Author: LFN
කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අදාළ ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. මෙම නිවේදනය අද (12) දහවල් 12.30ට නිකුත් කර ඇති අතර, අද රාත්‍රී 11 වන තෙක් වලංගු වේ. ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
විදෙස් රටවලින් ලබාදුන් ආධාර ගබඩාකර ඇති ඔරුගොඩවත්ත පිහිටි ආපදා සහන සේවා ගබඩා පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා ප්‍රමුඛ කමිටු සාමාජිකයන් අද (12) එක්විය. අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත්වූ ජනතාව වෙනුවෙන් විදෙස් රටවලින් ලබාදුන් ආධාර ඔරුගොඩවත්තේ පිහිටි ආපදා සහන සේවා ගබඩා පරිශ්‍රය හරහා ආපදාවට ලක්වූවන් වෙත ක්‍රමවත්ව ලබාදීම මේ දිනවල සිදුකෙරේ. පීඩාවට පත්වූ ජනතාව වෙත ලබාදීම සඳහා විදෙස් රටවලින් ලැබෙන ආධාර තොග ඊයෙත් (11) මෙරටට ලැබී තිබුණි. දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ Rebuilding Sri Lanka අරමුදල සඳහා කොළඹ සිටින රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් සිය පෞද්ගලික ධනයෙන් රුපියල් මිලියන 3.6ක මූල්‍ය…
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගෙන තිබේ. අන්ත්‍රාදායක ලෙස රිය පැදවීම සහ අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් පොලීසිය සඳහන් කළේය.
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ධාවනය කළ ජීප් රථය තවත් මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුර සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිස් ස්ථානය විමර්ශනයක් ආරම්භ කර තිබේ. අද (12) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා මේ බව පැවසීය. ඔහු පවසා සිටියේ, අනතුරින් තුවාල ලැබූ දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලේද, මාස 6ක බිලිදියක් රිජ්වේ ආර්යා ළමා රෝහලේද නේවාසිකව ප්‍රතිකාර ලබන බවය. එමෙන්ම මෙම අනතුරේ රියදුරන් බීමත්ව සිටියාද යන්න පරීක්ෂාකිරීම සඳහා වෛද්‍ය වාර්තාවක් කැඳවා තිබෙන බවත්, එහි ප්‍රතිඵලය මත තනතුර තරාතිරම බාධාවක් කර නොගෙන පොලීසිය කටයුතු කරන බවත් ඔහු පැවසීය. කෙසේ නමුත් මන්ත්‍රි අශෝක රන්වල…
පාර්ලිමේන්තුව ජනවාරි 6 වැනිදාට පෙර කැඳවන්නැයි අගමැතිනියගෙන් ඉල්ලීමක් කිරීමට සමග ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය තීරණය කර ඇත. මන්ත්‍රීවරුන් විසි පස් දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් අගමැතිනියට අද හෙටම බාර දෙමින් මෙම ඉල්ලීම කිරීමට බලාපොරොත්තු වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවසීය. පසුගිය දිනවල ඇතිවූ ආපදාව සහ එමගින් ජනතාවට සිදුවූ බලපෑම මෙන්ම සහන සේවා කටයුතු සම්බන්ධයෙන් මේ දක්වා පුළුල් සාකච්ඡාවක් පවත්වා නැති හෙයින් ඒ සඳහා අවස්ථාව උදාකර ගැනීමට මෙම ඉල්ලීම කරන බවද ඔහු සඳහන් කළේය. එම ලිපියට මන්ත්‍රීවරැන්ගෙන් අත්සන් ගැනීම දැනටමත් ආරම්භ කර ඇත. මෙම ඉල්ලීම කිරීමට තීරණය කර ඇත්තේ සමග ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය අයවැය අවසාන…
නුවරඑලියට පිවිසෙන කිසිදු මාර්ගයක රාත්‍රී කාලයේ රථවාහන ධාවනය නොකරන ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (11) පස්වරුවේ පැවති මාධ්‍යට සාකච්ඡාවකදී ඇය මේ බව පැවසීය. වාහන ධාවනයට විවෘත කරල ලද ගම්පොළ නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කටුකිතුල ප්‍රදේශයෙන් යළිත් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩාවැටී ඇති බවත්, පවත්නා කාලගුණය අනුව තවදුරටත් මාර්ගවලට පස්කදු කඩා වැටීමේ අවධානමක් පවතින නිසා එම තීරණය ගත් බවත් දිස්ත්‍රික් ලේකම්වරිය පවසයි. ‘දිට්වා’ සුළි කුණාටුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආපදාවට පත් සියලු ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලු පහසුකම් සලසා ඇති බවත්, ආපදාවට පත් සහ ආපදාවට පත් නොවූ ඇතැම් පිරිස් රජය අපහසුතාවට පත් කිරිමේ අරමුණින්…
දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 33කට මේ වනවිට නිකුත් කර තිබූ නායයෑම් ඉවත්වීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කළ බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි. පසුගිය දින කිහිපය තුළ බදුල්ල සහ මහනුවර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 75 ඉක්මවු වර්ෂාවක් ලැබීම හේතුවෙන් මෙම නායයෑම් රතු නිවේදන තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ, ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා කියා සිටියේය. ඊයේ (11) දිනය තුළ මීගහකිවුල, දෙමෝදර යන ප්‍රදේශවල නායයෑම් සිදුවීම් වාර්තා වන බැවින් ඒ පිළිබඳව ජනතාව නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතු බවද ඒ මහතා අවධාරණය කළේය. යම් ආකාරයක අනතුරුදායක තත්ත්වයක් අදාළ භූමියන්ගේ පවතින බැවින් කාලගුණ අනාවැකි සැලකිල්ලට ගෙන අදියර 2…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග දුරකථනයෙන් සාකච්ඡා කළ බව ඊශ්‍රායල අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. “උණුසුම් හා මිත්‍රශීලී සංවාදය අවසානයේ, නායකයින් දෙදෙනා ඉතා ඉක්මනින් හමුවීමට එකඟ විය.” යනුවෙන් ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය පවසා ඇත. මෑත මාසවලදී නායකයින් දෙදෙනා දුරකථන ඇමතුම් කිහිපයක් ලබා ගෙන ඇති අතර ගාසා ගැටුම් ඇතුළු වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. ඒ අනුව ඉන්දිය නායකයා ඉක්මනින් හමුවීමට සැලසුම් කර ඇති බව නෙතන්යාහු පවසා තිබේ. මේ අතර ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සමග පැවැති දුරකථන සංවාදය පිළිබඳ අදහස් දක්වමින් අගමැති මෝදි පවසා ඇත්තේ බටහිර ආසියාවේ තත්ත්වය සමාලෝචනය කළ අතර ගාසා සාම සැලැස්ම…
සිය පෙම්වතියන්ට තෑගිබෝග ලබාදීමටත්, අන්තර්ජාලයේ මුදල් ආයෝජන කිරීමටත් සොරකමෙහි නිරත වූ 18 හැවිරිදි තරුණයෙක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණයකදී සැකකරු අත්අඩංගුවට පත්වන විටත් ඔහු සතුව තිබී සිය ඥාතියෙකුගේ නිවසින් සොරාගත් මැණික් ගල් 61ක් හමුවූ බව පොලිසිය පැවසුවේය. ඔහු සොරාගන්නා මුදල්වලින් 27 හැවිරිදි තිදරු මවක් වන සිය පෙම්වතියකටත්, ටික් ටොක් ඔස්සේ හඳුනාගත් තවත් පෙම්වතියන් දෙදෙනෙකුටත් ජංගම දුරකතන ලබාදී ඇති බවත් අනාවරණ වී ඇත. සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ අධීක්ෂණයෙන් එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මකය.
අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්වූ වත්මන් ණය ගනුදෙනුකරුවන්ගේ දැනට පවතින ණය පහසුකම්වල මුල් ණය මුදල හෝ ණය පොළී ආපසු ගෙවීම මාස 3 සිට 6 දක්වා කාලයක් ඒ ඒ සිද්ධිය සලකා බලමින් අත්හිටුවීමට තීරණය කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. ඊයේ (11) පස්වරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු සඳහා නිකුත්කළ නිර්දේශ සැලකිල්ලට ගෙන ඔහු මේ බව පැවසීය. ඒ අනුව ණය අත්හිටුවන කාලය තුළ අදාළ ගිවිසුම්ගත පොලී අනුපාතයට වඩා වැඩි පොලී අනුපාතයක් අය නොකරන ලෙසත්, කල්දැමූ පොලී ගෙවීම් සඳහා කිසිදු…