Author: LFN
සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වීම, පතරොම් සන්තකයේ තබා ගැනීම, සංවිධානාත්මක අපරාධකරුවන්ට අයත් මුදල් බැංකු ගිණුම්වල ඇතුලත් කරගෙන ගණුදෙනු කිරීම හා සංවිධානාත්මක අපරාධකරුවන්ට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය (09) රාත්‍රියේ මරදාන පොලිස් වසමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. සැකකරු වයස අවුරුදු 32 ක් වන මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරිය වයස අවුරුදු 25 ක් වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෙම සැකකරු හා සැකකාරිය තාවකාලිකව රැඳී සිටි කොළඹ 10 ප්‍රදේශයේ ලැඟුම්හලක කාමරය පරික්ෂා කිරීමේදී සැකකරුට අයත් ලැප්ටොප් බෑගයක් තුල සඟවා තිබූ 9mm ජීව පතරොම්…
නායයෑම් අවදානම හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් පවුල් 238කට අයත් පුද්ගලයින් 806 දෙනෙකු පදිංචි ස්ථානවලින් ඉවත් කළ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමග වාර්ෂාව පතිත වීම හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බවය. ඊයේ (10) දිනයේ දී අදාළ පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට පියවර ගත් බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා සඳහන් කළේය. “ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15න් 14ක් පමණයි ආපදාවට ලක්වුණේ. ආපදාවට ලක්නොවී තිබුණ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත් ආපදාවකට ලක්වුණා. කළුකැලේ කන්ද නායයෑම හේතුවෙන් පවුල් 50කට අයත් 129ක් සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත රඳවන්න සිදුවුණා. ස්වර්ණාතොට…
මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට සැලසුම් කළ සැකකරුවන් 05 දෙනෙකු බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දෙහිවල – වනරතන පාර ප්‍රදේශයේ ක්‍රීඩාපිටියක් අසලදී පසුගිය 06 වනදා ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදුකිරීමේ අපරාධයට පළිගැනීමක් වශයෙන් දෙහිවල ප්‍රදේශයේදීම මෙම ඝාතන සැලැස්ම සිදුකර ඇති බව පොලීසිය පවසයි. ඒ අනුව, පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා පෙර සැළසුම් සකස් කිරීම, කුමන්ත්‍රණය කරීම, එම වරදට ආධාර අනුබල දීම, නීති විරෝධි අයුතු ජනරාශියක සමාජිකයින් වශයෙන් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනෙකු ඊයේ (10) පෙරවරුවේ රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අවුරුදු 22 හා 36 යන වයස්වල පසුවන පංකුලම, රත්මලාන,…
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැකිය. සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ආපදාව හේතුවෙන් මරණයට පත් වූවන්ගේ මරණ පරීක්ෂණ කටයුතු සඳහා රජය ලබාදෙන දීමනාව ලබා නොගැනීමට හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර ඇත. මේ සඳහා සංගමයේ බහුතර සාමාජිකයන්ගේ එකඟතාවය ලැබුණු බව එහි සභාපති අනුර හේරත් මහතා පැවසීය. ආපදාවෙන් මරණයට පත් වූ අයගේ මරණ පරීක්ෂණ පැවැත්වීමට කැපවූ හදිසි මරණ පරීක්ෂකවරුන්ට ස්තූතිය පළ කරන බවද ඔහු කීවේය. ඒ අතර මේ අවස්ථාවේදී මරණ පරීක්ෂකවරුන් මුහුණ දෙන ගැටලු විසඳා ගැනීමට අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයට උපදෙස් දී ඇත.
බස්නාහිර සහ සබරගමුව පළාත් මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කිතුත් කර තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව සඳහන් වේ. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ.
2012 වසරේ ග්‍රීක බැදුම්කර නඩුවෙන් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය. එම නඩුවේ සෙසු විත්තිකරුවන් තිදෙනා කොන්දේසි රහිතව නිදොස් කොට නිදහස් කිරීමටත් කොළඹ මහාධිකරණය විසින් නියෝග කර තිබේ.
යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය ආධාර ප්‍රදානයක් සිදුකිරීමට තීරණය කර තිබේ. මෙම ආධාරය “දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් බලපෑමට ලක්වූ ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය සහන සැපයීමට උපකාරී වනු ඇති බව යුරෝපීය කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. මේ වන විට ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ Red Crescent කණ්ඩායම් ආපදාවට පත්වූ අය වෙනුවෙන් සහන කටයුතු ආරම්භ කර ඇති අතර එම සංවිධාන හරහා ලබා දෙන යුරෝ ලක්ෂ 5ද මෙම මානුෂීය ආධාර ප්‍රදානයට ඇතුළත් බව යුරෝපා සංගමය සඳහන් කරයි. මෙහිදී යුරෝපා සංගමය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ආපදාවට පත් ජීවිත නැවත ගොඩනඟා ගැනීමට අවශ්‍ය ශක්තිය සහ සහයෝගය ලබා දීමට සූදානම් බවය.
මේ වනවිට භූමියේ පවතින තත්ත්වය සහ කාලගුණ අනාවැකියට අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇගවීම් තවදුරටත් දීර්ඝ කර තිබේ. ඒ අනුව දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 40කට ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇත. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, “මෙම ප්‍රදේශවල නිවාස බොහොමයක් අධීක්ෂණයට ලක් කරලා නිවෙස් හිමිකරුවන්ට එහි අවදානම් තත්ත්වය ගැන වාර්තාවක් ලබාදී තිබෙනවා. එම පුද්ගලයන් මෙහිදී වඩාත් සැලකිලිමත් විය යුතුයි. මෙහිදී ප්‍රකාශ කරන්නේ නැහැ මුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයම අනතුරුදායක තත්ත්වයක තියෙනවා කියලා. එහි ආරක්ෂිත ස්ථාන තිබෙනවා.” “තමන්ගේ නිවස පිහිටලා තිබෙන්නේ කණ්ඩියක් අසල නම් ඒ ජනතාව අනිවාර්යයෙන්ම…
දෙසැම්බර් මාසයේ මුල් දින 08 තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 50,222ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, දෙසැම්බර් මාසයේ මුල් දින 08 තුළ දී ඉන්දියාවෙන් සංචාරකයින් 10,453ක් පැමිණ ඇති අතර එය 21.0% කි. තවද, රුසියාවෙන් 5,420ක්, ජර්මනියෙන් 4,822ක්, එක්සත් රාජධානියෙන් 3,823ක්, චීනයෙන් 2,627ක් සහ ඔස්ට්‍රේලියා ජාතිකයින් 2,594 ක් ද දෙසැම්බර් මාසයේ මුල් දින 08 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඒ අනුව, 2025 වසරේ ජනවාරි 01 වනදා සිට දෙසැම්බර් 08 දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාව 2,153,815කි. ඒ අතරින් සංචාරකයින් 485,249ක් ඉන්දියාවෙන්, 164,013ක් රුසියාවෙන් සහ 195,565ක් එක්සත් රාජධානියෙන්…