Author: LFN

දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (05) අලුයම නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයේ දැක්වෙයි. ඒ අනුව අද දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වෙයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින්…

Read More

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (4) ප.ව. 4.00 ට නිකුත් කළ ඉදිරි පැය 36 සඳහා වන කාලගුණ අනාවැකිය අනුව උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය. එමෙන්ම බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වලත් කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ…

Read More

දිට්වා සුළි කුණාටුවෙන් පසු තත්ත්වය තක්සේරු කිරීම සහ සහන සේවා, ගලවා ගැනීමේ සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ආධාර සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල, ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සංවර්ධන හවුල්කරුවන් සහ ජාත්‍යන්තර ණය දෙන ආයතන එක්රැස් කරමින් මුදල් අමාත්‍යාංශය ඊයේ (03) ඉහළ මට්ටමේ පරිත්‍යාගශීලීන්ගේ රැස්වීමක් කැඳවීය. මහ බැංකු අධිපතිවරයා සහ මහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ සම-සභාපතිත්වයෙන් පැවති මෙම රැස්වීමට ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර යන මහත්වරු ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙන්ම අග්‍රාමාත්‍ය කාර්යාලය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ප්‍රධාන භාණ්ඩාගාර දෙපාර්තමේන්තු නියෝජිතයන් සහභාගී වී…

Read More

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකමේ 6වන වාරිකය ඉදිරි සති දෙක ඇතුළත ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් පවසයි. ඒ අනුව හයවන වාරිකය ලෙස ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 350ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය. දිට්වා සුළි කුණාටුවෙන් පසු විපතට පත් ජනතාවට සහන සැලසීම සහ ප්‍රතිස්ංස්කරණ කටයුතු සදහා ආධාර සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික දුත මණ්ඩල, ද්විපාර්ශ්වික, බහු පාර්ශ්වික සංවර්ධන හවුල්කරුවන් සහ ජාත්‍යන්තර ණය දෙන ආයතන එක්රැස් කරමින් මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් මේ බව ප්‍රකාශ කර තිබේ. මහබැංකු අධිපතිවරයා සහ මහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ සම සභාපතීතත්වයෙන් පැවති මෙම රැස්වීමට ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක…

Read More

අධිවේගී මාර්ගයේ අද (4) සිට යළි මුදල් අය කිරීමට තීරණය කර තිබේ. පැවති අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය නොවැම්බර් 27වනදා සිට නැවත දැනුම්දෙනතුරු අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා කිසිදු මුදලක් අය නොකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර තිබුණි.

Read More

දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ළමුන් 275,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව යුනිසෙෆ් සංවිධානය පවසයි. යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත එමා බ්‍රිගම් මහත්මිය පෙන්වා දෙන්නේ සුළි කුණාටුවෙන් දරුවන්ට සිදුව ඇති හානිය පිළිබඳ දැඩි කනස්සල්ල පළ කරන බවය. යුනිසෙෆ් සංවිධානය ශ්‍රී ලංකා රජය සමග එක්ව ළමුන්ට අවශ්‍ය හදිසි උපකාර සේවා සහ ජීවිතාරක්ෂක සේවා සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව සඳහන් වේ. දැඩිලෙස පීඩාවට පත් දිස්ත්‍රික්කවල සිටින දරුවන් වෙනුවෙන් හදිසි අධ්‍යාපන කට්ටල ලබා දීමට ද බලාපොරොත්තු වන බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

Read More

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බිඳවැටුනු විදුලි බල පද්ධතිය යළි යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතුවල නිරතව සිටි විදුලි බල මණ්ඩලයේ සේවකයෙකු හෙට්ටිපොල ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමෙන් මියගොස් තිබේ. ඔහු විසින් ඊයේ(03) දහවල් කාලයේ දී බෝවත්ත-වීරපොකුණ ප්‍රදේශයේ බිඳවැටුම් යථාවත් කරමින් සිටිය දී මෙම අනතුරට මුහුණ දී තිබුණි. වීරපොකුණ මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුර වැඩිදුර ප්‍රතිකාර සඳහා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරව මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය, හෙට්ටිපොල ප්‍රදේශීය සේවා මධ්‍යස්ථානයේ සේවය කළ 41 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.

Read More

ඌව පළාත් සභාවේ රාජ්‍ය නිලධාරීන් විසින් ඔවුන්ගේ එක්දිනක වැටුප එම පළාත නැවත ගොඩනැගීමේ කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ. ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ ඊට පළාතේ සියලු රාජ්‍ය නිලධාරීන් කැමැත්ත පළ කර ඇති බවය. ඊට කැමැත්ත පළ කිරීමට අදාළ චක්‍රලේඛය ද නිකුත් කර ඇත. ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයට දිට්වා සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබුණි.

Read More

කලාවැවේ ජල මට්ටම ඉහළ යන බැවින් අද (04) පෙරවරු 9ට වාන් දොරටු දෙක අඩි 4 බැගින් විවෘත කිරීමට පියවර ගෙන තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ හේතුවෙන් පහළ නිම්නයේ පදිංචි ජනතාව අවදානයෙන් පසුවිය යුතු බවය.

Read More

ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තවත් කාන්තාවකට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියක් නොරොච්චෝල පොලිස් වසමෙන් වාර්තා වෙයි. නොරොච්චෝලේ පොලිස් වසමේ නාවක්කාඩුව ප්‍රදේශයේදී ඊයේ (03) රාත්‍රී කාලයේ පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පිරිමි පුද්ගලයා හා එක් කාන්තාවක් මෙලෙස මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 38ක් සහ මරණකාරිය වයස අවුරුදු 35ක් බවත් ඔවුන් නාවක්කාඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලීසිය පවසයි. පුද්ගලික ආරවුලක් මත මෙම ද්විත්ව ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. වයස අවුරුදු 23ක් වන නාවක්කාඩුව ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් ආරක්ෂාව…

Read More