Author: LFN
ගංගා ද්‍රෝණි කිහිපයකට ගත වූ පැය 24ක කාලය තුළ මි.මී. 50ට වැඩි වර්ෂාවක් ඇදහැලී ඇති බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා අද (12) පෙරවරුවේ පැවසීය. විශේෂයෙන් ගිං ගඟ, කළු ගඟ, කැලණි ගඟ, යාන්ඔය ද්‍රෝණිවල ඉහළ ප්‍රදේශයන්ට මෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටද මි.මී. 50ට ආසන්න වර්ෂාවක් ඇදහැලී ඇත. මේ හේතුවෙන් ඇතැම් ගංඟාවල ජල මට්ටම වැඩවීමක් පෙන්වූවත්, එය ගංවතුර මට්ටමක දක්වා වර්ධනයවීමක් පෙන්නුම් නොකරන බව සූරියබණ්ඩාර මහතා පැවසීය. එමෙන්ම ඒ මහතා පවසා සිටියේ ජලාශවල ජල මට්ටමම් සැලකීමේදී ප්‍රධාන ජලාශ 34කට ආසන්න ප්‍රමාණයක තවමත් වාන් දැමීම සිදුවන බවය. ප්‍රධාන වශයෙන් දැදුරු ඔය, රාජංගනය, නාච්චාදූව, යාන් ඔය, පදවිය,…
වරෙන්තු 88ක් සඳහා අවශ්‍යකර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අතුරුගිරිය පොලීසියේ නිලධාරීන් කටයුතු කර තිබේ. අතුරුගිරිය පොලිස් වසමේ ගජබා මාවත ප්‍රදේශයේදී ඊයේ (11) පස්වරුවේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත. එහිදී විදේශ රටක රැකියා අවස්ථා ලබාදෙන බවට පවසා පුද්ගයිගෙන් මුදල් ලබාගෙන වංචාකර සැඟව සිටි අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 56ක් වන වාද්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරුට මෙම මුදල් වංචා කිරීම් සම්බන්ධව මොරටුව, ගාල්ල, වරකාපොල හා පානදුර යන මහෙස්ත්‍රාත් අධිකරණ මගින් වරෙන්තු 88ක් නිකුත්කර තිබී ඇත. අතුරුගිරිය පොලිස් ස්ථානය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
රු.5,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලූ පොලිස් කොස්තාපල්වරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අල්ලස් චෝදනා මත ඊයේ (11) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. අත්තනකඩවල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, දියබෙදුම පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ සේවය කරමින් සිටි නිලධාරීන් දෙදෙනෙක්ය. අදාළ පැමිණිලිකරු විසින් ඔහුට අයත් යතුරුපැදියෙන් පසුගියදා (දෙසැ. 9) ගමන්කරමින් සිටියදී එම යතුරුපැදිය අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා නවතා පරීක්ෂා කර තිබේ. එහිදී වලංගු රියැදුරු බලපත්‍රයක් හා ආදායම් බලපත්‍රයක් නොමැතිව මෙන්ම බීමත්ව ධාවනය කිරීමක් ඔවුන්ට අනාවරණය වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකර පැමිණිලිකරුගේ යතුරුපැදියේ රක්ෂණ සහතිකය සහ කල්ඉකුත් වූ ආදායම් බලපත්‍රය සැකකාර පොලිස් නිලධාරීන්ගේ භාරයට ගෙන…
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ධාවනය කළ ජීප් රථය තවත් මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුර සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය වී තිබේ. ඊයේ (11) පස්වරුවේ සපුගස්කන්ද දෙනිමල්ල ප්‍රදේශයේ අදාළ අනතුර සිදුවී ඇති බව පොලීසිය සඳහන් කළේය. අනතුරින් මෝටර් රථයේ ගමන්කළ 25 හැවිරිදි කාන්තාවක්, මාස 6ක් පමණ වයසැති ඇයගේ බිලිඳිය සහ 55 හැවිරිදි මිත්තනිය තුවාල ලබා රෝහල්ගත කර තිබුණි. පොලිසිය පැවසුවේ අදාළ බිලිඳිය ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලටත් ඇතුළත් කෙරුණු බවය. එමෙන්ම අනතුරින් තුවාල ලැබූ ජීප් රථයේ ගමන් ගත් අශෝක රන්වල මන්ත්‍රීවරයාද ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි. අනතුරට ලක්වූ ජීප් රථය සහ…
අද (12) දිනයේ උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියේ ඒ බව සඳහන් ය. ඒ අනුව උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇති වෙයි. ඌව පළාතෙත් මාතලේ, කුරුණෑගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකිය. සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත…
හානියට පත් යටිතල පහසුකම් කඩිනමින් ගොඩ නැගීම සඳහා එවැනි යටිතල පහසුකම් විෂය පථයන්ට අදාළව විදේශ අරමුදල් යටතේ දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල හදිසි ප්‍රතිචාර සංරචකයන් සක්‍රීය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව, ලෝක බැංකු සමූහය විසින් අරමුදල් සපයනු ලබන ආයෝජන ව්‍යාපෘතිවල ඇතුළත් හදිසි ප්‍රතිචාර සංරචකයන් සක්‍රීය කිරීමටත්, යෝජිත හදිසි ප්‍රතිචාර සංරචක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 92ත් 112ත් අතර මුළු මුදලක් සලසා ගැනීමටත් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. මෑත ඉතිහාසයේ සිදු වූ දරුණුතම ස්වභාවික විපත්වලින් එකක් වන දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් හදිසි ගංවතුර සහ නායයෑම් තත්ත්වයක් රට පුරා ඇති…
ගම්පොළ, අම්බුළුවාව ජෛව විවිධත්ව කලාපය පිහිටි ඉඩම සඳහා වූ අවසරය අහෝසි කිරීමට හෝ එය ආපසු කැඳවීම පිළිබඳව ඉදිරිපත් කර තිබෙන නිර්දේශය සම්බන්ධයෙන් ලබන 15 වනදා දක්වා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය තාවකාලික අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්වය භාර අරමුදල විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත. මෙම පෙත්සම ලබන 15 වනදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙසත් නියම කෙරුණි.
දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම දියත් කිරීම අද (11) දින සිදුකරන ලදී. අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා පැවසුවේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව අංශ හතක් ආවරණය වන පරිදි ප්‍රමුඛතා ලැයිස්තුවක් මේ වෙනුවෙන් සකස් කර ඇති බවයි. මේ සඳහා ඉදිරි මාස 04ක කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 35ක පමණ වියදමක් දැරීමට සිදුවනු ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. ඒ අනුව ඉදිරි මාස හතර තුළ අමෙරිකානු…
කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව ඉහත ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳ සැලකිලිමත් වන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ගිගුරුම් සහිත වැසි ඇති වෙන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇති වේ. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
‘දිට්වා’ සුළි කුණාටුවත් සමග ඇති වූ අනපේක්ෂිත හදිසි තත්ත්වය තුළ සිසුන් මුහුණ දුන් අභියෝග හඳුනා ගනිමින්, ඔවුන්ගේ ඉගෙනුම් කටයුතු සඳහා සහයෝගය ලබා දීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඩිජිටල් ඉගෙනුම් වේදිකා ශක්තිමත් කර ඇත. ඒ අනුව සිසුන්ට ඕනෑම ස්ථානයක සිට විෂය කරුණු සහ පසුගිය ප්‍රශ්න පත්‍ර වෙත ප්‍රවේශ වීමට හැකි වන පරිදි, ජාතික ඉලෙක්ට්‍රොනික ඉගෙනුම් වේදිකාව වන ඊ-තක්සලාව (E-thaksalawa) සඳහා ප්‍රවේශය වැඩි දියුණු කර තිබේ. මෙම ප්‍රයත්නය මගින්, පාසල් වසා දැමීම සහ බාහිර අර්බුද නොතකා සිසුන්ට විභාගය සඳහා අඛණ්ඩව සූදානම් වීමට හැකියාව ලැබෙන බව සඳහන් වේ. අත්‍යවශ්‍ය ඉගෙනුම් අන්තර්ගතයන් සකස් කර ඒවා මෙම ඉගෙනුම් වේදිකාවට ඇතුළත් කර,…