Author: LFN

ආපදා හමුවේ විශාල වශයෙන් විනාශ වූ ගොවි බිම් යළි සැකසීම අද වනවිට ගොවිජනතාවට විශාල අභියෝගයක් වී තිබේ. සති කිහිපයකට පෙර පැවති අයහපත් කාලගුණික තත්ත්වය සමඟ අඹන්ගඟ පිටාර ගැලීමෙන් වගාබිම් රැසක් විනාශයට පත්වුණි. මේ හේතුවෙන් දිග්ගල්පිටිය, අන්ගම්මෙඩිල්ල, කලාගල, පරාක්‍රම සමුද්‍ර, දකුණු ඉවුර යන ප්‍රදේශවල කුඹුරු අක්කර දහසකට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යටවී විනාශ වී තිබේ. ගොවීන් පවසන්නේ, විනාශවූ වගාබිම් පරීක්ෂා කිරීමට කිසිදු බලධාරියෙක් මෙතෙක් නොපැමිණි බවයි.‍ එහිදී ගොවීන් මාධ්‍යට මෙලෙස අදහස් පළ කළේය. “අක්කර දහස් ගාණක් එක දිගටම මේ ගං වතුරෙන් කඩා ගෙන ගියා. මහවැලි ගඟේ වැලි ගොඩ දානවට වඩා වැලි තියෙනවා. මේවා අතින් අදින්න බෑ. නමුත් දැන් බලන්න එන කෙනෙක් නෑ”…

Read More

අපරීක්ෂාකාරී ලෙස රිය පදවා රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සහ බරපතල රිය අනතුරක් සිදු කිරීම යන චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන අධිචෝදනා පත්‍රය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන රිට් පෙත්සම ජනවාරි මස 22 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. පාඨලී චම්පික රණවක මහතා විසින් ගොනුකර තිබෙන මෙම පෙත්සම අද (15) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී මෙම පෙත්සම සලකාබැලීම සඳහා ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරජා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නම් කෙරුණි. එම විනිසුරු…

Read More

ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ නගර සභාවේ අයවැය වැඩි ඡන්දයෙන් අද (15) පරාජයට පත්ව තිබේ. ගාල්ල මහ නගර සභාවේ මන්ත්‍රී සංයුතිය 36ක් වන අතර, එහිදී අයවැයට පක්ෂව ඡන්ද 17ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 19ක් ලැබී ඇත. අද පෙරවරුවේ නගරාධිපති සුනිල් ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන රැස්විම පැවැත්විණි. ඒ අනුව පැවැති ඡන්ද විමසීමේදි වැඩි ඡන්ද 02කින් අයවැය පරාජයට පත්විය. එහිදී ජාතික ජල බලවේගයේ මන්ත්‍රීවරුන් 17 දෙනා අයවැය ලේඛනයට පක්ෂව ඡන්දය භාවිත කළ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 09 දෙනා, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 05, පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් 03 සහ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කරනු ලැබීය. ගාල්ල…

Read More

රිය අනතුරකට ලක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ වෛද්‍ය වාර්තාව මෙතෙක් පොලීසිය වෙත ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් මහතා පවසයි. එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අනතුරට සම්බන්ධ අශෝක රන්වල මන්ත්‍රීවරයාගේ වාහනයේ පරීක්ෂණ වාර්තාව පමණක් පොලීසිය වෙත ලැබී ඇති බව ද ඒ මහතා කියා සිටියේය. ඒ අනුව අශෝක රන්වල මන්ත්‍රීවරයා පැදවූ වාහනයේ තිරිංග නිසි නඩත්තුවක් සිදුකර නොමැති බවට සහ තිරිංග පද්ධතියේ ගැටලුවක් ඇති බවට එම වාහන පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇති බව ද පොලීසිය වැඩිදුරටත් පැවසීය. කෙසේවෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් මහතා පවසන්නේ, වෛද්‍ය වාර්තාව ලැබීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ගනු…

Read More

හොරණ දෙස සිට ඉංගිරිය දෙසට දරුවන් දෙදෙනෙකු සමඟ යතුරුපැදියකින් ගමන් කළ කාන්තාවක් පසුපසුපසින් පැමිණි ත්‍රීරෝද රථයේ ගැටීමෙන් අවුරුදු අටක් වයසැති දියණියක් මියගොස් මව සහ තවත් දරුවෙකු බරපතල තත්ත්වයෙන් රෝහල්ගත කළ බව හොරණ පොලිසිය කියයි. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ හොරණ ඉලිඹ ප්‍රදේශයේ කාන්තාවක සහ දරුවන් දෙදෙනෙකි. අනතුරෙන් පසු හිස බරපතල තුවාල වු වැඩිමහල් දරුවා මියගොස් ඇති බව හොරණ රෝහල් ආරංචි මාර්ග පවසයි.සිද්ධිය සම්බන්ධයෙන් හොරණ මූලස්ථාන පොලිසිය පරීක්‍ෂණ සිදු කරති.

Read More

දිට්වා සුළි කුණාටුවත් සමග දිවයිනට බලපෑ ආපදා තත්ත්වයන් හමුවේ ඌව පළාතේ වසා දැමූ පාසල් යළි ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රෝහිත අමරදාස මහතා පවසයි. මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පැවසුවේ දිනයන් දෙකක් යටතේ ඌව පළාතේ පාසල් යළි විවෘත කිරීමට කටයුතු යොදා ඇති බවය. ඒ අනුව දැඩි ලෙස ආපදාවන්ට ලක් වූ පාසල් හැර අනෙකුත් පාසල් හෙට (16) දිනයේත් බලපෑම් එල්ලව ඇති පාසල් එළැඹෙන 29 වනදාත් ආරම්භ කිරීමට නියමිතව ඇත. “ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ පාසල් 291න් බිබිල කළාපයේ දෙහිගලවත්ත පාසල හැර අනෙකුත් සියලු පාසල් 290වම හෙට (16) දින විවෘත කිරීමට සියලු කටයුතු යොදා තියෙනවා. ඒ එක්කම බදුල්ල…

Read More

පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ පවුල් විසි දහසකට ආසන්න ප්‍රමාණයක් තවදුරටත් සුරක්ෂා මධ්‍යස්ථානවල රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය නිකුත් කර ඇති වාර්තාවක සඳහන්ව ඇත්තේ රට පුරා පිහිටි සුරක්ෂා මධ්‍යස්ථාන 762ක පවුල් 22,522කට අයත් පුද්ගලයින් 70,055ක් මේ වන විටත් රැඳී සිටින බවය. මෙම සුරක්ෂා මධ්‍යස්ථාන අතුරින් වැඩිම මධ්‍යස්ථාන ප්‍රමාණයක් මේ වන විට පිහිටා ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ වන අතර එහි සුරක්ෂා මධ්‍යස්ථාන 222ක පවුල් 5,427කට අයත් පුද්ගලයින් 17,437ක පිරිසක් රැඳි සිටිති. පසුව වැඩිම සුරක්ෂා මධ්‍යස්ථාන ප්‍රමාණයක් පිහිටා ඇත්තේ නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කයේ වන අතර නුවරඑළියේ සුරක්ෂා මධ්‍යස්ථාන 206ක පවුල් 6,487කට අයත් පුද්ගලයින් 19,750ක්ද බදුල්ල දිස්ත්‍රික්කයේ සුරක්ෂා…

Read More

දිට්වා සුලි කුණාටුවෙන් නායයෑමට ලක් වූ නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගය දින 18කට පසු ගමනා ගමනය සඳහා අද (15) විවෘත කෙරිණි. නයායෑම නිසා මාර්ගයට වැටී තිබූ පස් ඉවත් කර මාර්ගය සකස් කර ඇති අතර, මාර්ගයට ඉහලින් පස්කන්ද නායයාමේ අවදානමක් පවතින නිසා ඒ සඳහා ස්ථිර විසදුම් ලබා දෙනතුරු ගමනාගමනයට හැකිවන ආකාරයෙන් ආරක්ෂිතව මාර්ගය නිර්මාණය කර ඇති බව වාර්තා වේ. මෙම ස්ථානයේ කටයුතු අවසන් වනතුරු සුපරීක්ෂාකාරී ලෙස මාර්ගයෙ රිය ධාවනය කරවන ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී. එමෙන්ම මෙම මාර්ගයේ බර වාහන ධාවනයට ද යම් සීමා පනවා ඇති බව සඳහන් වේ. මාර්ගය අලුත්වැඩියා කිරීමේ කටයුතු, මාර්ග සංවර්ධන අධිකාරිය 06 වන කාරක ඉංජිනේරු…

Read More

රිය අනතුරකට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ වෛද්‍ය වාර්තාව මෙතෙක් පොලිසිය වෙත ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් මහතා පවසයි. ඔහු පවසන්නේ වෛද්‍ය වාර්තාව ලැබීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි නීතිමය පියවර ගන්නා බවය. පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රීයේ අශෝක රන්වල මන්ත්‍රීවරයා ධාවනය කළ ජිප් රථය තවත් මෝටර් රථයක සහ යතුරු පැදියක ගැටී අනතුරක් සිදුවු අතර එම අනතුරින් මන්ත්‍රීවරයා සහ අනෙක් මෝටර් රථයේ ගමන් කළ කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලැබීය. කෙසේවෙතත් අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගත් අතර මහේස්ත්‍රාත්වරයා විසින් ඔහු ඇප මත මුදා හැරීමට නියෝග කළේය.

Read More

සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගිය ගණන 15ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අතර වයස අවුරුදු 10ක ගැහැණු ළමයෙකු ද සිටින බව සඳහන් වේ. සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ ඊයේ (14) සිදුවූ වෙඩිතැබීම් මාලාවට අදාළව කරුණු රැසක් හෙළිකර ගැනීමට නිව් සවුත් වේල්ස් පොලීසිය සමත්ව තිබේ. ඒ අනුව අදාළ වෙඩික්කරුවන් දෙදෙනා එකම පවුලේ පියා සහ පුතා වන බවට ද කරුණු අනාවරණය කර ගෙන ඇත. එහිදී එක් වෙඩික්කරුවෙකු මිය ගිය අතර එලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි පියා වන අතර පුත්‍රයා වන 24 හැවිරිදි තරුණයා මේ වන විට බරපතළ තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර…

Read More