Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මනුෂ්‍ය ඝාතනයක් සැලසුම් කළ 05ක් අත්අඩංගුවට
    Featured

    මනුෂ්‍ය ඝාතනයක් සැලසුම් කළ 05ක් අත්අඩංගුවට

    By LFNDecember 11, 2025No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට සැලසුම් කළ සැකකරුවන් 05 දෙනෙකු බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    දෙහිවල – වනරතන පාර ප්‍රදේශයේ ක්‍රීඩාපිටියක් අසලදී පසුගිය 06 වනදා ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදුකිරීමේ අපරාධයට පළිගැනීමක් වශයෙන් දෙහිවල ප්‍රදේශයේදීම මෙම ඝාතන සැලැස්ම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

    ඒ අනුව, පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා පෙර සැළසුම් සකස් කිරීම, කුමන්ත්‍රණය කරීම, එම වරදට ආධාර අනුබල දීම, නීති විරෝධි අයුතු ජනරාශියක සමාජිකයින් වශයෙන් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනෙකු ඊයේ (10) පෙරවරුවේ රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරුවන් අවුරුදු 22 හා 36 යන වයස්වල පසුවන පංකුලම, රත්මලාන, බොරලැස්ගමුව, හා මොරටුව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

    අත්අඩංගුවට ගත් පංකුලම ප්‍රදේශයේ පදිංචි සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 15 ක් සොයා ගෙන ඇත.

    එම සැකකරු 2025.01.19 වන දින ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය සිදුකිරීමේ අපරාධයේ වෙඩික්කරු වශයෙන් ක්‍රියාකර ඇති අතර එම අපරාධයට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අයෙකු බවද වාර්තා වේ.

    තවද සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත අපරාධය සිදුකිරීම සඳහා භාවිතා කිරීමට සුදානම් කර තිබූ යතුරුපැදියක්ද සොයා ගෙන ඇති අතර එම යතුරුපැදියේ සවිකර තිබූ අංක තහඩුවක ලියාපදිංචි අංකය හෝමාගම පොලිස් වසමේදී සොරකම් කල යතුරුපැදියක අංකය බවට අනාවරණය වී ඇත.

    සැකකරුවන් අද (11) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202607 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.