Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකාව යථාවත් කිරීමේ එක්සත් ජාතීන්ගේ මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම දියත් කරයි
    Featured

    ශ්‍රී ලංකාව යථාවත් කිරීමේ එක්සත් ජාතීන්ගේ මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම දියත් කරයි

    By LFNDecember 11, 2025No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම දියත් කිරීම අද (11) දින සිදුකරන ලදී.

    අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා පැවසුවේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව අංශ හතක් ආවරණය වන පරිදි ප්‍රමුඛතා ලැයිස්තුවක් මේ වෙනුවෙන් සකස් කර ඇති බවයි.

    මේ සඳහා ඉදිරි මාස 04ක කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 35ක පමණ වියදමක් දැරීමට සිදුවනු ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

    ඒ අනුව ඉදිරි මාස හතර තුළ අමෙරිකානු ඩොලර් මිලියන 35ක් රැස් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ දේශීය හා ජාත්‍යන්තර හවුල්කරුවන් උත්සාහ කරන බව ඔහු සඳහන් කළේය.

    රජය සහන සහ ප්‍රතිසාධන කටයුතු මෙහෙයවන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් දේශීය හා ජාත්‍යන්තර හවුල්කරුවන් ක්ෂේත්‍ර ගණනාවක් සඳහා ඔවුන්ගේ සහාය ලබා දෙන බව ඔහු පැවසීය.

    එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ සඳහන් කළේ, ඕස්ට්‍රේලියාව, කැනඩාව, යුරෝපා සංගමය, ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් ලබා දෙන ලද සහයෝගය ඇතිව මෙම මුලපිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනටමත් අමෙරිකානු ඩොලර් මිලියන 9.5ක් ලැබී ඇති බවය.

    පාර්ශවකරුවන් සමඟ සම්බන්ධීකරණ වැඩසටහනක් සමඟින් ඉදිරි මාස කිහිපය තුළ තවත් අමෙරිකානු ඩොලර් මිලියන 26ක් රැස්කර ගැනීමට ඔවුන් උත්සාහ කරන බව ඔහු සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202604 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.