Author: LFN

බදුල්ල ස්ප්‍රිංවැලි ප්‍රාදේශීය රෝහල පවතින නාය අවදානමක් හේතුවෙන් තාවකාලිව වසා දැමූ බව ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම රෝහල වසා දැමීම හේතුවෙන් ස්ප්‍රිංවැලි වත්තේ කම්කරු ජනතාව සහ ස්ප්‍රිංවැලි ඇතුළු ගම්මාන 5ක රෝගීහු බලවත් දුෂ්කර තාවයකට පත්ව සිටිති. මේ පිළිබඳව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතාගෙන් විමසූ විට හෙතෙම පැවසුවේ, මෙම රෝහලට ඉදිරියෙන් ඇති නමුණුකුළ කන්දේ බෑවුම් ප්‍රදේශයෙන් මෙම රෝහලට නාය අවදානමක් ඇතිවිය හැකි බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥයින් විසින් සිදුකළ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇති බවය. කෙසේ නමුත් රෝගීන්ට සිදුවන අපහසුතාවය අවම කිරීම සඳහා එම ප්‍රදේශයේ අභයපුර ප්‍රජා ශාලාවේ භාහිර රෝගීන් සඳහා ප්‍රතිකාර ආරම්භ කර ඇති බවද දිස්ත්‍රික්…

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත්කළ එම නිවේදනය ඊයේ (15) ප.ව. 4.00 සිට අද (16) ප.ව. 4:00 දක්වා වලංගු වේ. ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, දොළුව, මිණිපෙ, මැදදුම්බර සහ ගඟ ඉහළ කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු නිවේදන තවදුරටත් නිකුත් කර ඇත. තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ඒ අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, හපුතලේ, හාලිඇල, කන්දකැටිය, පස්සර, මීගහකිවුල, ඌව පරණගම, වැලිමඩ, ලුණුගල, ඇල්ල, බණ්ඩාරවෙල, සොරණාතොට, හල්දුම්මුල්ල…

Read More

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් මේ වර්ෂයේ තෙවන පාසල් වාරයේ දෙවන අදියර අද (16) දිනයේ සිට ආරම්භ කෙරේ. තෙවන පාසල් වාරයේ දෙවන අදියර පසුගිය දෙසැම්බර් මස 8 වන දින ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද පැවති ආපදා තත්ත්වය හේතුවෙන් පාසල් ආරම්භ කිරීමේ කාලය අද දිනය දක්වා කල්දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගනු ලැබීය. ඒ අනුව තෙවන වාරයේ දෙවන අදියර අද දිනයේ සිට ලබන 22 වන සඳුදා තෙක් පැවැත්වීමට නියමිත අතර 23 වන දින සිට 28 වන දින දක්වා පාසල් නිවාඩු ලබා දී තිබේ. තෙවන පාසල් වාරයේ තෙවන අදියර දෙසැම්බර් 29 වන දින සිට දෙසැම්බර් 31 දින තෙක් පැවැත්වීමට නියමිත…

Read More

ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ. ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාන, පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත ඊයේ (16) දිනයේ නිකුත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිය පදිංචි ස්ථානයේ සිට සේවා ස්ථානය වෙත පොදු ප්‍රවාහන සේවා ඇණ හිටීම නිසා සේවයට වාර්තා කිරීමට නොහැකි වූ නිලධාරීන් මාර්ග අවහිර වීම හේතුවෙන් හෝ ව්‍යසනයන්ගෙන් විපතට පත්වීම හේතුවෙන් සේවයට වාර්තා කිරීමට නොහැකි වූ නිළධාරීන් සඳහා මෙම විශේෂ නිවාඩු ලබාදීමට නියමිතයි. එම විශේෂ නිවාඩු…

Read More

අද (16) උදෑසන 7.30ට පමණ ඉඟිනිමිටිය ජලාශයෙන් තත්ත්පරයට ඝණ අඩි 1,000ක් මුදාහැරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. මේ හේතුවෙන් ජලාශය පහළ ජීවත් වන ජනතාව විමසිලිමත්ව කටයුතු කරන ලෙසට වාරිමාර්ග අධ්‍යක්ෂවරයා දැනුම් දී ඇත.

Read More

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහය දිවයිනේ කාලගුණයට බලපෑම් කරන බැවින් උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු වේ. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති විය හැකිය. සබරගමුව,…

Read More

2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.4ක ධන වර්ධන වේගයක් වාර්තා කර ඇති බව 2025 වර්ෂයේ තෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින්, ජනලේඛන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. එමෙන්ම දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන බව සඳහන් වේ. කළුතර සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) ක් පමණ දක්වා ඉහළ යා හැක. කළුතර සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට…

Read More

ටී56 වර්ගයේ ගිනිඅවියක් සහ පතරොම් සමඟ පුද්ගලයෙකු අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා වෙත ලැබුණ තොරතුරක් මත ඇල්පිටිය, සාදමුල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. එහිදි ඔහු සන්තකයේ තිබී ටී 56 වර්ගයේ ගිනි අවියක්, මැගසින් 02ක් සහ පතරොම් 45ක් සොයාගත් බව පොලිසිය පැවසුවේය. අත්අඩංගුවට ගත් සැකකකරු 64 හැවිරිදි සාදමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයෙකු බවය. අදාළ ගිනිඅවි උපයෝගි කර ගෙන මනුෂ්‍ය ඝාතන කිහිපයක් සිදුකිරීමට ද සැකකරු විසින් සූදානමින් සිට ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී…

Read More

සමාජ මාධ්‍ය භාවිතා කර සිදුකරන වංචා ඉහළ යාමක් පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසින් මහජනතාවට අනතුරු ඇඟවීමක් කර තිබේ. පසුගිය සති කිහිපය පුරා සමාජ මාධ්‍ය වේදිකා හරහා මාර්ගගත වංචා සහ මුදල් වංචා කිරීමේ උත්සාහයන් වැඩිවීමක් දක්නට ලැබෙන බව එම සංසදය පෙන්වා දෙයි. ඒ හේතුවෙන් අතිශයින්ම සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවගෙන් ඉල්ලා සිටී. එළැඹෙන උත්සව සමය සහ දැනට පවතින කාලගුණික ආපදා තත්ත්වය උපයෝගී කරගනිමින් සයිබර් අපරාධකරුන් මහජන විශ්වාසය සහ අවදානම් තත්ත්වය අයුතු ලෙස යොදා ගෙන මුදල් ගසා කෑමේ උත්සාහයක නිරතව සිටින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පෙන්වා දෙයි. රාජ්‍ය ආයතන, රාජ්‍ය…

Read More