Author: LFN
ඊසාන දින මෝසම සක්‍රියවීමත් සමග දෙසැම්බර් හා ජනවාරි මාසවලදී අඩුපීඩන ප්‍රදේශ, තරංග ආකාරයේ කැලඹීම්, අවපාත හෝ සුළි සුළං ඇති වීමේ අවදානමක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (12) ප්‍රකාශ කළේය. අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ, පසුගිය වසර 30 තුළ ඊසාන දිග මෝසම ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ දත්ත පරිශීලනය කර ඉදිරිපත් කළ වාර්තාවක් මගින් මෙම තොරතුරු අනාවරණ කර ඇති බවය. එහිදී උතුරු පළාත තුළ සාමාන්‍ය වර්ෂාපතනයට වඩා වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි අතර උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල සාමාන්‍ය අගයට ආසන්න වර්ෂාවක් පැවතිය හැකි බවද සඳහන් වේ. බටහිර හා දකුණු පළාත්වලට…
ආපදා තත්ත්වය හේතුවෙන් නිශ්කාෂන කටයුතුවල ඇතිවූ ප්‍රමාදයත් සමග මේ වනවිට බහාලුම් නිශ්කාෂනය කිරීමේ යම් ප්‍රමාදයක් මතුව තිබේ. බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා සඳහන් කළේ මෙම ආපදා තත්ත්වයත් සමග විශාල බහාලුම් තොගයක් රට තුළට ආනයනය වෙන නමුත් එම බහාලුම් නිශ්කාෂනය කර ගැනීමට හැකියාවක් නොමැති බවය. වරාය පරිශ්‍රය තුළ දින 4ක් 5ක් පුරා බහාලුම් පටවා ගත් ලොරි රථ 700කට වැඩි ප්‍රමාණයක් ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. මේ සම්බන්ධයෙන් මැදිහත් වී කෙලවරපිටිය අංගනය කඩිනමින් සකස් කර දෙන ලෙස ද ඔහු මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද සිදු කළේය. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ…
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා රතු කුරුස සමාජය, සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු පාලන ඒකකය හා එක්ව මෙම වැඩසටහන ආරම්භ කර ඇත. ඒ පිළිබඳව අදහස් දක්වමින් ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කළේ වර්ෂාවෙන් පසුව ඊළඟට එන විශාලම ව්‍යසනය වන්නේ ඩෙංගු වසංගතය බවය. එය හැකිතාක් පාලනය කිරීමට ප්‍රයත්න දරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. එමෙන්ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පූර්ණ මාර්ගෝපදේශ මත මෙම වැඩසටහන දියත් කරන බවද ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ මහලේකම් වෛද්‍ය මහේෂ් ගුණසේකර මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා මධ්‍යම කාරක සභාවට සහභාගී වීමට හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිවරයෙකු වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරාධනාවක් සිදුකර තිබේ. එම පක්ෂයේ සමස්ත ලංකා මධ්‍යම කාරක සභාව එළැඹෙන 14 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරය ඇතුළු විවිධ තනතුරු සම්බන්ධයෙන් මේ වන විට පාර්ශ්ව කිහිපයක් නීතිමය ක්‍රියාමාර්ගද ගෙන තිබේ. නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරය හෙබවූ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාද ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතාද නිදහස් පක්ෂ තනතුර සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹ ඇත. කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන මහතා සභාපතිවරයාව සිටි කාලයේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ලෙස කටයුතු කළ නිමල් සිරිපාල ද…
අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 02ක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර, ගඟ ඉහළ කෝරළේ, දොළුව, පන්විල, දෙල්තොට, උඩුදුම්බර, මිනිපේ සහ උඩපළාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ. එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇත. තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම, බදුල්ල, කන්දෙකැටිය, බණ්ඩාරවෙල, සොරණතොට, හාලිඇල, මීගහකිවුල, ලුණුගල, වැලිමඩ, හල්දුම්මුල්ල, පස්සර, ඇල්ල සහ හපුතලේ යන…
ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 22 ක් හා සැකකාරියන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලීසිය පවසයි. තෙල්දෙණිය පොලිස් වසමේ වික්ටෝරියා ජලාශය ආසන්නයේ හෝටලයක් තුළ මෙම ෆේස්බුක් සාදය පවත්වමින් සිට ඇති අතර අද (13) අලුයම් කාලයේදී වැටලීම සිදුකර තිබුණි. එහිදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 4134ක්, හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1875ක්, කුෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2769ක්, කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 390ක්, මෂ්රූම් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 804ක්, මත්පෙති 13ක් සහ නීතිවිරෝධී දුම්වැටි 12ක් සමග සැකකරුවන් සහ සැකකාරියන් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අවුරුදු 18ත් 31ත් අතර වයස්වල පසුවන මහනුවර, මුල්ලේරියාව, හැටන්, පිළගල, අතුරුගිරිය, කොටගෙදර, හෝමාගම, දොම්පේ, ඇඹිලිපිටිය, ත්‍රීකුණාමලය සහ ජාඇල ප්‍රදේශවල පදිංචිකරුවන් ය. සැකකාරියන් අවුරුදු 21ත් 26ත්…
ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනාල් මෙසී සිය ඉන්දියානු සංචාරය ආරම්භ කරමින් අද (13) අලුයම කොල්කටා වෙත පැමිණියේය. මෙසීගේ පැමිණීම අපේක්ෂාවෙන් ඔහුව දැකබලාගැනීම සඳහා දහස් සංඛ්‍යාත පාපන්දු ලෝලීන් කොල්කටා ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ. එමෙන්ම ඔහු නවාතැන්ගෙන සිටින කොල්කටා නුවර හෝටලය ඉදිරිපිටටද ක්‍රීඩාලෝලීන් දහස් ගණනින් රැස්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ හේතුවෙන් කොල්කටා නුවර ආරක්ෂාව දැඩි ලෙස තරගකර ඇත. මෙසී මෙලෙස ඉන්දියාවට පැමිණියේ වසර 14කට පසුව වන අතර, ඔහුගේ ඉන්දීය සංචාරය නම් කර ඇත්තේ ‘GOAT India Tour 2025’ ලෙසින්ය. ඉන්දියාවට පැමිණි මෙසී පිළිගැනීමේ උත්සව කිහිපයක්ම සංවිධාන කර ඇත. එමෙන්ම අඩි 70ක් උසැති ඔහුගේ අනුරුවක්ද නිරාවරණය කර තිබේ. මෙසී සිය ඉන්දීය සංචාරයේදී…
අද (13) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද අලුයම නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියේ සඳහන් වන්නේ,දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවය. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ද අපේක්ෂා කෙරේ. සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය…
මේ වනවිට මෙරට දිස්ත්‍රික්ක 14ක නායයෑම් සිදුවිය හැකි බවට හඳුනාගෙන ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවති, පවතින කාලගුණ හා ආපදා තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසා සිටියේ, මෙරට සමස්ත භූමියෙන් 30%ක් නායයෑමේ සිදුවන බවට හඳුනාගෙන ඇති බවය. එමෙන්ම මෙලෙස හඳුනාගත් ප්‍රදේශයේ ජනගහනය 34%ක් සිටින බවද පැවසු ඒ මහතා එම සමස්ත භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 20,000ක් පමණ වන බව ද කියා සිටියේය. දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ අධික වර්ෂාව සමඟ නායයෑමට ලක්විය හැකි ස්ථාන පරීක්ෂා කරදීමට ඉල්ලීම් 2,710ක් ලැබී ඇති බවත් මේ…
ඇති වූ ආපදා තත්ත්වය සහ එළැඹෙන උත්සව සමය පදනම් කර ගනිමින් ගර්භණී කාන්තාවන්ට රුපියල් 5,000ක් වටිනා පෝෂණ දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. 2025 නොවැම්බර් මස 30 වන දින තෙක් මාතෘ සායනයන්හි ලියාපදිංචි වූ ගර්භණී කාන්තාවන් සඳහා එක් වරක් පමණක් මෙම දීමනාව ලබාදීමට නියමිතය. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශයට අනුබද්ධිත මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ වැඩසටහනක් මෙය දෙසැම්බර් මස 16 වන දින සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා බෙදාහැරීමට නියමිතය.