Author: LFN

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය සදහන් කළේ පුද්ගලයින් 184දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇති බවය. පැවති අයහපත් කාලගුණ තත්ත්වයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපෑම් එල්ල වූ අතර පවුල් 391,401 කට අයත් 1,364,481දෙනෙකු ඉන් පීඩාවට පත්ව සිටී.

Read More

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (14) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති විය හැකියි. සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින්…

Read More

ඉදිරි පැය 36 සඳහා බලපැවැත්වෙන පරිදි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති වේ. සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි සමග…

Read More

ශ්‍රී ලාංකිකයින් ඇතුළු 18 දෙනෙකුගෙන් සමන්විත නෞකා කාර්යය මණ්ඩලයක් සහිත විදේශීය ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉරාන බලධාරීන් භාරයට ගෙන තිබේ. ලීටර් මිලියන 06ක ඉන්ධන තොගයක් නීතිවිරෝධීව ජාවාරම් කරන බවට චෝදනා කරමින් ඕමාන බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ දී අදාළ නෞකාව ඉරාන බලධාරීන් භාරයට ගෙන ඇති බව සඳහන් වේ. අත්අඩංගුවට ගත් නෞකා කාර්යය මණ්ඩලයේ පිරිස අතර ශ්‍රී ලාංකිකයින්ට අමතරව ඉන්දීය හා බංග්ලාදේශ ජාතිකයින් ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නැවතුම් නියෝග නොසලකා හැරීම, පලා යාමට තැත් කිරීම හා නෞකාවේ ලිපිලේඛනවල දුර්වලතා යනාදී කරුණු යටතේ ඊයේ පස්වරුවේ අදාළ නෞකාව සිය භාරයට ගත් බව ඉරාන බලධාරීන් ප්‍රකාශ කර ඇත. ගතවූ සති කිහිපය තුළ ඉරානය…

Read More

‘දිට්වා’ සුළු කුණාටුන් හේතුවෙන් බලපෑමට ලක් වූ ඉඩම් පිළිබඳව සංගණනයක් සිදුකිරීමට ඉඩම් කොම්සාරිස් දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබේ. ඒ අනුව, නායයෑමට ලක් වූ ඉඩම් රක්ෂිත බවට පත් කිරීමෙන් පසු එම ඉඩම් නැවත මැනීම් කටයුතු සිදුකළ යුතු බව ඉඩම් කොමසාරිස් ජනරාල් චන්දන රණවීර ආරච්චි මහතා සඳහන් කරයි. මෙහිදී අවදානම් කලාප තුළ පිහිටි ඉඩම් රක්‍ෂිත බවට පත් කිරීමට තීරණය කළොත් දීමනා බලපත්‍රයක් හිමි එම ඉඩම් සඳහා වටිනාකම තක්සේරු කර වන්දි මුදලක් හෝ නැවත ඉඩමක් ලබාදීමට ඉඩම් කොම්සාරිස් දෙපාර්තමේන්තුව සූදානම් වෙයි. ඒ අනුව, අදාළ ඉඩම් සම්බන්ධයෙන් අදාළ දිස්ත්‍රක්කවල දිසාපතිවරුන්ගෙන් තොරතුරු කැඳවා ඇති බව වාර්තා වෙයි. මෙහිදී ඇතැම් පදිංචිකරුවන් රජයේ ඉඩම්හි අනවසරයෙන් පදිංචි වී ඇති…

Read More

රාජ්‍ය නිලධාරීන්ට උත්සව සමය වෙනුවෙන් රුපියල් 4000කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ. රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්.ආලෝකබණ්ඩාර මහතා විසින් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බව සඳහන්ය. උත්සව සමය වෙනුවෙන් සෑම වසරකම රාජ්‍ය නිලධාරීන් සඳහා මෙම අත්තිකාරම් මුදල් ලබාදී සිදුවන අතර රුපියල් 4000කට නොවැඩි මෙම අත්තිකාරම් ගෙවීම සෑම වර්ෂයකම ජනවාරි මස පළමුවන දිනෙන් ආරම්භ කර එම වර්ෂයේ පෙබරවාරි මස අවසාන දිනයෙන් අවසන් කළ යුතු වේ. සියයට 8ක වාර්ෂික පොලියක් සහිතව, සමාන මාසික කොටස් දහයකින් මෙම අත්තිකාරම් මුදල අය කරගත යුතු බව…

Read More

ජලගැලීමට ලක් වූ හලාවත මහ රෝහලට රුපියල් මිලියන 1200කට වැඩි හානියක් සිදුව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. එම රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (12) එක්වූ අවස්ථාවේදී ඔහු මේ බව පවසා ඇත. එමෙන්ම රෝහලෙන් ලබාදෙන සාමාන්‍ය ප්‍රතිකාර සේවා සඳහා රුපියල් මිලියන 1,200ක පමණ මුදලක් වැයවනු ඇති බවත් එහිදී පවසා තිබේ. මේ අතර රෝහලේ ඉදිකරමින් පවතින වාට්ටු සංකීර්ණය නිරික්ෂණය කළ අමාත්‍යවරයා, එය ලබන වසරේ නොවැම්බර් වනවිට ඉදිකර අවසන් කිරීමට හැකිවනු ඇති බව පැවසීය. එමෙන්ම හදිසි අනතුරු හා ප්‍රතිකාර ගොඩනැගිලි සංකිර්ණය වසර 2ක් වැනි කාලයක් තුළ කඩිනමින් ඉදිකිරීමට බලාපොරොත්තු වන බවත් පවසා ඇත. ඒ අනුව ඉදිකිරීම් කඩිනම් කර…

Read More

2025 වසරේ මේ දක්වා විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලැබී ඇති මුළු ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාවලට අනුව 2025 නොවැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ඩොලර් මිලියන 673.4 ක් ලෙසින් සටහන් වී ඇත. ඒ අනුව 2025 ජනවාරි – නොවැම්බර් කාලපරිච්ඡේදය තුළ වාර්තා වී තිබෙන මුළු ප්‍රේෂණ ලැබීම් ප්‍රමාණය ඩොලර් බිලියන 7.19ක් ලෙසින් සටහන් වී තිබේ. මෙය 2024 ජනවාරි – නොවැම්බර් කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ ඩොලර් බිලියන 5.96ක ප්‍රේෂණ ලැබීම් අගය හා සැසඳීමේ දී 20.7%ක වර්ධනයකි.

Read More

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පවතින ප්‍රධාන ජලාශ 36ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 46කට අධික ප්‍රමාණයක් මේ වන විටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කලමනාකරණ අධ්‍යක්ෂ එච්.පී.එස්.ඩී. හේරත් මහතා ඒ බව සඳහන් කළේය. ඒ මහතා සඳහන් කළේ, අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 9න් ජලාශ 3ක්ද, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ සියල්ලමද, බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 07න් 03ක්ද, මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 04න් ජලාශ 03ක්ද මේ වන විට වාන් දමන බවය. මීට අමතරව, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 10න් ජලාශ 04ක්ද, මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 03න් ජලාශ දෙකක්ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 10න් ජලාශ 04ක්ද, මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 03න් එක් ජලාශයක්ද විට වාන්…

Read More

දෙසැම්බර් මස 18වනදා පාර්ලිමේන්තුව කැඳවමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (12) රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව දෙසැම්බර් 18වන බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව කැඳවන ලෙස අදාළ නිවේදනයේ දැක්වේ.

Read More