Author: LFN

මහරගම පන්නිපිටිය හයිලෙවල් මාර්ගයේ පීඩාකාරී අන්දමින් අවදානම් සහගත ලෙස යතුරුපැදි සහ ත්‍රිරෝද රථ පැදවූ තරුණයන් 18 දෙනෙකු මහරගම පොලීසිය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන ඇත. අදාළ තරුණයක් මුදල් ඔට්ටු අල්ලමින් මෙය සිදුකර ඇති බව සඳහන්. මේ සඳහා යොදාගත් යතුරුපැදි 11ක් හා ත්‍රීරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

Read More

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පාසල් හෙට දිනයේ දී යළි ආරම්භ කිරීමට නියමිතව තිබේ. ඒ අනුව පාසල් ආරම්භ කිරීමට අදාළ කටයුතු සුදානම් කිරීම සදහා විදුහල්පතිවරු, ගුරුවරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පිරිස් අද(15) කැඳවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත. ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වු පාසල් 147ක් හෙට දිනයේ දී යළි ආරම්භ කළ නොහැකි තත්ත්වයට පත්ව ඇති බව ද එම අමාත්‍යංශය සඳහන් කළේය. පැවති ආපදා තත්ත්වයට මුහුණ දුන් ප්‍රදේශවල සිසුන් සහ අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිළ ඇඳුම් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පැවසීය.

Read More

නීතිවිරෝධී කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ සැකකරු තායිලන්තයේ බැංකොක් නුවරින් අදාළ මත්ද්‍රව්‍ය මිලදී ගෙන වෙනත් පුද්ගලයෙකු ලබා මෙරට ගෙන්වා සිය නිවසේ සඟවා ගෙන ඇති බවය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මෙම සැකකරු මෙරට ප්‍රධානම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවද පොලීසිය සඳහන් කළේය‍. සැකකරු විසින් විවිධ පුද්ගලයින් යොදවා විදේශ රටවල්වලින් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇති බවත් පසුව රට පුරා එම මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරම මෙහෙයවා ඇති බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අනාවරණය කරගෙන තිබේ. පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් විසි එක්…

Read More

පාසල් පැමිණෙන දරුවන්ට නොවැම්බර් මාසයට අදාළ ගමන් වාර ප්‍රවේශ පත්‍රය මගින් මේ මාසයේ ද ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථවල ගමන් කිරීමේ පහසුකම සලසා දී ඇත. ඒ අනුව පසුගිය මාසයේ ගමන් ප්‍රවේශ පත්‍රය ඉදිරිපත් කර එම පහසුකම ලබා ගත හැකි බව ද ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය. මේ අතර ආපදා තත්වය හේතුවෙන් බලපෑමට ලක්වු අධ්‍යාපන කටයුතු යථා තත්වයට පත්කිරීමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීමේ අරමුණින් ජනවාරි මාසයේ දිනක වැටුප පරිත්‍යාග කිරීමට ගුරුවරුන් සුදානම්ව සිටන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.

Read More

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් හෙට දින (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැසි වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු – මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව වාර්තා වේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40)ක පමණ තරමක තද සුළං ඇති විය හැකියි. සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක්…

Read More

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම් හේතුවෙන් දෙසැම්බර් මස 16වන දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු – මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මි. 30-40ක පමණ තරමක තද සුළං ඇති විය හැකියි. එමෙන්ම සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්…

Read More

ලෝකය තාක්ෂණයෙන් දියුණු වීම ඉතා වැදගත් වුවත් මනුෂ්‍යත්වයෙන් තොර තාක්ෂණයකින් ලොවට කිසිදු ඵලක් නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඇය පැවසුවේ පසුගිය දින කිහිපයේ මෙරටට අත්විඳින්නට හැකි වූ දිට්වා සුළි කුණාටුවෙන් ඒ බව මනාවට තේරුම් ගැනීමට හැකි වූ බවය. සංවර්ධනය, තාක්ෂණය ලෙස මොනයම් දෙයක් ගැන කතා කළද, ස්වභාවධර්මය සමග ගැටෙන්නට ගිය විට අප තෙතරම් කුඩාද යන්න අවබෝධකර ගත හැකි බව ඇය පැහැදිලි කළාය. ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයින් ඇගයීමේ බස්නාහිර පළාත් වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. කොළඹ, ගම්පහ සහ කළුතර යන…

Read More

කල්පිටිය මුසල්පිටිය ගම්මානයේ දී මිදුලේ සෙල්ලම් කරමින් සිටි දැරියක් ජලය අඩක් පිරවූ බැරලයකට වැටීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මරණයට පත්ව ඇත්තේ කල්පිටිය මුසල්පිටිය ගම්මානයේ පදිංචි අවුරුදයි මාස තුනක් වයසැති දැරියෙකි. දැරියගේ මිත්තනිය හදිසියේ මරණයට පත්වීම හේතුවෙන් පියා නුවරඑළියට ගොස් ඇති අතර මව දැඩි ලෙස අසනීප වී නිවසේ නිදා සිටියදි අදාළ දැරිය මෙම අනතුරට මුහුණ දී ඇත. මෙම දැරිය අනෙක් දරුවන් සමග මුදුලේ සෙල්ලම් කරමින් සිට ඇති අතර එහිදී ඇය මෙම බැරලයට වැටී ඇති බව වාර්තා වේ. කෙසේවෙතත් එය කිසිවකු නොදැන සිටීම නිසා පැය දෙකකට ආසන්න කාලයක් අදාළ දැරිය එම බැරලය තුළ සිට ඇති බවද පරික්ෂණවලදි තහවුරු වී ඇත.…

Read More

ආපදාවෙන් බලපෑමට ලක් වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් නිකුත්කළ චක්‍රලේකයට අදාළ මාර්ගෝපදේශ මාලාව ආරක්ෂක අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, මෙම මාර්ගෝපදේශ සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ සහ රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ එකඟතාවද ලැබී ඇති බවය. ඒ අනුව විපතට පත් ජනතාවට ආපදා සහන අරමුදල් බෙදාහැරීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා විසින් දිස්ත්‍රික් සහ ප්‍රදේශීය ලේකම්වරුන් වෙත මෙම මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇත. අදාළ සහන සැලසීම සඳහා සම්බන්ධවන පාර්ශ්වවලට අදාළ කාර්යභාර්යන් ද මෙම මාර්ගෝපදේශවලට අයත්. එමෙන්ම ලබාදෙනු ලබන දීමනා සහ සහන පිළිබඳව ද එහි ඇතුළත් වේ.

Read More

සහන කඳවුරුවල දැනට 7000කට ආසන්න පුද්ගලයින් ප්‍රමාණයක් සිටින බවත් ඔවුන් මාස 2ක් හෝ 3ක් ඇතුළත නැවත පදිංචි කරවීමට පියවර ගන්නා බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි. සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවාස 6138 පවතින අතර ඊට අදාළ පුද්ගලයින් යළි පදිංචි කරවීමට යම් කාලයක් ගතවනු ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා අද (14) මේ බව සඳහන් කර සිටියේය. ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ දත්ත මත පදනම්ව අර්ධ හානි සිදු වූ නිවාසවල අවදානමක් නොමැති නම් ඔවුන් පදිංචි කරවිය හැකි ද යන්න පිළිබඳව සොයා බලා ඔවුන් යළි තම නිවාසවල පදිංචි කරවීමේ කටයුතු කඩිනම් කරන බවද මෙහිදී අදහස්…

Read More