Author: LFN

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ මෙරට ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ අරමුණින් රුසියානු මානුෂීය ආධාර රැගත් ගුවන් යානයක් ශ්‍රී ලංකාව බලා පිටත්ව තිබේ. මානුෂීය ආධාර ටොන් 35ක් රැගත් ගුවන් යානයක් මෙලෙස ශ්‍රී ලංකාව බලා පිටත් වූ බව ශ්‍රී ලංකා තානාපති ෂෝබිනි ගුණසේකර අද අලුයම වාර්තා කර ඇත. 2004 වසරේ ඇතිවූ සුනාමියෙන් පසු ශ්‍රී ලංකාවේ ඇති වූ දරුණුතම ස්වාභාවික විපත වූ “දිට්වා” සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් පුද්ගලයින් 639 දෙනෙකු මිය ගිය අතර ජනගහනයෙන් 10%කට පමණ බලපෑම් එල්ලවී තිබේ.

Read More

වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේදී ගිං ඔයට කඩා වැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 ගුවන් යානයේ කාර්මික දෝශයක් පැවති බවට තමන්ට සහ ප්‍රධාන ගුවන් නියමුවාට වැටහුණු බව අදාළ යානයේ සහාය ගුවන් නියමු ලෙෆ්ටිනන් එරංග චාමර ඒකනායක අධිකරණය හමුවේ සඳහන් කළේය. ඒ එම ගුවන් යානය කඩාවැටී එහි ප්‍රධාන ගුවන් නියමුවා මරුමුවට පත්වීම සම්බන්ධයෙන් වූ නීති කෘත්‍ය මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදීය. විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයකින් මෙහෙයුම් සිදුකරමින් සිටින අතරතුර එය වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේදී අවාසනාවන්ත ලෙස ගිංඔයට කඩාවැටුණේ ඉකුත් නොවැම්බර් 30 වැනිදාය. අනතුරෙන් ප්‍රධාන ගුවන් නියමු වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය නමැති 41…

Read More

ත්‍රෛනිකායික මහා සංඝරත්නය පෙරටු කරගනිමින් පිහිටුවන ලද බුද්ධශාසන සභාවේ දෙවෙනි රැස්වීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ (09) පස්වරුවේ පැවැත්වුණි. බුද්ධශාසන සභාවේ දෙවෙනි රැස්වීම මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී, ආචාර්ය පූජ්‍ය පහමුණේ සුමංගල නායක ස්වාමීන්ද්‍රයන්වහන්සේගේ මූලිකත්වයෙන් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය. බුද්ධශාසන සභාවේ ලේකම් ධුරය දරන ලද්දේ අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරි පූජ්‍යපාද බලපිටියේ සිරි සීවලී නායක හිමිපාණන්වහන්සේ විසින්ය. අප රට මුහුණ දුන් ස්වභාවික ව්‍යසනය නිසා අනතුරට පත් වූ සහ බලපෑමට ලක් වූ බෞද්ධ විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථාන…

Read More

කොළඹ නගරය ජලයෙන් යටවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ පෞද්ගලික දේශපාලන අවශ්‍යතා මත අනවසර ඉදිකිරීම් සිදුකිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසන්නීය. කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය. “කොළඹ දිස්ත්‍රික්කය තුළ හරි සැලසුම් නැතුව එක එක දේශපාලන න්‍යාය පත්‍ර මත, අතිශ්‍යයින්ම පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර තුළ ගත්තු තීරණ නිසා තමයි කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව මේ විදියට අවදානම් තත්ත්වයකට මුහුණදීලා තියෙන්නේ කියන එක ඉතාම පැහැදිලියි. ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු විදියට මින් ඉදිරියට මේ විදියට අනවසර ඉදිකිරීම් ඒ වගේම අවදානම් සහිත තැන්වල මේ විදියට ජනතාවට ඉදිකිරීම් කරන්න මෙවැනි තත්ත්වයන්වලට කිසිසේත්ම ඉඩතියන්නේ නෑ කියන එක අපි තහවුරු කළා. කොළඹ දිස්ත්‍රික්කය…

Read More

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. අඹේපුස්ස – අලව්ව අතර දුම්රිය ධාවනය සිදුවන්නේ තනි මාර්ගයේ බැවින් මෙම ප්‍රමාදය සිදුව ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බුජ්ජොමුව දුමිරිය ස්ථානය අසන්නයේ පිහිටි පැරණි බෝක්කුවක් කැඩීයාම හේතුවෙන් දුම්රිය ධාවනය අඹේපුස්ස දුම්රිය ස්ථානයට සීමා වී තිබුණි. කේසේ වෙතත් කැඩීගිය එම බෝක්කුව ඊයේ පස්වරුව වනවිට යථාතත්වයට පත්කිරීමෙන් අනතුරුව අද සිට ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර අද අලුයම සිට ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය කිහිපයක් සමාන්‍ය පරිදි ධාවනය කිරීමට කටයුතු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව…

Read More

රඹුක්කන, යටගම, තල්හේන්කන්ද ප්‍රදේශයේ පිහිටි දුරකථන සම්ප්‍රේෂණ කුලුනක සවිකර තිබූ කේබල් සොරකමක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී සොරකම් කරන ලද තඹ කම්බි කිලෝ 13 කට අධික ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන ඇත. ඊයේ මෙම සැකකරු රඹුක්කන පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31ක් වන රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Read More

කටාන පොලිස් වසමේ කිඹුලාපිටිය ප්‍රදේශයේ ගිනිකෙළි නිෂ්පාදන ආයතනයක ඇතිවූ හදිසි පිපිරීමකින් තරුණයෙකුට ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (09) සවස් කාලයේ ඇතිවූ පිපිරීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවට කටාන පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශනයක් ආරම්භ කර ඇත. එලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20ක තරුණයෙකි. මියගිය තරුණයා අදාළ ගිනිකෙළි නිෂ්පාදන ආයතනයේ සේවකයෙකු ලෙස කටයුතු කර ඇති අතර එහි එළිමහන් මඩුවක් තුළදී මෙම පිපිරීම සිදුවී ඇති බවට මෙතෙක් සිදුකල විමර්ශන වලදී අනාවරණය වී ඇත. මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More

දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ස්ථාපිත වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් අද (10) දිනයේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මීට අමතරව උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව…

Read More

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය ඉල්ලීමක් සිදුකර තිබේ. පැවති ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වූ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ලබාගෙන ඇති ණය සම්බන්ධයෙන් සහනදායී වැඩපිළිවෙලක් රජය විසින් කඩිනමින් ආරම්භ කළ යුතු බව ලංකා ගුරු සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් බොහෝ පිරිසක් පැවති ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින බවයි. එහිදි වැඩිදුර අදහස් දැක්වු ජෝසප් ස්ටාලින් මහතා, “අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේ ලක්ෂයකට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බව. දරුවෝ සම්බන්ධයෙන් මේ වෙද්දී තීරණය කරලා තියෙන්නේ රුපියල් 25000ක මුදලක් ලබා දෙන්න. දැන් සුරක්ෂා රක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා. ඒ හරහා ළමයින්ට අවශ්‍ය ක්‍රියාමාර්ග…

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නොපැවැත්වූ විෂයන් එළැඹෙන ජනවාරි 12 වැනිදා නැවත ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. එමෙන්ම පාසල් 9,926ක් එළැඹෙන දෙසැම්බර් 16 වැනිදා සිට නැවත ආරම්භ කිරීමටත් සියලු පාසල්වල තෙවන වාර විභාගය අවලංගු කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. කෙසේ වෙතත් වෙතත් 11 වෙනි ශ්‍රේණිය සඳහා පෙරහුරු විභාගයක් පැවැත්වීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

Read More