Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද (11) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණි. පසුගිය රජයන් සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යෑම සඳහා රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබාගැනීම පිළිබඳ සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ගයන්ත කරුණාතික මහතා මෙලෙස කැඳවා තිබූ බව වාර්තා වෙයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එවක රජය සමයේ කැබිනට් මණ්ඩල අමාත්‍යවරයෙකු ලෙස සහ හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ඒ මහතා කටයුතු කර තිබුණි. අද පෙරවරු 9ට පමණ ගයන්ත කරුණාතිලක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ පැය 2ක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු පිටව ගොස් ඇත.
පැවති ආපදා තත්ත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත්කිරීමේ ක්‍රියාවලිය සඳහා නිවැරදි දත්ත අවශ්‍ය බවත්, දත්ත එක්රැස් කරගැනීමට ජන සහභාගීත්වය සහිත විධිමත් ක්‍රමවේදයක් අවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. පැවති ආපදා තත්ත්වයෙන් පසු රට යථාතත්ත්වයට පත්කරගැනීම පිළිබඳව ඊයෙ (10) දි අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය. මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, “නව සංවර්ධන වැඩ පිළිවෙළකට යාමේදී අපිට තිබෙන ප්‍රධාන ගැටලුව තමයි විවිධ පැතිවල තිබෙන දත්ත එක් ස්ථානයකට ගොනු කර ගැනීමට ක්‍රම වේදයක් නොමැති වීම. බිම් මට්ටමේ රජ්‍ය නිලධාරීන් වගේම ජනතා සහභාගීත්වය සහිත දත්ත රැස් කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීම ඉතා වැදගත් ග්‍රාමීය මට්ටමේ තොරතුරු නිවැරදි ව…
පසුගිය නොවැම්බර් මස 16 වන දින සිට අද (11) දක්වා වූ කාලය තුළ මෙරටට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 85,000කට අධික පිරිසක් තවමත් තාවකාලික සුරක්ෂිත මධ්‍යස්ථානවල ජීවත් වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි. අද (11) උදෑසන 6ට නිකුත් කර ඇති නවතම සමස්ත ආපදා විස්තරය අනුව දිස්ත්‍රික්ක 25ක පවුල් 524,678කට අයත් පුද්ගලයින් 1,814,421 දෙනෙකු බලපෑමට ලක්ව තිබේ. මේ අතර, පුද්ගලයින් 639 දෙනෙකු ආපදා හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පුද්ගලයින් 193 දෙනෙකු තවමත් අතුරුදන්ව ඇති බවත් වැඩිම මරණ සංඛ්‍යාවක් වන 234 දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි. එමෙන්ම ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් පූර්ණ නිවාස…
උත්සව සමය තුළ බිත්තර මිල ඉහළ යන බවට ඇතැමුන් සිදුකරන ප්‍රකාශ අසත්‍යයක් බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එහි සභාපති සරත් රත්නායක මහතා පැවසුවේ පිටරටින් බිත්තර ආනයනය කිරීමේ අරමුණින් ඇතැමුන් විසින් මෙම අසත්‍ය ප්‍රකාශ සිදුකර ඇති බවය. රුපියල් 45කට අඩු මිලකට බිත්තර ලබාදීමට හැකියාව පවතින බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
හදිසි ආපදා තත්ත්වය හේතු කොට ගෙන වසාදමන ලද පෙර පාසල් ඇතුළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවලින් නැවත ආරක්ෂිතව ආරම්භ කළ හැකි සියලු පෙරපාසල් එළැඹෙන 16 දින සිට නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව දැනුම් දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය මේ බව දැනුම් දී ඇත.
අධික වර්ෂාවත් සමග පස්කඳු කඩාවැටී ගමනාගමන කටයුතු අවහිර වී තිබූ මහනුවර – නුවරඑළිය මාර්ගය ඇතුළු මාර්ග 4ක් යථා තත්ත්වයට පත්කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවසීය. නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (10) පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඇය මේ බව පවසා සිටියාය. එහිදී ඇය පවසා සිටියේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශ මත ඉහත මාර්ගවල බර වාහන ධාවනයට විවෘත කරන බවය. පසකඳු කඩාවැටීම් හේතුවෙන් අවහිර වූ නුවරඑලිය – මහනුවර ප්‍රධාන මාර්ගය මෙලෙස ගමනාගමක කටයුතු සඳහා විවෘත වූ යේ දින ගණනාවකට පසුවය. කටුකිතුල, තවලන්තැන්න, රම්බොඩ ඇල්ල ඇතුලු ස්ථාන කිහිපයකින්ම එම මාර්ගයට විශාල වශයෙන් පසුකඳු නාය ගොස් තිබුණි. කෙසේ නමුත් යුධ…
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ව්‍යාපාර, දේපොළ පිළිබඳ තොරතුරු සහ දත්ත රැස් කිරීම සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසුවේ එම දත්ත සහ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ සෙසු ආයතන සම්බන්ධ කර ගනිමින් ලබා ගැනීමට කටයුතු කරන බවය. එම දත්ත සහ තොරතුරු අදාළ ස්ථානවලට ගොස් වඩාත් නිවැරදිව ලබාගැනීමට කටයුතු කරන බවද, එය කඩිනම් කර ගැනීම සඳහා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ වාර්තාකරණයටද සැලසුම් කර ඇති බවද සඳහන් කළ සූරියප්පෙරුම මහතා, ඒ සඳහා වන තොරතුරු පද්ධතිය MillenniumIT ESP ආයතනය නොමිලයේම සකස් කර දී ඇති බවත්, ඊට අවශ්‍ය සහාය Microsoft ආයතනයෙන්…
කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයට අපද්‍රව්‍ය බැහැර කල පුද්ගලයෙකු අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ සීදූව අනුපාලක ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (10) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. අධිවේගී මාර්ගයේ ජංගම සංචාර රාජකාරී නිලධාරීන්ට 19වන කිලෝමීටර කණුව ආසන්නයේ දී, කොළඹ දෙස සිට කටුනායක දෙසට ධාවනය වූ මගීන් පිරිසක් රැගත් වෑන් රථයක රියදුරෙකු විසින් අපද්‍රව්‍ය සහිත බෑගයක් අධිවේගී මාර්ගයට බැහැර කිරීමක් නිරීක්ෂණය වී ඇත. ඒ අනුව එම නිලධාරීන් විසින් වහාම සීදූව අනුපාලක ස්ථානය දැනුම්වත් කර තිබේ. එහිදී එම ස්ථානයේ රාජකාරී නිලධාරීන් විසින් මංමාවත් පනත යටතේ මාර්ගයට කුණුකසල බැහැර කිරිමේ චෝදනාව යටතේ අදාළ රියදුරු අත්අඩංගුවට ගෙන සීදූව පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ…
සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වීම, පතරොම් සන්තකයේ තබා ගැනීම, සංවිධානාත්මක අපරාධකරුවන්ට අයත් මුදල් බැංකු ගිණුම්වල ඇතුලත් කරගෙන ගණුදෙනු කිරීම හා සංවිධානාත්මක අපරාධකරුවන්ට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය (09) රාත්‍රියේ මරදාන පොලිස් වසමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. සැකකරු වයස අවුරුදු 32 ක් වන මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරිය වයස අවුරුදු 25 ක් වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෙම සැකකරු හා සැකකාරිය තාවකාලිකව රැඳී සිටි කොළඹ 10 ප්‍රදේශයේ ලැඟුම්හලක කාමරය පරික්ෂා කිරීමේදී සැකකරුට අයත් ලැප්ටොප් බෑගයක් තුල සඟවා තිබූ 9mm ජීව පතරොම්…
නායයෑම් අවදානම හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් පවුල් 238කට අයත් පුද්ගලයින් 806 දෙනෙකු පදිංචි ස්ථානවලින් ඉවත් කළ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමග වාර්ෂාව පතිත වීම හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බවය. ඊයේ (10) දිනයේ දී අදාළ පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට පියවර ගත් බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා සඳහන් කළේය. “ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15න් 14ක් පමණයි ආපදාවට ලක්වුණේ. ආපදාවට ලක්නොවී තිබුණ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත් ආපදාවකට ලක්වුණා. කළුකැලේ කන්ද නායයෑම හේතුවෙන් පවුල් 50කට අයත් 129ක් සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත රඳවන්න සිදුවුණා. ස්වර්ණාතොට…