Author: LFN
රුහුණු කතරගම මහා දේවාලයේ අභිනව බස්නායක නිළමේවරයා ලෙස ආරච්චිගේ තිළිණ මධුශංක තේරී පත්ව තිබේ. අද (09) පැවති ඡන්ද විමසීමේ දී ඔහු එම ධූරය සඳහා තේරීපත්වූ බව සඳහන්ය. තිළිණ මධුශංක මේ වනවිට දෙවුන්දර ශ්‍රී විශ්ණු දේවාලයේ බස්නායක නිළමේවරයා ලෙසද කටයුතු කරයි.
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි කහ ඇනකොණ්ඩා පැටවා අතුරුදන් වී ඇති බවට සත්වෝද්‍යාන නිලධාරින් විසින් දෙහිවල පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබේ. මෙරට කාන්තාවක විසින් පසුගිය සැප්තැම්බර් මස 12 වනදා තායිලන්තයේ සිට නීති විරෝධීව මෙම කහ ඇනකොණ්ඩාවා ඇතුළු සර්ප විශේෂ තුනකට අයත් සර්පයින් 6 දෙනෙකු මෙරටට රැගෙනවිත් තිබුණි. පසුව එම සර්පයින් කටුනායක ගුවන් තොටුපළ රේගුව භාරයට ගෙන දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත භාර දෙන ලදී. ඒ අනුව එම සර්පයින් 6 දෙනා නිරෝධායනය සඳහා යොමුකර ඇති අතර අදාළ කාල සීමාවෙන් පසු මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බව දෙහිවල සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ කසුන් හේමන්ත සමරසේකර පසුගියදා ප්‍රකාශ කළේය. එහිදී ඔහු පැවසුවේ මෙම කහ ඇනකොණ්ඩාව දකුණු…
වසරේ මේ දක්වා කාලය තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩිම ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇත්තේ යතුරුපැදි බව එම දෙපාර්තමේන්තුව පවසයි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පැවසුවේ යතුරුපැදි පමණක් 223,423ක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවය. ඉන් පසුව මෝටර් රථ 55,338ක් ද, ත්‍රීරෝද රථ 13,850ක්ද, මෙම කාණ්ඩ සියල්ලම ආවරණය වන පරිදි විද්‍යුත් වාහන 35,268ක්ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය. මෙම වාහන ආනයනය කිරීමත් සමග මෙම වසරේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ලබා දී ඇති ආදායම් ඉලක්ක සපුරාගෙන ඇතැයිද පැවසූ ඒ මහතා සඳහන් කර සිටියේ දෙපාර්තමේන්තුවට මෙම වසරේ ඉලක්කය ලෙස රුපියල් බිලියන…
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරය අද (09) අභිමානවත්ව සමරන ලදී. එහිදී නාවික හමුදා පුද්ගලයින් 2,086 ක් වෙත උසස්වීම් පිරිනමා තිබුණි. ඒ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ මහතාගේ නිර්දේශය මතය. ඒ අනුව, නිලධාරීන් 17 දෙනෙකු ඊළඟ නිලය වෙතත්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 2069 දෙනෙකු ඊළඟ තරාතිරම් වෙතත් උසස් කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කර තිබේ.
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 638ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. අද (09) උදෑසන 09.00ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 191ක් තවමත් අතුරුදන්ව ඇත. පවුල් 501,958කට අයත් පුද්ගලයින් 1,737,330ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ 234ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 89ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 90ක් ,කුරුණෑගලින් මරණ 61ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 32ක්, පුත්තලමෙන් මරණ 37ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 28ක් වාර්තා වී ඇත. එමෙන්ම පවුල් 20,373ක පුද්ගලයින් 63,628ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානයන්හි රැඳී…
ඉදිරි කාලය සඳහා ලබා දී ඇති වර්ෂා පුරෝකථනයන් අනුව මේ වන විට දිවයිනේ ප්‍රධාන ජලාශ කිහිපයක පවතින ජල මට්ටම් තවදුරටත් අඩු කරමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ මේ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාච්චදූව, රාජාංගන, දැදුරු ඔය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, වෙහෙරගල මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ සේනානායක සමුද්‍රයේද මේ වන විට ජල මට්ටම් අඩු කිරීම සඳහා ජලය නිදහස් කරමින් පවතින බවය. කෙසේ නමුත් මෙම නිදහස් කරන ජල ප්‍රමාණයෙන් මගින් එහි පහළ ප්‍රදේශ සඳහා කිසිදු බලපෑමක් සිදු නොවන බවත් සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය. මේ වන විට ලබා දී ඇති පුරෝකථනයන් අනුව…
පානදුර දකුණ පොලිස් වසමේ වලාන පාර ප්‍රදේශයේදී තරුණයෙකු ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි. ඊයේ (08) රාත්‍රී කාලයේ පහරදීමක් හේතුවෙන් අදාළ තරුණයා තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවට පානදුර දකුණ පොලිස් ස්ථානය වෙත ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මුදල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත. මියගිය තරුණයා අවුරුදු 29ක් වූ තුඩැල්ල, කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය. මෘත ශරීරය පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වයස අවුරුදු 54ක් වන සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි. පානදුර දකුණ…
උතුරු, නැගෙනහිර, උතුරුමැද පළාත් සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අදාළ නිවේදනය අද (09) උදෑසන 7.30ට නිකුත් කර ඇති අතර, එය හෙට (10) උදෑසන 7.30 දක්වා පැය 24ක කාලයක් සඳහා වලංගු වේ. ඒ අනුව ඉහත ප්‍රදේශවල ජනතාව වඩාත් සැලකිලිමත් වෙන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින අතර, එහි බලපෑම හේතුවෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ. උතුරු, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා…
අයහපත් කාලගුණය නිසා ඇති වූ විපත්තිකාරි තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සහන සේවා සහ නැවත ගොඩනැගීමේ ක්‍රියාවලියට එක්සත් ජාතීන්ගේ සහාය ලබා දෙන බවට ශ්‍රී ලංකාවේ නේවාසික එක්සත් ජාතීන්ගේ නියෝජිත මාර්ක් ඇන්ඩෘෘ මහතා පොරොන්දු වී තිබේ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ මාර්ක් ඇන්ඩෘෘ මහතා අතර හමුවක් ඊයේ (08) අමාත්‍යංශයේ සිදුවූ අවස්ථාවේ දී ඔහු මේ බව පවසා ඇත. එමෙන්ම මෙම ආපදාවෙන් විපතට පත් සියලු ජනතාව සඳහා වහාම එක්සත් ජාතින්ගේ සංවිධානය ක්ෂණික ආධාර අරමුදල යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 4.5ක මුදලක් ලබා දීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කළ අතර එම මුදල සංකේතාත්මකව අමාත‍්‍ය විජිත හේරත් මහතාට පිරිනැමීම…
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරියෙකු අල්ලස් ලබාගැනීම සහ දුෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ. පුද්ගලික රක්ෂණ සමාගමක වාහන පරීක්ෂා කර ඊට අදාළ වාර්තාවන් ලබාදීම වෙනුවෙන් එම සමාගමේ නිලධාරීන් විසින් පිරිනමන ලද රු 6,415,050ක අල්ලස් මුදලක් භාරගෙන නීත්‍යානුකූල නොවන ආකාරයට රස පරීක්ෂක වාර්තා ලබා දී එම සමාගමට අයුතු ලාභයක් සලසා රජයට අයුතු අලාභයක් සිදුකර ඇතැයි අදාළ රාජ්‍ය නිලධාරියාට චෝදනා එල්ල වී තිබේ. රාජ්‍ය සේවකයෙකු ලෙස තුටු පඬුරු භාරගැනීම සහ දුෂණය යන වරද සිදුකිරීම සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනයකට අදාළව ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කළ විශ්‍රාමික අතිරේක රස පරීක්ෂකයෙකු වන ඩී.එච්.එල්.ඩබ්. ජයමාන්න නැමැත්තාව පසුගියා 5 වනදා දහවල් අල්ලස් හෝ දුෂණ චෝදනා…