Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රට යළි ගොඩනැගීමේ ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය
    Featured

    රට යළි ගොඩනැගීමේ ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

    By LFNDecember 11, 2025No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හානියට පත් යටිතල පහසුකම් කඩිනමින් ගොඩ නැගීම සඳහා එවැනි යටිතල පහසුකම් විෂය පථයන්ට අදාළව විදේශ අරමුදල් යටතේ දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල හදිසි ප්‍රතිචාර සංරචකයන් සක්‍රීය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    ඒ අනුව, ලෝක බැංකු සමූහය විසින් අරමුදල් සපයනු ලබන ආයෝජන ව්‍යාපෘතිවල ඇතුළත් හදිසි ප්‍රතිචාර සංරචකයන් සක්‍රීය කිරීමටත්, යෝජිත හදිසි ප්‍රතිචාර සංරචක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 92ත් 112ත් අතර මුළු මුදලක් සලසා ගැනීමටත් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

    මෑත ඉතිහාසයේ සිදු වූ දරුණුතම ස්වභාවික විපත්වලින් එකක් වන දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් හදිසි ගංවතුර සහ නායයෑම් තත්ත්වයක් රට පුරා ඇති විය.

    එමඟින්, ජීවිත හානි, ප්‍රජාවන් අවතැන් වීම, ජීවනෝපායන් විනාශ වීම සහ අත්‍යවශ්‍ය පොදු පහසුකම් විනාශ වීම මෙන්ම කෘෂිකාර්මික ඉඩම් ද විනාශයට පත්විය.

    එම තත්ත්වය යටතේ රට යළි ගොඩ නැගීම සඳහා ප්‍රමුඛතාව ලබා දිය යුතු වන අතර, ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ සිට දිගු කාලීන මැදිහත් වීම දක්වා පුළුල් රාමුවක් තුළ පියවර ගත යුතුව තිබේ.

    එමෙන්ම ද්වීපාර්ශ්වික සහ බහු පාර්ශ්වික සංවර්ධන හවුල්කරුවන්, ණය ලබා දෙන ආයතන සහ ලාභ අරමුණු කර නොගත් සංවිධාන ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව දැනටමත් ක්ෂණික මැදිහත්වීම් ආරම්භ කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    කුලී රථ රියදුරෙකුගෙන් කොල්ල කෑ පුද්ගලයාට දුන් තීන්දුව

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.