Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොළඹ නගරයේ ගංවතුරට හේතුව අනවසර ඉදිකිරීම් බව අගමැති කියයි
    Featured

    කොළඹ නගරයේ ගංවතුරට හේතුව අනවසර ඉදිකිරීම් බව අගමැති කියයි

    By LFNDecember 10, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ නගරය ජලයෙන් යටවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ පෞද්ගලික දේශපාලන අවශ්‍යතා මත අනවසර ඉදිකිරීම් සිදුකිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසන්නීය.

    කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

    “කොළඹ දිස්ත්‍රික්කය තුළ හරි සැලසුම් නැතුව එක එක දේශපාලන න්‍යාය පත්‍ර මත, අතිශ්‍යයින්ම පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර තුළ ගත්තු තීරණ නිසා තමයි කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව මේ විදියට අවදානම් තත්ත්වයකට මුහුණදීලා තියෙන්නේ කියන එක ඉතාම පැහැදිලියි. ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු විදියට මින් ඉදිරියට මේ විදියට අනවසර ඉදිකිරීම් ඒ වගේම අවදානම් සහිත තැන්වල මේ විදියට ජනතාවට ඉදිකිරීම් කරන්න මෙවැනි තත්ත්වයන්වලට කිසිසේත්ම ඉඩතියන්නේ නෑ කියන එක අපි තහවුරු කළා. කොළඹ දිස්ත්‍රික්කය තුළ අවදානම් සහිත ප්‍රදේශවල ඉන්න ජනතාවට විකල්පයන් ගත යුතුයි කියලා අපි සාකච්ඡා කළා.”

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවේ, කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය සඳහා පොදු සැලැස්මක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවය.

    “අපිට සැලසුමක් නැතිව නීතිරීති ගැන කිසිම තක්සේරුවක් නැතුව කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධනය කියන නාමයෙන් අනවසර ඉදිකිරීම් කරන්නත් ජනාවාස හදන්නත් ඉඩදෙන්න බෑ. ඒ නිසා කොළඹ ජනතාවගේ ආරක්ෂාව තහවුරු වෙන විදියට, කොළඹ ජනතාවට වාර්ෂිකව ගංවතුර ජීවිතේ කොටසක් වෙන විදියට පත්වෙන්න තත්ත්වයකට අපි කිසිසේත්ම ඉඩ තියන්නේ නෑ. ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අදාළ ආයතන එක්ක අපි කතා කළේ. ඒ අනුව අපි යෝජනා කරලා තියෙනවා සියලුම ආයතන එකතු වෙලා කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනයට පොදු සැලැස්මක් ඉදිරිපත් කරලා ඒ අනුව ක්‍රියාත්මක වෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202607 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.