Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉවත්වීමේ රතු නිවේදන ගැන NBRO කරුණු පහදයි
    Featured

    ඉවත්වීමේ රතු නිවේදන ගැන NBRO කරුණු පහදයි

    By LFNDecember 10, 2025No Comments3 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මේ වනවිට භූමියේ පවතින තත්ත්වය සහ කාලගුණ අනාවැකියට අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇගවීම් තවදුරටත් දීර්ඝ කර තිබේ.

    ඒ අනුව දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 40කට ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇත.

    ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ,

    “මෙම ප්‍රදේශවල නිවාස බොහොමයක් අධීක්ෂණයට ලක් කරලා නිවෙස් හිමිකරුවන්ට එහි අවදානම් තත්ත්වය ගැන වාර්තාවක් ලබාදී තිබෙනවා. එම පුද්ගලයන් මෙහිදී වඩාත් සැලකිලිමත් විය යුතුයි. මෙහිදී ප්‍රකාශ කරන්නේ නැහැ මුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයම අනතුරුදායක තත්ත්වයක තියෙනවා කියලා. එහි ආරක්ෂිත ස්ථාන තිබෙනවා.”

    “තමන්ගේ නිවස පිහිටලා තිබෙන්නේ කණ්ඩියක් අසල නම් ඒ ජනතාව අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. වර්ෂාපතනය යම් ආකාරයක වැඩිවීමක් නිරීක්ෂණය වෙනවා නම් සැලකිලිමත් වෙන්න. මොකද කඳු ආශ්‍රිතව අපි ජීවත්වෙනවා කියන්නේම යම් ආකාරයක අනතුරුදායක තත්ත්වයක් පවතිනවා.”

    “නායයෑම්වලින් මරණ 458ක් වාර්තා වෙලා තිබෙනවා. කණ්ඩි කඩාවැටීම් සහ නායයෑම් 698ක් සිදුවෙලා තිබෙනවා. ගල් පෙරළීම් 37ක් වාර්තා වෙලා තිබෙනවා.”

    මේ අතර අදියර 2 යටතේ දිස්ත්‍රික්ක 5කට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 32කට අවධානයෙන් සිටින්නැයි නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකය.

    අදියර 1 යටතේ විමසිලිමත්භාවයෙන් සිටින්නැයි නිවේදනය දිස්ත්‍රික්ක 3ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17කට ක්‍රියාත්මකය.

    මෙම තත්ත්වයන් ඉදිරියේදී ලැබිය හැකි වර්ෂාපතනය මත වෙනස්විය හැකි බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

    වලංගුභාවය: 2025.12.09 දින ප.ව. 4.00 සිට 2025.12.10 දින ප.ව. 4:00 දක්වා
    අනතුරු ඇඟවීමේ මට්ටම 3 – ඉවත්වන්න (රතු)

    මහනුවර දිස්ත්‍රික්කය:
    – උඩපලාත
    – ⁠ගගවට කෝරළය
    – උඩුදුම්බර
    – ⁠දොළුව
    – ⁠මිණිපෙ
    – ⁠පාතහේවාහැට
    – ⁠මැදදුම්බර
    – ⁠දෙල්තොට
    – ⁠අකුරණ
    – ⁠ගග ඉහළ කෝරළය
    – ⁠පාතදුම්බර
    – ⁠යටිනුවර
    – ⁠තුම්පනේ
    – ⁠උඩුනුවර
    – ⁠හාරිස්පත්තුව
    – ⁠පූජාපිටිය
    – ⁠පස්බාගෙ කෝරළය
    – ⁠පන්විල
    – ⁠හතරලියද්ද
    – ⁠කුණ්ඩසාලේ

    කෑගල්ල දිස්ත්‍රික්කය:
    – මාවනැල්ල
    – ⁠රඹුක්කන
    – ⁠අරණායක
    – ⁠බුලත්කොහුපිටිය
    – ⁠ගලිගමුව
    – ⁠යටියන්තොට
    – වරකාපොල⁠⁠

    කුරුණෑගල දිස්ත්‍රික්කය:
    – රිදීගම
    – ⁠මල්ලපිටිය
    – ⁠මාවතගම

    මාතලේ දිස්ත්‍රික්කය:
    – නාඋල
    – ⁠රත්තොට
    – ⁠අඹන්ගග කෝරළය
    – ⁠උකුවෙල
    – ⁠විල්ගමුව
    – ⁠යටවත්ත
    – ⁠මාතලේ
    – ⁠පල්ලෙපොල
    – ⁠ලග්ගල පල්ලේගම

    අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න (ඇම්බර්)

    බදුල්ල දිස්ත්‍රික්කය:
    – බදුල්ල
    – ⁠හපුතලේ
    – ⁠හාලි ඇල
    – ⁠කන්දකැටිය
    – ⁠පස්සර
    – ⁠මීගහකිවුල
    – ⁠ඌව පරණගම
    – ⁠වැලිමඩ
    – ⁠ලුණුගල
    – ⁠⁠ඇල්ල
    – බණ්ඩාරවෙල
    – ⁠සොරණාතොට
    – ⁠හල්දුම්මුල්ල

    කෑගල්ල දිස්ත්‍රික්කය:
    – ⁠දෙහිඕවිට
    – ⁠දැරණියගල
    – ⁠රුවන්වැල්ල
    – කෑගල්ල⁠

    කුරුණෑගල දිස්ත්‍රික්කය:
    – ⁠පොල්ගහවෙල
    – ⁠අලව්ව

    නුවර එළිය දිස්ත්‍රික්කය:
    – ⁠නුවරඑළිය
    – ⁠අඹගමුව කෝරලේ
    – ⁠තලවකැලේ
    – ⁠නෝර්වුඩ්
    – ⁠කොත්මලේ බටහිර
    – ⁠කොත්මලේ නැගෙනහිර
    – ⁠වලපනේ
    – ⁠හගුරන්කෙත
    – නිල්දණ්ඩාහින්න
    – ⁠මතුරට

    රත්නපුර දිස්ත්‍රික්කය:
    – ⁠කහවත්ත
    – ⁠ගොඩකවෙල
    – ⁠කොලොන්න

    අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ)

    ගම්පහ දිස්ත්‍රික්කය:
    – ⁠අත්තනගල්ල
    – ⁠දිවුලපිටිය
    – ⁠මීරිගම

    කුරුණෑගල දිස්ත්‍රික්කය:
    – නාරම්මල

    රත්නපුර දිස්ත්‍රික්කය:
    – කිරිඇල්ල
    – ⁠රත්නපුර
    – ⁠ඇහැළියගොඩ
    – ⁠කුරුවිට
    – ⁠ඇලපාත
    – ⁠අයගම
    – ⁠බලංගොඩ
    – ⁠කලවාන
    – ⁠ඉඹුල්පෙ
    – ⁠නිවිතිගල
    – ⁠ඕපනායක
    – ⁠පැල්මඩුල්ල
    – ⁠කල්තොට

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202604 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.