Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මන්නාරම ගංවතුර පාලනයට ස්ථීර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
    Featured

    මන්නාරම ගංවතුර පාලනයට ස්ථීර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

    By LFNDecember 14, 2025No Comments3 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ධීවර ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමට කිසිවිටෙකත් ඉඩ නොතබන බවත්, ගොඩබිම සහ මුහුදු තීරයද රැකගත යුතුයි යන දැඩි ස්ථාවරත්වයේ රජය කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    සිය කර්මාන්තය කරගෙන යාමේදී රට පුරා ධීවර ජනතාව මුහුණදී සිටින ගැටලුවලට සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ මන්නාරම දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ඊයේ (13) පස්වරුවේ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.

    මන්නාරම දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය සඳහා ස්ථීර විසඳුමකට එළැඹීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා ආරම්භ කළ ව්‍යාපෘතිය නිසි අධ්‍යයනයකින් පසු ඉදිරියට ක්‍රියාත්මක කිරීමටද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    ආපදා තත්ත්වය හේතුවෙන් මන්නාරම ධීවර ජනතාවට මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර මේ වන විට ධීවරයන් 12,000ක් පමණ ධීවර කටයුතුවල නිරත විය නොහැකිව පීඩාවට පත්ව සිටින බවද අනාවරණය කෙරිණි.

    ගංවතුරට හසු නොවුණද අයහපත් කාලගුණය හේතුවෙන් ධීවර කටයුතුවල නිරත විය නොහැකිව ජීවනෝපායමාර්ග අහිමි වී සිටින ධීවර පවුල් වෙත සතියක කාලයක් සඳහා වියළි ආහාර පාර්සල් ලබා දීමට ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

    එමෙන්ම චීන රජයෙන් මෙරටට ලැබී ඇති දැල් ආම්පන්න තොගය ආපදාවට පත් වූ ධීවර ජනතාව වෙනුවෙන් ලබා දීමට චීන තානාපති කාර්යාලය සමග සාකච්ඡා කිරීමටද මෙහිදී අවධානය යොමු විය.

    යෝධ වැව අභය භූමිය ජල පෝෂක ප්‍රදේශයේ අනවසර ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර, වැව් මායිම් ගල් දැමීමට බාධා කරන පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

    ආපදා තත්ත්වය හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 70කට නිවාස අහිමි වී තිබෙන අතර එම නිවාස ඉදිකරදීම සහ ඊට අවශ්‍ය ඉඩම් හදුනා ගැනීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

    ඒ සඳහා කමිටුවක් පත් කර ඉදිරි සති දෙක තුළ අදාළ ඉඩම් හදුනාගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

    මන්නාරම මූලික රෝහල ඇතුළු රෝහල්වල පහසුකම් පුළුල් කිරීම සහ සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

    පාසල් දරුවන් වෙනුවෙන් මහා භාණ්ඩාගාරයෙන් ලබා දෙන රුපියල් 15,000ක මුදල ග්‍රාමසේවා නිලධාරීන්ගේ නිර්දේශය මත ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් කඩිනමින් ලබා දී අවසන් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

    දිස්ත්‍රික්යේ හානි වූ මහාමාර්ග සහ පාලම් ඉදිකිරීම, ජල සැපයුම සහ විදුලි සැපයුම යථාවත් කිරීම, වාරිමාර්ග ප්‍රතිසංස්කරණය , කෘෂිකර්ම, පශු සම්පත් ක්ෂේත්‍රයේ හානි සඳහා වන්දි ලබා දෙමින් එම ජනතාවගේ ජීවනෝපාය මාර්ග යළි ආරම්භ කිරීමට පසුබිම සකසාදීම පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

    සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වන්නි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති උපාලි සමරසිංහ, උතුරු පළාත් ආණ්ඩුකාර එන්. වේධනායකන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. තිලකනාදන්, එම්. ජෙගදීෂ්වරන්, ටී. රවිහරන්, සත්‍යලිංගම්, සෙල්වම් අඩෙයික්කලනාදන්, කාදර් මස්තාන්, රිෂාඩ් බදියුදීන් යන මහත්වරු ඇතුළු පක්ෂ, විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ උතුරු පළාත් ප්‍රධාන ලේකම් ඩී. මුරුගේසන් මන්නාරම දිස්ත්‍රික් ලේකම් කේ .කනගේස්වරන් යන මහත්ම මහත්මීහු සහ රාජ්‍ය නිලධාරීහු, ආරක්ෂක් අංශ නියෝජිතයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202606 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.