතා පැවසීය.

    ඒ අනුව රාජාංගන ජලාශයේ දකුණු ඉවර ඇළ ප්‍රතිසංස්කරණය ආරම්භ කර ඇතැයිද එය අද දිනයේ අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් ඒ අනුව එම ජලාශයෙන් පෝෂණය වන වාරි ඉඩම් සඳහා ජලය ලබා දීමේ හැකියාව පවතින බවත් ඔහු සඳහන් කළේය.

    මීට අමතරව ඇලහැර යෝධ ඇලෙහි ප්‍රතිංස්කරණද වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ආරක්ෂක අංශ, ගොවි සංවිධාන සහය මගින් නිම කරමින් පවතින බවත් ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනය සහ මොරගකන්ද ජලාශයේ නිකුත් කරන ජල ප්‍රමාණය අනුව මෙහි ඉදි කිරීම් කාලසීමාව තීරණය වනු ඇති බවත් පැවසූ ඒ මහතා සඳහන් කළේ අනෙකුත් වාරි නිර්මිතයන් හී ඉදි කිරීම්ද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ තාවකාලිකව ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙමින් පවතින බවය.

    මේ අතර වාරිමාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා ආපදා කළමණාකරණ ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව තිබෙන ප්‍රධාන මිනුම් මධ්‍යස්ථාන සැලකීමේදී වැඩිම වර්ෂාපතනය වූ මිලිමීටර් 30-35 අතර ප්‍රමාණයක් බද්දේගම සහ රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වූ බවය.

    එමෙන්ම ගංවතුර මට්ටම් සැලකීමේදී සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ මට්ටමක පැවතියේ තන්තිරිමලය මල්වතු ඔය බවත් එයත් මේ වන විට අඩුවෙමින් පවතින බවත් ඉංජිනේරුවරයා සඳහන් කළේය.

    කෙසේ නමුත් එය ගංවතුර තත්ත්වයක් නොවන බවත් ජලාශවල ජලය අඩු කිරීමට ජලය නිදහස් කිරීමට කටයුතු කරන බැවින් ඇති වන තත්ත්වයක් බවත් පෙන්වාදෙන ඉංජිනේරුවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විටත් ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ජලාශවල පවතින ජලය අඩු කරමින් පවතින බවය.

    ඒ අතරට දැදුරු ඔය, රාජාංගනය, නාච්චදූව, මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනෙකුත් මධ්‍යම ප්‍රමාණයේ ජලාශ මේ වන විට වාන් දොරටු විවෘත කර ජල මට්ටම් අඩු කිරීමට කටයුතු කරන බවත් ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.