Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආපදාවෙන් පීඩාවට පත් පවුල් 22,522ක් තවදුරටත් සුරක්ෂා කඳවුරුවල
    Featured

    ආපදාවෙන් පීඩාවට පත් පවුල් 22,522ක් තවදුරටත් සුරක්ෂා කඳවුරුවල

    By LFNDecember 15, 2025No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ පවුල් විසි දහසකට ආසන්න ප්‍රමාණයක් තවදුරටත් සුරක්ෂා මධ්‍යස්ථානවල රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    එම මධ්‍යස්ථානය නිකුත් කර ඇති වාර්තාවක සඳහන්ව ඇත්තේ රට පුරා පිහිටි සුරක්ෂා මධ්‍යස්ථාන 762ක පවුල් 22,522කට අයත් පුද්ගලයින් 70,055ක් මේ වන විටත් රැඳී සිටින බවය.

    මෙම සුරක්ෂා මධ්‍යස්ථාන අතුරින් වැඩිම මධ්‍යස්ථාන ප්‍රමාණයක් මේ වන විට පිහිටා ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ වන අතර එහි සුරක්ෂා මධ්‍යස්ථාන 222ක පවුල් 5,427කට අයත් පුද්ගලයින් 17,437ක පිරිසක් රැඳි සිටිති.

    පසුව වැඩිම සුරක්ෂා මධ්‍යස්ථාන ප්‍රමාණයක් පිහිටා ඇත්තේ නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කයේ වන අතර නුවරඑළියේ සුරක්ෂා මධ්‍යස්ථාන 206ක පවුල් 6,487කට අයත් පුද්ගලයින් 19,750ක්ද බදුල්ල දිස්ත්‍රික්කයේ සුරක්ෂා මධ්‍යස්ථාන 155ක පවුල් 6,026කට අයත් පුද්ගලයින් 19,409ක ප්‍රමාණයක්ද මේ වන විටි රැඳී සිටියි.

    මේ අතර මෙම සුරක්ෂා මධ්‍යස්ථානවල සිටින පවුල් කඩිනමින් යළි පදිංචිකරවීමට පියවර ගන්නා බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.

    ඒ මහතා පැවසුවේ මාස 2-3ක් ඇතුළත එම පවුල් නැවත පදිංචි කරවීමට කඩිනම් පියවර ගන්නා බවය.

    මෙම සුරක්ෂා මධ්‍යස්ථානවල වෙසෙන ඇතැම් පිරිසගේ නිවාස සම්පූර්ණයෙන් හානි වී ඇතැයිද තවත් පිරිසකගේ නිවාස අර්ධ වශයෙන්ද හානි වී ඇති බවත් පෙන්වා දුන් ඒ මහතා සඳහන් කළේ තවත් පාර්ශ්වයන් තමන් පදිංචිව සිටි ස්ථානයේ පවතින අවදානම් තත්ත්වයන් හමුවේ යළි එම ස්ථානයේ පදිංචියට යෑමට අකමැත්තක් දක්වන බවය.

    ඒ අනුව එම පිරිස් සඳහා රජය විසින් හඳුන්වා දී ඇති මාස 3ක ගෙවල් කුළී දීමනාව ලබා දීමේ කටයුතු ද මේ වන විට සිදුකෙරෙමින් පවතින බවත් ඒ මහතා සඳහන් කළේය.

    මේ වන විට අභියෝගයක් බවට පත්ව ඇත්තේ සම්පූර්ණයෙන් නිවාස හානි වූ පිරිස් වෙත නිවාස ලබා දීම බවත් සඳහන් කළ ඒ මහතා මේ වන විට රජය විසින් යෝජනා කර ඇති රුපියල් ලක්ෂ 50ක මුදල ලබා දීමට ඉදිරි කටයුතු සිදුකරන බවත් ඔවුන් සඳහා රජයෙන් ඉඩම් ලබා දීම සම්බන්ධව මේ වන විට සොයා බලමින් සිටින බවත් පැවසීය.

    ඒ සඳහා රජය සතු ඉඩම් තොරතුරු මේ වන විට එක්රැස් කරමින් පවතින බවද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202607 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.