Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රීපාද වන්දනාවේ එන බැතිමතුන්ට පොලීසියෙන් දැනුම්දීමක්
    Featured

    ශ්‍රීපාද වන්දනාවේ එන බැතිමතුන්ට පොලීසියෙන් දැනුම්දීමක්

    By LFNDecember 6, 2025No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විසින් දැනුම්වත් කිරීමක් කර තිබේ.

    පොලීසිය විසින් නිවේදයක් නිකුක්කරමින් සඳහන් කරන්නේ, ශ්‍රී පාදස්ථානයට ළඟාවීමට ඇති හැටන් ප්‍රවේශ මාර්ගයේ ඇති මහගිරිදඹ ප්‍රදේශයේ ඇතිවූ නායයෑම් තත්ත්වය සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් විසින් එම ස්ථානයට ගොස් මේ වන විට පවතින භූ අස්ථාවරත්වය සම්බන්ධව ගවේෂණයක් සිදුකර ඇති බවය.

    ඒ අනුව එම ගමන් මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

    එම නිවේදනයේ නිර්දේශ ක්‍රියාත්මක කරන තුරු දැනට පවතින තත්ත්වය යටතේ හැටන් පිවිසුම ඔස්සේ ඉහත අස්ථාවර කලාපය හරහා ශ්‍රී පාදස්ථානය වෙත පිවිසීම සීමාකළ යුතු බවට පොලීසිය විසින් දැනුම්දී ඇත.

    එම නිවේදනයේ සඳහන් පරිදි හැටන් ප්‍රවේශ මාර්ගයෙන් ශ්‍රී පාදස්ථානය වෙත පිවිසීම අවධානම් තත්ත්වයක් පවතින බැවින් ශ්‍රී පාදස්ථානය වන්දනාව සඳහා ඉහළට ගමන් කිරීමේදී බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා එම ගමන් මාර්ගයේ සීමා කිරීම් සිදු කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවද පොලීසිය පවසයි.

    එමෙන්ම ශ්‍රී පාද වන්දනාවට ආපේක්ෂා කරන බැතිමතුන් තම ප්‍රදේශයන්හි සිට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේදී පවතින අයහපත් කාලගුණික තත්ත්වය හා ගමන් මාර්ගයන් පිළිබඳ දැඩි අවධානයෙන් හා සැලකිලිමත්ව ක්‍රියා කරන ලෙසට පොලීසිය වැඩිදුරටත් ඉල්ලා සිටී.

    ශ්‍රී පාද වන්දනා වාරය පසුගිය 04 වන දිනට යෙදුණු උදුවප් පුර පසලොස්වක පොහොය දිනයෙන් ආරම්භ විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.