Author: LFN
මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්ට අද (17) පැය 15ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජල නළ විතැන් කිරීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද සවස 4 සිට හෙට (18) පෙ.ව 7 දක්වා මෙම ජල සැපයුම අත්හිටවනු ලැබේ.
යුරෝ ලක්ෂ 5ක් වටිනා කිලෝ ග්‍රෑම් 69,000ක් බරැති ආපදා ආධාර තොගයක් යුරෝපා සංගමයට අයත් ජර්මනියෙන් සහ ලක්සම්බර්ග් යන දෙරටින් රැගෙන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද (17) දින අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය. මෙම ගුවන් යානය තුළ කූඩාරම්, ආහාර පිසීම සඳහා යොදා ගන්නා මුළුතැන්ගෙයි උපකරණ, මෙට්ට, ජලය පිරිසිදු කිරීමේ උපකරණ ඇතුළත් විශාල ආපදා ආධාර තොගයක් ගෙනැවිත් ඇත. මෙම ආධාර රැගත් බෝයිං – 747 විශාල භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය අද අලුයම 04.30 ට ජර්මනියේ ලීග් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. මෙම ආධාර තොගය භාර ගැනීම සදහා ශ්‍රී ලංකාවේ ජර්මානු නියෝජ්‍ය තානාපතිනිය සරා හසල්බාත් යුරෝපා සංගමයේ පියරේ ට්‍රිපොන් සහ…
රුපියල් 10,000ක අල්ලස් මුදලක් ලබා ගත් නිලාවේලි පොලිස් ස්ථානයේ රාජකාරි කරනු ලබන පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නිලාවේලි ප්‍රදේශයේ පදිංචිකාරියක විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව සිදුකරන ලද විමර්ශනයේදී සැකකරු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත. පැමිණිලිකාරියගේ විදේශගත වීමට අදාළව ලේඛණ සකස් කර ගැනීම සඳහා අවශ්‍ය වන පොලිස් වාර්තාව ලබා දීමට අවශ්‍ය කටයුතු කර දීම සඳහා 10,000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත සැකකරු ඊයේ (16) පස්වරුවේ අදාළ පැමිණිලිකාරියගේ නිවසේදී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු අද (17) කුච්චවේලි සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ මාන් ෆාමසූටිකල් පෞද්ගලික සමාගම නිෂ්පාදනය කරන සියලුම එන්නත් වර්ග මෙරට රෝහල් තුළ භාවිතය තාවකාලිකව තහනම් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කර තිබේ. එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ අදාළ එන්නත නිෂ්පාදනය කිරීමේදී සිදු වූ යම් දෝශයක් හේතුවෙන් මෙම සංකූලතා ඇතිවූ බවට පවතින සැකය මත මෙම තීරණය ගත් බවය. මේ අතර භාවිතය අත්හිටුවා ඇති ‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ එන්නත පිළිබඳ විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද කැබිනට් තීරණ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය. එන්නතේ කාණ්ඩ කිහිපයක් භාවිතය අත්හිටුවනු ලැබුවේ එහි විෂබීජයක් ඇතැයි සැක මතුවීම සහ රෝහල් කිහිපයකින් ලද පැමිණිලි…
ශ්‍රී ලංකාව වෙත අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක් ලබාදීමට ජපාන රජය තීරණය කර තිබේ. ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් යළි රට යථා තත්ත්වයට ගොඩනැඟීම සඳහා මෙම ප්‍රධාන සිදුකරන බව ජපාන විදේශ අමාත්‍ය ටොෂිමිත්සු මොටෙගි ඊයේ (16) ප්‍රකාශ කළේය. මෙම ආධාරය ජාත්‍යන්තර සහනාධාර ආයතන හරහා ශ්‍රී ලංකායේ ක්‍රියාත්මක වන වැඩපිළිවල සඳහා යොදා ගැනීමට නියමිතය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජපාන විදේශ අමාත්‍ය මොටෙගි මහතා සඳහන් කළේ, දිගුකාලීන මිත්‍ර රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවට ඉක්මනින් යළි යථා තත්ත්වයට පත් වීමට අවශ්‍ය සම්පූර්ණ සහාය ලබාදීම ජපානයේ අරමුණ බවය.
රාජාංගන ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත කිරීමට පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ වාන් දොරටු 02ක් අඟල් 4 බැගින් විවෘත කර ඇති අතර වාන් දොරටු 02ක් අඟල් 3 බැගින් විවෘත කර ඇති බවය. ඒ අනුව තත්ත්පරයට ඝන අඩි 3884ක් මුළු ජල ප්‍රමාණයක් මුදා හරින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ හේතුවෙන් අසල පහත්බිම්වල සිටින ජනතාවට අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
ආපදා තත්ත්වයෙන් රට මුදාගැනීම සඳහා තවත් රුපියල් බිලියන 500ක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පවසයි. ඔහු පවසන්නේ මේ සඳහා ආණ්ඩුව සතුව ප්‍රමාණවත් මුදල් සංචිතයක් පවතින බවය. “රු බිලියන 1,400ක් අපි වෙන්කරලා තියෙනවා එන අවුරුද්දේ ප්‍රාග්ධන වියදම් හැටියට. පාරවල් හදන්න, ඉස්පිරිතාල හදන්න වගේ දේවල්වලට. මේ සුළි කුණාටුව නිසා වෙච්ච හානියට නැවත වෙන්කිරීමක් කරන්න මුදල් තියෙනවා. මම විශ්වාස කරන්නේ නෑ ආපහු මුදල් ඕන කියලා. හැබැයි එදිනෙදා වියදම් තියෙනවා නේ ගෙවල් සුද්ද කරන්න වගේ දේවල්වලට ඒකට රු බිලියන 500ක් විතර වැඩිපුර වියදම් වෙනවා. ඒක දරාගන්න පුළුවන්. IMF එකේ කොන්දේසියක් තියෙනවා 13%යි අපිට වියදම් කරන්න පුළුවන් කියලා ප්‍රාථමික…
රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන කටයුතු සිදුකරන පාතාල කල්ලි සාමාජික ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු මත විදේශ රටක නිෂ්පාදිත ගිනිඅවියක් හා පතොරොම් තොගයක් සොයාගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී සැකකරුට අයත් ගිනිඅවියක් ඇතුළු දේපොළ දැනට විදෙස් ගතව සිටින තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු භාරයේ මෙරට සඟවා ඇති බවට අනාවරණය වී ඇත. ඒ අනුව, විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල අවියක්, ටී 56 අවි සඳහා යොදන පතොරොම් ගැබ් 02ක්, ටී 56 වර්ගයේ ජීව පතොරොම් 267ක් මෙලෙස සොයාගෙන තිබේ. එඬේරමුල්ල සිට කොළඹ නුවර මාර්ගය දක්වා ඇති අතුරු මාර්ගයේ පිහිටි තාවකාලිකව ඉදිකළ කාමරයක් පරීක්ෂා කර…
පෞද්ගලික ආරවුලක් දුරදිග යෑමෙන් පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති පුවතක් මතුගමින් වාර්තා වේ. ඊයේ (16) රාත්‍රී 11.40ට පමණ මතුගම, ඉහළ කොටස, වෝගන්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 41ක් හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ඝාතනයකට ලක්ව ඇත. ඝාතනය සිදුකළ පුද්ගලයා මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, ඉදිරි විමර්ශන කටයුතු මතුගම පොලීසිය විසින් සිදුකරනු ලබයි. ඝාතනය සිදුකළ බවට සැක 36 හැවිරිදි දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුගේ නිවසට අද (17) උදෑසන වනවිට 50 දෙනෙකු පමණ පැමිණ ගිනි තබා විනාශ කර ඇතැයි අප වාර්තාකරු පැවසීය
නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බවය. නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ…