Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට
    International

    අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට

    By LFNDecember 14, 2025No Comments1 Min Read104 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ් හි පිහිටි බ්‍රවුන් විශ්ව විද්‍යාලය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    සිද්ධියෙන් තවත් පුද්ගලයින් 8 දෙනෙකුද තුවාල ලබා රෝහල් ගත කර ඇත.

    වෙඩික්කරු වෙඩි තැබීමෙන් පසු පලා ගොස් ඇති බවත් මෙතෙක් සැකකරු අත්අඩංගුවට ගෙන නොමැති බැවින් ඒ ආශ්‍රිත ජනතාවට ආරක්ෂාකාරීව නිවෙස් තුළ සිටින ලෙසද එරට පොලීසිය දන්වා තිබේ.

    විශ්වවිද්‍යාලයද වෙඩික්කරුවෙකු පිළිබඳව අනතුරු අඟවමින් නැවත දැනුම්දෙනතුරු සැඟව සිටින ලෙසද ජනතාවගෙන් සහ විශ්වවිද්‍යාල සිසුන්ගෙන් ඉල්ලා ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.

    කළු පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් ඔහු වෙඩි තැබීම සඳහා කුමන ගිනි අවියක් භාවිත කර ඇද්ද යන්න සම්බන්ධවත් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවත් පොලීසිය පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

    කෙසේ වෙතත් අදාළ වෙඩි තැබීමෙන් පසු සැකකරු පයින්ම පිටව ගොස් ඇති බවද වාර්තා වන අතර සැකකරු සොයා විමර්ශන පැවැත්වෙන බවත් සඳහන් වේ.

    මේ අතර සිද්ධිය සම්බන්ධව සිය Truth Social හි සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ වෙඩි තැබීම සම්බන්ධව තමන්ට වාර්තා වූ බවත් මේ වන විට එම ස්ථානයට ෆෙඩරල් විමර්ශන කාර්යාංශය යොමු වී ඇති බවත්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    June 15, 2026

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026

    මෝල්ටා මුහුදු තීරයේදී සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 11ක් ජීවිතක්ෂයට

    June 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202605 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.